WHAT'S NEW?
  • We are happy to share the Korean edition with you. READ MORE
  • Don’t miss the newest edition – The Chinese manual READ MORE
  • New: Case studies on investigative reporting from the Balkans READ MORE

අප ගැන

ගවේෂණාත්මක ජනමාධ්‍ය අත්පොත (The Investigative Journalism Manual - IJM) නිර්මාණය  කෙරුණේ Global Media Programmes of the Konrad Adenauer Stiftung (KAS) හි ව්‍යාපෘතියක් ලෙසිනි. මේ සදහා දායකත්වය ලබාදුන් අනෙක් පාර්ශ්වකරුවන් වන්නේ ජොහැනස්බර්ග් හි පිහිටි the Media Programmes (උප සහරානු කලාපය), සිංගප්පූරු (ආසියාව) හා සොෆියා (අග්නිදිග යුරෝපය) ආදියයි.

මාධ්‍යවේදීන්ව ගවේෂණාත්මක වාර්තාකරණ හැකියාවන්ගෙන් හා දැනුමින් සන්නද්ධ කිරීම මෙන්ම අතිශය අසීරු තත්ත්වයන් වලදී ඔවුන්ට සහයදීමට IJM ගොඩනගා තිබේ. මෙමගින් ජනමාධ්‍යවේදීන් දියත් කරන කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස දැනටමත් ස්ථාපිත වී පවතින ප්‍රජාතාන්ත්‍රික ආයතන ශක්තිමත් කිරීම හෝ ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයන් නැති අවස්ථා වලදී ඒවා ස්ථාපිත කිරීමට වුවමනා අභිප්‍රේරණය හිමිවනු ඇත. මෙම අත්පොත KAS මාධ්‍ය වැඩසටහන (KAS Media Programme), මීට වසර හතකට පෙර අප්‍රිකානු කලාපය පදනම් කරගෙන පළකල මාර්ගෝපදේශයේ යාවත්කාලීන පියවරක් වන අතර එය වාර්ෂිකව පරිශීලනය කළ පිරිස 30,000 කට අධිකය. මෙම අත්පොත KAS Global Media මගින් සංශෝධනය කිරීම හා එහි පරිච්ඡේද ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කර තිබීම  බොහෝ පිරිසක් එය පරිශීලනය කිරීමට හේතුවිය.

අප්‍රිකාව හා ආසියානු කලාපයේ සේවයේ යෙදෙන ගවේෂණාත්මක මාධ්‍යවේදීන් අතිශය අභියෝගාත්මක පරිසරයක කටයුතු කරන අතර විශේෂයෙන්ම, ඔවුන්ට බාධා කිරීම වෙනුවෙන්ම නිර්මාණය වූ පද්ධති ද ස්ථාපිත වී පවතියි. මර්දනකාරී මාධ්‍ය නීති, ත්‍රස්ත විරෝධී රෙගුලාසි, විනිවිදභාවයෙන් තොර සංස්කෘති හා සීමිත සම්පත් පැවතීම වැනි අභියෝග ආදියට මාධ්‍යවේදීන්ට මුහුණදීමට සිදුවන විට ඊට අත්වැලක් ලෙස මෙම අත්පොත සකස් කර ඇත. පාඨකයින්ට සිය දැනුම පිරික්සා බැලීමට සෑම පරිච්ඡේදයක් අවසානයේදීම ප්‍රශ්නාවලියක් ලබාදී තිබීම හේතුවෙන් IJM ප්‍රායෝගික පුහුණුවෙන් සපිරි සුවිශේෂී අත්පොතක් වේ. ඒ ඒ තේමාවන් වලට අදාළ සිද්ධි අධ්‍යයන අන්තර්ගතව ඇති අතර ඉදිරියේදී මෙම සිද්ධි අධ්‍යයන යාවත්කාලීන වනු ඇත.

The Konrad Adenauer Stiftung (KAS) ජර්මානු දේශපාලන පදනමකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමේ ගෝලීය උපදේශකයෙකු මෙන්ම මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ද කැපවී සිටියි. මෙබැවින් KAS දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තු හා සමාජ කණ්ඩායම් වලට පුහුණුව හා වැඩිදුර අධ්‍යාපනය ලබාදී සවිබල ගැන්වීමෙන් නිදහස් හා ස්වාධීන මාධ්‍යය සංවර්ධනයට දායකත්වය ලබාදේ. සමාජයේ ප්‍රභූ පිරිස් වල ස්ථාවරත්වය, කාර්යක්ෂමතාවය හා විවෘතභාවය මත ඕනෑම සමාජයක සාර්ථකත්වය රැඳී පවතී. KAS වගවීමෙන් යුතු අනාගත ප්‍රභූ ප්‍රජාවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සහය ලබාදේ.

KAS හි කාර්යභාරය පදනම් වන්නේ ජර්මානු ව්‍යවස්ථානුකූල නීතියේ වටිනාකම්, නිදහස හා සාධාරණත්වයේ මූලධර්ම, සාමය හා සහයෝගීතාවය යන මූලධර්ම මතයි. මෙහි ක්‍රියාකාරකම් මගින් ක්‍රිස්තියානි ධර්මයේ සමාජ වටිනාකම් හා ලිබරල් ආචාරධර්මයේ කැපවීම් විදහා දක්වයි.

අප සමාජය ගැන දරන දැක්ම පදනම් වී තිබෙන්නේ නිදහස හා සාධාරණත්වයේ අන්තර් ක්‍රියාකාරී අදහස් මතයි, ස්වාධීන ජයග්‍රහණ හා ඒකාබද්ධ සහයෝගීතාව සමගින් පොදුජන යහපත උදෙසා කටයුතු කළහැකිය.