1.3. සම්මුඛ සාකච්ඡාවකදී මෙවලම් භාවිතය


සම්මුඛ සාකච්ඡාවකට පෙර ඔබ භාවිත කිරීමට අදහස් කරන ඕනෑම මෙවලමක් පරීක්ෂා කරන්න. පටිගත කිරීම හා සටහන් තබාගැනීමට යොදාගන්නා සෑම උපකරණයක්ම නිසි ලෙස ක්‍රියාත්මක වේද ? යන්න සහතික කරගන්න, ඒවාට අවශ්‍ය අමතර කොටස් ද අමතක නොකර රැගෙන යන්න (පෙන්, පටිගත කිරීමේ තැටි, බැටරි, එස්.ඩී.කාර්ඩ් ආදිය). සම්මුඛ පරීක්ෂණයේදී ඔබට තොරතුරු ලබාදුන් මූලාශ්‍රය පැවසූ ඕනෑම තොරතුරක් ඕනෑම දෙයක් වෙනුවෙන් භාවිත කිරීමට අවසර ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය ආකෘති පත්‍රයක් අරගෙන යන්න. විකාශය කිරීමට සැලසුම් කරන දීර්ඝ සම්මුඛ සාකච්ඡාවලදී මෙවැන්නක් වුවමනා වනු ඇත. කිසියම් දේශපාලන පක්ෂයක හෝ ආයතනයක නිළ ප්‍රකාශකයෙකු නම් ඔහුගේ / ඇගේ රැකියාව නිර්වචනය කිරීම අත්‍යවශ්‍ය නොවනු ඇත, මෙවැනි අය ඔබට සම්මුඛ සාකච්ඡාවක් ලබාදීමට එකඟවී ඇත්නම් එය ඔබට කැමති අන්දමින් භාවිත කිරීමේ හැකියාව ඔබ සතුය. කෙසේවුවත්, ඔබ සම්මුඛ සාකච්ඡාව ජනගත කරන ආකාරයට ඔවුන් අකමැති නම් ඒ ගැන පැමිණිලි කිරීමේ අයිතිය ඔවුන් සතුය.