1.1. පුද්ගලයින්ව කතාවට පොළඹවා ගැනීම


අතිශය පුද්ගලික පුවතක් බෙදාහදා ගැනීමට ඇති පුද්ගලයෙකුව හමුවී කතාබහ කිරීම හෝ දුරකථනයෙන් ඔවුන් හා සම්බන්ධ වී ගවේෂණාත්මක පුවතේ අරමුණ, එහි ස්වභාවය පදනම් කරගෙන අදහස් විමසිය හැකිය. මෙලෙස හමුවී කතාබහ කිරීමට කැමති එක් මූලාශ්‍රයක් සමග සම්බන්ධ වනවිට නිරන්තරයෙන් ඔබව ප්‍රතික්ෂේප වේ නම් අනපේක්ෂිත මොහොතක ඔහුව හමුවීමට උත්සහ ගන්න, නැත්නම් ඔහුගේ කාර්යාලයේ ඔහු පැමිණෙන තෙක් රැඳී සිටින්න, ඔහු පැමිණේ යැයි අපේක්ෂා කරන ජාතික උත්සවයකදී ඒ වෙනුවෙන් බලා සිටින්න.

කෙසේවුවත්, මේ උපාය මාර්ගය පෙරළා ඔබට අහිතකර අන්දමින් බලපාන්නට ද ඉඩ තිබේ, ඔවුන් එනතෙක් සැඟවී සිටින බව නොපෙන්වමින් ඔබ කටයුතු කළයුතුයි. ඔබ කවුදැයි යන්න විනීතව හඳුන්වා දී ඔවුන් සමග කතාබහ කිරීමට අවස්ථාවක් ලබාගන්න. සැකයක් ඇතිවීමට ඉඩක් තිබේනම්, අදාළ පුද්ගලයාගේ පාර්ශ්වයෙන් ඔබට ‘දොරගුළු විවර කරදෙන අයෙකු‘ අවශ්‍ය වේ.

සමාගමක, සංවිධානයක හෝ ආණ්ඩුවක පාර්ශ්වයකින් ඉල්ලා සිටින ඕනෑම සම්මුඛ සාකච්ඡාවකදී විධිමත් ප්‍රවේශයක් අනුගමනය කළයුතුවේ, බොහෝවිට අදාළ ආයතනයේ ප්‍රවෘත්ති අංශය / මාධ්‍ය අංශය හරහා මෙය සිදුවනු ඇති අතර හැමවිටම ආචාරශීලීව කටයුතු කරන්න.

දුරකථන ඇමතුමක් ලබාගැනීමට හෝ පුද්ගලයෙකුව හමුවීමට පෙරාතුව ඉතා කෙටි හැඳින්වීමේ කතාවක් පැවැත්වීමට පෙර පුහුණු වීම අතිශය ප්‍රයෝජනවත් වනු ඇත, මේ කතාවේදී ඔබ විසින් පැවසිය යුතු කරුණු ඉතා කෙටියෙන් ඉදිරිපත් කළයුතුවේ. ඔබ මාධ්‍යවේදියෙකු බව ඔවුන්ට හෙළිදරව් කරන්නේ මේ කුමන මොහොතේදී දැයි ඔබ සිතා බැලිය යුතුවේ. ඔබේ වෘත්තීය ගැන සත්‍ය සඟවාගෙන සිටිමින් වෙනත් අයෙකු බව පවසන්නේ කුමන තත්ත්වයන් යටතේද ? (උදා – අලෙවි නියෝජිතවරයෙක්), ඔබ ඒ භූමිකාව ගොඩනගා ගන්නේ කෙසේද ?

ඉදිරියේදී ඔබට වැදගත් වන මූලාශ්‍රයක් බවට සාමාන්‍ය කතාබහක යෙදෙන තැනැත්තෙකු  පත්කරගන්නේ කෙසේද යන්න ගැන සැලකිලිමත් වන්න. මෙවැනි සාකච්ඡාවකට අවශ්‍ය සැලැස්මක් හා ප්‍රශ්නාවලියක් පූර්වයෙන්  සකස් කරගන්න. මේ පුද්ගලයා වඩාත් උනන්දු වන්නේ මොනා ගැනද ?, මූලාශ්‍රය සිය කාර්යාලයේදී මුහුණදෙන ගැටළු ගැන කතාබහ කිරීමට යොමුකරගන්නේ කෙසේද ?, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරියෙකු හා මත්පැන් හලක සේවකයෙකු සමග කතාබහ කරනවිට සාකච්ඡාවට පිවිසෙන අන්දම වෙනස්ද ? ඒ කෙසේද ?,  කිසිදිනක සාමාන්‍ය රැකියාවක නියැලෙන අයෙකු ගැන අවතක්සේරු නොකරන්න. මේ තොරතුරු ලබාගැනීමට කැපකළ යුතු කාලය වෙනුවෙන් නිශ්චිතව කැපවන්න, එමෙන්ම යථාර්තවාදී වන්න. රාජ්‍ය ඇමතිවරයෙකුගේ කාලයෙන් විනාඩි 15 ක් ලබාගැනීම අතිදුෂ්කරය. නමුත්, කම්පනයට ලක්වී සිටින පුද්ගලයෙකුට සිය තොරතුරු විවෘතව පැවසීමට දවසක් වත් අවශ්‍ය වනු ඇත.

සම්මුඛ සාකච්ඡාවට පිවිසීමට පෙර ප්‍රශ්න පූර්වයෙන් යොමුකරන ලෙස මූලාශ්‍රය පවසන්නේ නම් එය එලෙසම සිදුකිරීමට ඔබට සිදුවනු ඇත. නමුත්, මෙය හොඳ පුරුද්දක් නොවේ. ඔබේ සම්මුඛ සාකච්ඡාවේදී ආවරණය කිරීමට බලාපොරොත්තු වන මාතෘකා පිළිබඳ පුළුල් විස්තරයක් යැවිය හැකිදැයි බලන්න.

ප්‍රශ්න පූර්වයෙන් සකස් කරගෙන ගොස් මූලාශ්‍රයෙන් එම කරුණු පමණක් විමසීම කෘතිම සම්මුඛ සාකච්ඡාවක් වනු ඇත. සම්මුඛ සාකච්ඡාව අතරතුරදී පැන නගින ප්‍රශ්න විමසීමට නිරන්තරයෙන් උත්සහ ගන්න.

මූලාශ්‍රය ඔබව හමුවීම ප්‍රතික්ෂේප කරන නමුත්, ප්‍රකාශයක් නිකුත් කිරීමට ද ඉඩ තිබේ. මෙවැනි අවස්ථාවකදී ඔබේ ගවේෂණාත්මක පුවත සම්බන්ධයෙන් කටයුතු කිරීමට හොඳම මග කුමක්දැයි සංස්කාරකවරයා සමග සාකච්ඡා කළයුතුවේ. මෙවැනි අවස්ථාවකදී BBC සම්මතය යෝග්‍ය බව The Centre for Investigative Journalism පවසයි, ‘‘අපි සම්මුඛ පරීක්ෂණයක් ඉල්ලා සිටියත් කිසිවෙකු ඊට පිළිතුරු දීමට මැදිහත් නොවී ප්‍රකාශය ෆැක්ස් පණිවිඩයක් ලෙස යොමුකරනවා‘‘.

මූලාශ්‍රය ඔබ සමග කතාබහ කිරීමට කැමති නම් හමුවීමට සුදුසු ස්ථානයක් තෝරාගන්න. පුද්ගලයෙකුගේ කාර්යාලය හෝ නිවස මානසික වශයෙන් ඔවුන්ට සුවපහසු බවක් ගෙන දේ, නමුත්, ඔවුන්ව එක් තේමාවකට සන්දර්භගත කළවිට තරමක අපහසු ගතියක් ද ගෙනදෙනු ඇත. ඔබේ කාර්යාලය ඔබට මානසික අස්වැසිල්ලක් ලබාදුන්නද එය ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන තැනක් නොවීමට ඉඩ ඇත. සම්මුඛ සාකච්ඡාවේ ස්වභාවය ගැන හිතන්න, වඩාත් සුදුසු එය එය නිහඬ තැනක ගැනීම ද නැත්නම් මහජනයා ගැවසෙන ස්ථානයක ගැනීම දැයි යන්න ගැන සිතාබලන්න, අතිශය ඝෝෂාකාරී තැනක මෙය සිදුවෙනවා නම් සංවාදය පටිගත කිරීමේදී එය බාධාවක් වනු ඇත.

විධිමත් සම්මුඛ සාකච්ඡා වලදී මුණගැසෙන ස්ථානය, වෙලාව ආදිය දුරකථන ඇමතුමක්, ෆැක්ස්පතක්, ඊමේල් පණිවිඩයක් මගින් සහතික කරගන්න. තමන්ට අමතක වූ බව පවසන්නට මූලාශ්‍රයට මෙහිදී ඉඩක් නොලැබෙනු ඇත. මූලාශ්‍රයේ පාර්ශ්වය නියෝජනය කරන පුද්ගලික ලේකම්වරයෙකු ‘පසුව කතාකරන්නම්‘ යැයි පැවසුවහොත් ඒ වෙනුවෙන් බලා නොසිට, නිශ්චිත ප්‍රතිචාරයක් ලැබෙන වෙලාවක් ගැන විමසා නැවතත් සම්බන්ධ කරගන්න. කරදරකාරයෙකු නොවී ඔබේ තොරතුරු ලබාගැනීමට අඛණ්ඩව උත්සහ ගන්න.