1.4. අයවැය


ඔබේ ගවේෂණාත්මක ව්‍යාපෘතියට අවශ්‍ය අනෙකුත් වැදගත් ඇස්තමේන්තුවක් වන්නේ අයවැයයයි. මෙම ගවේෂණයට මුදල් හා සම්පත් කෙතරම් ප්‍රමාණයක් වැයවේද ?. යන්න තීරණය කරන්න. ගමන් වියදම්, නවාතැන් හා ආහාර වලට යන වියදම (ඔබට තොරතුරු දෙන අයට ආගන්තුක සත්කාරය කිරීම ද ඇතුළුව), විශේෂඥයින් සඳහා වැය වන උපදේශක ගාස්තු, පරිවර්තකයින් හෝ සේවා සපයන්නන්, පැරණි මූලාශ්‍ර හෝ දත්ත සොයාබැලීමට යන වියදම, ලේඛනගත නොකළ ලියවිලි වල පිටපත් ලබාගැනීමට යන වියදම (දුරකථන, අන්තර්ජාල පහසුකම්), ෆොටෝ කොපි වලට යන වියදම මේ අතරට ඇතුළත් වනු ඇත. ඔබ කටයුතු කරන්නේ කණ්ඩායමක් ලෙස නම් එහි සිටිය යුතු ප්‍රධානීන් ගැන සිතන්න (ව්‍යාපෘති කළමනාකරු), වැඩමුළු හා ක්ෂේත්‍ර චාරිකා වලට යන වියදම් ද මීට ඇතුළත් විය යුතු වේ.

සංවර්ධනය වන රටවල පවතින කුඩා පරිමාණයේ බොහෝ මාධ්‍ය ආයතන වල අයවැය දැඩි ස්වරූපයක් ගනී. ඇමරිකා එක්සත් ජනපදයේ ගවේෂණාත්මක ව්‍යාපෘතියක් සඳහා  දරන පිරිවැය එම සමස්ත පුවත්පත වසරක් පුරා පවත්වාගෙන යාමට දරන සමස්ත පිරිවැයට සමාන වනු ඇත. ඔබ මෙවැනි තත්ත්වයක් යටතේ ගවේෂණාත්මක ව්‍යාපෘතියට වැදගත් වන අනෙකුත් මූලාශ්‍ර හඳුනාගැනීම ගැන නිර්මාණශීලී විය යුතුය. ජාත්‍යන්තර ආධාර සපයන සංවිධාන හොඳ ආරම්භයක් වේ. සමහරවිට, ඔබේ ගවේෂණයට අදාළ ක්ෂේත්‍ර ගැන ඔවුන් උනන්දුවක් දක්වන අවස්ථාවන් තිබේ. කෙසේවෙතත්, තම ප්‍රමුඛතාවන් ගැන පමණක් සිතා කටයුතු කරන මූල්‍ය ආධාරකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න. ඔවුන් ප්‍රමුඛතාව දක්වන්නේ ඔබේ ක්ෂේත්‍රය ගැන නොවේනම්, ඔබට සහය නොදක්වන ආධාරකරුවන් මත කාලය නාස්ති නොකරන්න.

සමූහ වශයෙන් අරමුදල් රැස්කර ගැනීමට ද හැකිය. සාමාන්‍ය ජනමාධ්‍ය ව්‍යාපෘති හෝ ප්‍රකාශන ක්ෂේත්‍රයන් වලට අරමුදල් රැස්කරගැනීම ගවේෂණාත්මක මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින තවත් ජනප්‍රිය මාතෘවක් වුවද මෙය වඩාත් දුෂ්කරය.

බ්‍රිජටට් ගලේගර් ගවේෂණාත්මක පුවත් වාර්තාකරණයකදී අරමුදල් සපයාගන්නේ කෙසේදැයි යන්න ගැන පැහැදිලි කරන අන්දම


මෙවැනි අරමුදල් රැස්කරගැනීම හා ගවේෂණාත්මක ව්‍යාපෘතීන් ගැන වැඩිදුර විස්තර දැනගන්න


බොහෝ මාධ්‍යවේදීන් පවසන්නේ මෙය මූලාශ්‍ර සෙවීමට සුදුසු හොඳ අදහසක් නොවන බවයි. ගෙවීම පැහැර හැරීමෙන් මූලාශ්‍ර අසත්‍ය තොරතුරු පැවසීමට දිරිමත් කිරීම හා අතිශයෝක්තියට නැංවීම සිදුවේ. මුදල් ලබාදී මූලාශ්‍රයෙන් තොරතුරු දායක කරගන්නා විට සාක්ෂි ආපසු ලබාගැනීමට හෝ වෙනත් පුද්ගලයින් අපකීර්තියට පත්කිරීමට ගෙවීම් කර තොරතුරු ලබාගත හැකිවීම ඊටත් වඩා බරපතල වේ.

එපමණක්ද නොව ඔබේ ගවේෂණාත්මක හැකියාව හෝ ප්‍රකාශන ආචාර්ධර්ම පුවත් සඳහා ගෙවීමක් ලැබීම තුළින් පිළිබිඹු නොවේ. කෙසේ වුවත්, සුවිශේෂී තත්ත්වයන් යටතේ සම්මුඛ පරීක්ෂණයක් ලබාදීමේදී වැයවන කාලය, ගමන් වියදම් හෝ වෙනත් වියදම් සඳහා හිලව් මුදලක් පුවත්පතින් ලබාගත හැකිය. නමුත් මෙහිදී පවා දෙපාර්ශ්වයටම සාධාරණ ‘සාමාන්‍ය‘ ගාස්තුවක් ගෙවිය යුතුවේ.

මූලාශ්‍ර සිය තොරතුරු ලබාදීමෙන් ඔබ හෝ ඔබගේ පුවත්පතට පුද්ගලික අනුග්‍රහයක් නොකරන බව  මතක තබාගන්න, ඒ වෙනුවට ඔවුන් සිදුකරන්නේ බලපෑමට හමුවී සිටින ප්‍රජාවකට හෝ සමාජයට තොරතුරු සැපයීම හෝ උදව් උපකාර කිරීමයි.

තොරතුරු ලබාගැනීමට නිළධාරීන්ට අල්ලස් ලබාදීම ද අපකීර්තියට ලක්වන කරුණකි. නමුත්, සමහර ප්‍රජාවන් තුළ නිළධාරීන්ගේ සේවය ලබාගැනීමේදී කෑමබීම ලබාදීම වැනි සුළු ත්‍යාග ලබාගැනීමේ සංස්කෘතියක් පවතී. මෙවැන්නක් ඉල්ලන්නේ ඔවුන්ගේ කාර්යාල උදෑසනින් විවෘත කරදීම වැනි සේවාවන්ටය. එහෙත්, මෙවැනි සුළු ගෙවීම් හරහා ඔබ දියත් කරන සමස්ත ගවේෂණයම වියවුලට පත්කිරීමේ අවදානමක් පවතී. කෙසේවුවත්, මෙවැනි කුඩා කුඩා පෙළඹවීම් පවා අල්ලස් ලෙස සලකන අතර අදාළ නිළධාරීන් ඔබට තොරතුරු ලබාදුන් බව සිය ඉහළ පෙළේ නිළධාරීන්ට හෝ වෙනත් මාධ්‍ය ආයතන වලට අනාවරණය කිරීමට ඉඩ තිබේ. ඔබ මෙවැනි ඉල්ලීම් හමුවේ කටයුතු කරන්නේ කෙලෙසින්දැයි මනාව සැලසුම් කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරගත යුතුවේ. එවැන්නකදී එකිනෙක කරුණු වලට සාපේක්ෂව සිතාබලන්න, ඔබේ පාඨකයින්ට වඩා වැදගත් වන්නේ කුමක්දැයි සාධාරණීකරණය කිරීමට හැකිදැයි සිතන්න. මෙය අභියෝගයට ලක්වූවේ නම් ඔබේ රාජකාරි වල වැදගත්කම හා ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න.