1. ගවේෂණාත්මක පුවතක් සැලසුම් කරගන්නේ කෙසේද ?

1. ගවේෂණාත්මක පුවතක් සැලසුම් කරගන්නේ කෙසේද ?


යම් අදහසකට එළඹී සෘජුවම ගවේෂණය වෙත පිවිසීමට නොහැකිය. ගවේෂණාත්මක පුවතකදී බරපතල සමාජ වගකීමක් හා නීතිමය අවදානමක් දැරීමට සිදුවන නිසා ඔබේ වාර්තාකරණය නිවැරදි, නිරවද්‍ය හා පරිපූර්ණව ඉදිරිපත් කිරීමට වගබලාගත යුතු වන්නේ ඔබේ සිතට නැගෙන අදහස ආරම්භයක් පමණක් වන බැවිනි. මාධ්‍ය තුළ කටයුතු කිරීමේදී සුවිශේෂී සම්පත් වුවමනා වන අතර එය සාමූහික ප්‍රයත්නයක් වීම මෙන්ම අනෙක් සගයන් සමග මනා සන්නිවේදනයක් හා අවශ්‍ය සම්පත් වෙත ප්‍රවේශ වීම සහතික කිරීම මෙහිදී අවශ්‍ය වේ. මේ සියලු හේතු කාරණා නිසා ඔබ රචනා කරන ගවේෂණාත්මක පුවතේ සෑම අදියරක්ම දිගහැරෙන අන්දම ගැන ප්‍රවේශමෙන් සැලසුම් කළයුතු වේ.

ඔබේ අදහස පහළ වන අන්දම ඔබේ වැඩ සැලැස්ම ද හැඩ ගස්වනු ඇත. ඔබේ නිරීක්ෂණයන්ගෙන් හෝ අවිනිශ්චිත සාක්ෂි වලින් මේ අදහස ලැබුණහොත් මෙම පුද්ගලික අත්දැකීම් පුළුල් ප්‍රවණතාවක් හෝ ගැටළුවක් බව සහතික කරගන්න. මේ අදහස ඉඟියකින් ලැබුණේ නම් මේ පුවත පිළිබඳ වැඩිදුර කරුණු සොයාබැලීමට මත්තෙන් මූලාශ්‍රයේ සත්‍යතාව, විශ්වසනීයත්වය හා ප්‍රභවය ගැන විමසා බලන්න. මේ කරුණු නිදොස් හා බිඳහෙලිය නොහැකි  බව සොයාගත්තත් ඔබේ පුවතේ පළමු අදියරේදී කළයුත්තේ ගවේෂණය ඔප්පු කරන කල්පිත හෝ ප්‍රශ්න ගැන දැඩි අවධානයක් යොමුකිරීමයි. කෙසේවෙතත්, සැලැස්මේ මූලික අදියර කිසිවිටකත් නිශ්චිත තැනකින් ආරම්භ නොවන අතර ඔබේ ගවේෂණය මගින් අනාවරණය කළ හැකි නව තොරතුරු හා නව මඟ පෙන්වීම් සමග කටයුතු කිරීමට ප්‍රමාණවත් ඉඩකඩක් තිබිය යුතුවේ.

බොහෝවිට ගවේෂණාත්මක පුවතක් පුළුල් පරාසයකින් යුතු මාතෘකා පිළිබඳ විමර්ශනය කිරීමට ඉඩ සලසන තේමාවකින් පටන් ගනී. ඇමරිකානු පුවත්පතක් වන Atlanta Journal-Constitution හි හිටපු කළමනාකාර කර්තෘ මෙන්ම ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන තෝමස් ඔලිවර් පවසන්නේ, ‘‘ගවේෂණාත්මක ව්‍යාපෘතියක් යනු යම් විෂයක් ගැන දැනගැනීමට අවශ්‍ය සියල්ල අන්තර්ගත වූ ඒවා ආවරණය කරන්නක් වන බවයි. මෙය දුර්වලකමක් මිස ශක්තියක් නොවේ‘‘ යන්නයි.

මෙවැන්නක් සංවර්ධනය කිරීමට හා දියුණු කිරීමට හොඳ තාක්ෂණයක් වන්නේ ඔබේම මාර්ගයකට අනුව එය රචනා කිරීමයි. ගවේෂණාත්මක පුවතේ සැකිල්ල විස්තර කරන ඡේදයක් ලෙස කථා සාරාංශයක් සෑදීමට උත්සහ කරන්න. මෙය පුවතේ සිතුවිලි හා සිදුවිය හැකි පැහැදිලි කිරීම් ගැන සටහනක් සැකසිය යුතුවේ. පුවත දේශීය දැක්මකට අනුව රාමුගත වී තිබේද නැත්නම් කලාපීය හෝ ජාතික ඇඟවුමකින් ලියැවී තිබේද යන්න වටහාගැනීමට එය උපකාරී වේ. පහත ප්‍රශ්න ගැන මෙම අදියරේදී සලකා බලන්න.

  • > සිදුවී තිබෙන්නේ කුමක්ද ? ඔබේ පාඨකයින් සැලකිලිමත් වන්නේ ඇයි?
  • > ඊට සම්බන්ධ පුද්ගලයින් කවුද ? ඔවුන් එය කළේ කොහොමද ? එහි ප්‍රතිඵල මොනවාද ?
  • > වැරදුණේ කුමක්ද ? එය වැරදුණේ කෙසේද ? එය වැරදුණේ ඇයි ? එහි ප්‍රතිඵල මොනවාද ?
  • > ප්‍රවෘත්තිය කුමක්ද ? කතාව කුමක්ද ? පුවත සමග සම්බන්ධ වී තිබෙන ප්‍රධාන වචන මොනවාද ?
  • > තර්කය කුමක්ද ? පුවත ප්‍රකාශයට පත්වුවහොත් එයින් ප්‍රතිලාභ අත්වන්නේ හෝ දුක් විඳීමට සිදුවන්නේ කාහටද ? සමාජයීය සාරධර්ම හෝ හැසිරීම පිළිබඳව විවාදයට ඉඩ සැලසෙන්නේද ?  වැරදි පද්ධති හෝ ක්‍රියාවලීන් පුවත තුළ හුවා දක්වනවාද ?

මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් ගවේෂණාත්මක පුවතක් ඉදිරිපත් කළ හැකි ආකාර හා විමර්ශනය සදහා යා යුතු දිශාව හඳුනාගැනීමට හැකිවේ.


උදාහරණයක් ලෙස ජල සම්පාදන සේවාවන් පුද්ගලීකරණයෙන් අනතුරුව විශාල වශයෙන් පාචනය පැතිරී ගියහොත්, ඔබ ඒ ගැන රචනා කරන පුවතේදී මිනිස්සුන්ට පෞද්ගලික සමාගමකින් ජලය මිලදීගැනීමට නොහැකි (සාධාරණ මිලකට) වන විට ඔවුන් ජලය සොයාගන්නා ආකාරය ගැන රාමුගත කළහැකි වේ. නැත්නම් ජල පිරිසැකසුම් ස්ථානයේ සුරක්ෂිතතාව ගැන බලන අන්දමින් රචනා කළහැකි වේ. මේ ප්‍රශ්න පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වීමෙන් පුවත යටින් පවතින වටිනාකම් ගැන අවධානය යොමුකිරීමට උපකාරී වේ. පොදු අවශ්‍යතා, ප්‍රමුඛතා ආදිය මෙහිදී හඳුනාගත හැකිවේ. ගවේෂණාත්මක පුවත රාමුගත කිරීමේදී විවිධ ආකාර වලින් අර්ථකතනය කළ හැකි පාරිභාෂිත වදන වලින් වැළකිය හැකිවේ. ඔබට අවශ්‍ය සියලු සාක්ෂි එකතු කරගත් පසු මේ ප්‍රශ්න වලට නැවත යොමුවිය හැකි අතර සුදුසු මාර්ගය තුළ ඔබේ ලේඛනය සකස් කරගත හැකි වේ. ගවේෂණාත්මක පුවතකට සුදුසු කතා පුවතක් ගැන හොඳින් සිතාබැලූ පසු ඔබේ අදහස් නිශ්චිත කල්පිතයක් හෝ ඔබේ කතාවට පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක් බවට පත්කරගත යුතුවේ.