1.5. ගවේෂණාත්මක පුවත ඉදිරිපත් කිරීම


ඔබ සේවය කරන ආයතනය ගවේෂණාත්මක පුවතක් රචනා කරන ලෙස දැන්වූ විට එහි විමර්ශන ක්‍රියාවලියේ පළමු අදියර වන්නේ ඒ ගැන සැලසුම් කිරීමයි. නමුත්, ඔබ නිදහස් මාධ්‍යවේදියෙකු නම් සංස්කාරක සඳහා ඔබ ගැන සැබැවින්ම විශ්වසනීය කතා තේමාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරයි. ගවේෂණාත්මක පුවත පළමුව ඉදිරිපත් කිරීම යනුවෙන් අදහස් වෙන්නේ, මෙය ලියැවෙන්නේ කුමක්ද යන්න ගැන පැහැදිලි කරන කෙටි ආකෘතියක් හා සංස්කාරකවරයා විසින් එය ප්‍රකාශයට පත්කරවන තැනට කටයුතු සැලැස්වීමයි. එවැන්නක පහත අංග අන්තර්ගත විය යුතුවේ,

  • > සංශෝධිත ගවේෂණාත්මක පුවත
  • > මෙම ගවේෂණාත්මක පුවත මෙම පුවත්පතට හෝ එහි පාඨකයින්ට අතිශය සුවිශේෂී වන්නේ ඇයි ?
  • > මෙය පිළියෙල කරන ප්‍රවේශය හා  ක්‍රමවේදය පිළිබඳව කෙටි විස්තරයක්
  • > කාල පෙළගැස්ම
  • >අයවැය

ඔබ රචනා කිරීමට නියමිත ගවේෂණාත්මක පුවත ප්‍රකාශයට පත්කරන්නේ කෙලෙසද ? එය පිංතූර හෝ ග්‍රැෆික් මාධ්‍යයෙන් ඉදිරිපත් කරනවාද ? යන්න ගැන ද සමහර මාධ්‍ය ආයතන විමසන අවස්ථාවන් තිබේ,  සමහරවිට මෙය මේ අවසන් ඉදිරිපත් කිරීම සංස්කාරකවරු හා නිර්මාණකරුවන්ට භාරදෙන අවස්ථාවන් ද ඇත. කෙසේ වෙතත්, ඔබ ඉදිරිපත් කරන ගවේෂණාත්මක පුවතට ප්‍රකාශන ආයතනය අකමැති බව සිහියේ තබාගන්න. මේ හේතුව නිසා ඉතාම වැදගත් තොරතුරු පමණක් ඉදිරිපත් කර අමතර පුවත් ඉදිරිපත් නොකර සිටින්න, මේ නිසා ඔබට වෙනත් ප්‍රවෘත්ති කාමරයකදී මේ ගවේෂණාත්මක පුවත ගැන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.