WHAT'S NEW?
  • We are happy to share the Korean edition with you. READ MORE
  • Don’t miss the newest edition – The Chinese manual READ MORE
  • New: Case studies on investigative reporting from the Balkans READ MORE

1. ප්‍රශ්නාවලිය සකස් කරගන්නා ආකාරය

සම්මුඛ පරීක්ෂණය අතිශය සාර්ථක නොවූවද ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැකි අන්දමට ප්‍රශ්නාවලිය සකස් කරගන්න.

  1. 1.  සම්මුඛ සාකච්ඡාවට පිවිසීම (පුද්ගල සම්බන්ධතාවක් හෝ අනොන්‍ය බැඳීමක් ඇතිකරගැනීම)
  2. 2. මූලික තොරතුරු විමසීම, මේ අතරතුරදී ඔබට දැනගැනීමට වුවමනා සමහර කරුණු ස්ථිරව තහවුරු කරගැනීම ද සිදුකරන්න
  3. 3. මෘදු ප්‍රශ්න
  4. 4. ද්‍රෘඩ ප්‍රශ්න

2. මූලික අදියර

මූලාශ්‍රය කිසිදු අපහසුවකින් තොරව ප්‍රශ්න වෙත පිවිසීමට කෙතරම් කාලයක් ගතවනු ඇත්දැයි දළ වශයෙන් සිතාබලන්න. කෙසේවුවත්, සම්මුඛ පරීක්ෂණයේ මුල් අදියර කෙටි හා සැහැල්ලු, සංස්කෘතික වටිනාකම් වලට අනුකූල වේද, ඔබට හැකි තරම් ඉක්මනින් ප්‍රවේශ විය හැකිදැයි විමසන්න. සම්මුඛ පරීක්ෂණය තාර්කික ව්‍යුහයක් අනුව සැකසී තිබෙන බව සහතික කරගන්න, පළමුව ඔබට විමසීමට තිබෙන තොරතුරු මූලික කරගත් ප්‍රශ්න ගොඩනගාගන්න, ඉන්පසුව, වඩාත් අභියෝගාත්මක ප්‍රශ්න විමසන්න.

ඔබේ ප්‍රශ්න වඩාත් පහසුවෙන් තේරුම්ගැනීමට හැකි, පැහැදිලි හා අදාළ කාරණය ඉලක්ක කරගෙන යොමුවෙන ඒවා විය යුතුවේ. දීර්ඝ ප්‍රශ්න නොව කෙටි ප්‍රශ්නාවලියක් යොමුකිරීම ඔබේ මූලාශ්‍රය අපහසුවට පත් කිරීමට හේතු නොවනු ඇත. මෙම ප්‍රශ්න විමසන අතරතුරදී පැන නැගිය හැකි ප්‍රශ්න ගැන ද සැලකිලිමත් වෙන්න. බහු පාර්ශ්වීය ප්‍රශ්න විමසීමෙන් වැළකී සිටින්න. උදාහරණයක් ලෙස ‘ඇමතිතුමා ටෙන්ඩර් අක්‍රමිකතා ගැන ඔබතුමා දැනුවත්ද ?, ඔබ මේ ටෙන්ඩර් ක්‍රියාවලිය අධීක්ෂණය කළාද ? , ඔබ කොන්ත්‍රාත්තුව ලබාගත්තේ ඇයි ?‘‘ යනාදී ප්‍රශ්න. එකදිගට මෙවැනි ප්‍රශ්නාවලියක් යොමුකළ විට සාමාන්‍යයෙන්  එක් ප්‍රශ්නයකට පමණක් පිළිතුරු ලැබෙනු ඇති අතර ඉන්පසු ඔබේ මූලාශ්‍රය සංවාදයකට යොමුවෙනු ඇත.

3. නිශේධනාත්මක අදහස් දැක්වීම්

අනවශ්‍ය ව්‍යාකූලත්වයන් ඇතිකරන ද්විද්ව නිශේධන අදහස් දැක්වීම් වළක්වා ගන්න. උදාහරණයක් ලෙස, ‘‘ඔබ මුදල් ආපසු නොගෙව්වා යැයි පැතිරෙන කතාව ඇත්තක් නෙමෙයිද ?‘‘.

මෙවැනි ප්‍රශ්නයකදී මුදල් හෝ පැතිරෙන කතාවේ සත්‍ය, අසත්‍යතාව ගැන වූ උත්තර ඔබ විසින්ම සපයා දී ඇත (කටට උත්තර දෙනවා). මෙය ‘‘ඔබ මුදල් ආපසු නොගෙවූ බව ඇත්තක්ද ?‘‘ ලෙස පැහැදිලිව හා සරළව විමසිය හැක. නැත්නම්, ‘‘ඔබ මුදල් ආපසු ගෙව්වාද ?‘‘ ලෙස විමසීම වඩාත් යෝග්‍ය වේ. ‍

4. මූලික කරුණු

ප්‍රශ්නාවලියට තහවුරු කිරීමේ ප්‍රශ්න ඇතුළත් කරන්න. මින් අදහස් වන්නේ ඔබ දැනටමත් පිළිතුර දන්නා ප්‍රශ්නය. මෙවැනි ප්‍රශ්න මගින් මූලික කරුණු ආවරණය වන අතර ඔබේ මූලාශ්‍රයේ නිරවද්‍යතාව පිළිබඳව අදහසක් ලබාගැනීමට හැකිවනු ඇත.

ප්‍රශ්නාවලිය අතිශය සරළ නිසා මූලාශ්‍රය කලබලයට පත්වේ නම් ඊට විරෝධය නොපා, ‘‘මගේ වචන වලින් නොව, ඔබේම වචන වලින් පාඨකයින් මේ කරුණු දැනගත යුතුයි.‘‘ යනුවෙන් පැහැදිලි කර දෙන්න.

5. විවෘත හා සංවෘත ප්‍රශ්න

සංවෘත ප්‍රශ්න (ඔව්, නැහැ යනුවෙන් පිළිතුරු ලැබෙන හෝ එක් වචනයකින් පිළිතුරු දිය හැකි ප්‍රශ්න) ගැන හා විවෘත ප්‍රශ්න (මූලාශ්‍රයේ අදහස් දීර්ඝව පැහැදිලි කරන ප්‍රශ්න) ගැන අවබෝධයෙන් සිටින්න. ප්‍රශ්නාවලියේදී සංවෘත හා විවෘත ප්‍රශ්න කලවමේ යොදන්න, සංවෘත ප්‍රශ්න එක් ඉලක්කගත කරුණක් ගැන විමසීමේදී පමණක් භාවිත කරන්න.