2.1. ප්‍රමුඛතාව ලබාදීම


විශේෂයෙන්, ගවේෂණය ආරම්භයේදී ඔබට හැකිතාක් කියවිය හැකි දෑ පරිශීලනය කරන්න. නමුත්,
මෙය හැමවිටම හොඳම උපාය මාර්ගය නොවේ. විශේෂයෙන්ම, ඔබ අන්තර්ජාලය පරිශීලනය කරන්නේ නම් කියවීම මන්දගාමී වේ, මෙවැනි අවස්ථාවකදී සමහරවිට ඔබට අවශ්‍ය තොරතුරු කීපයක් පමණක් නොව ඊට අදාළ සියළුම දත්ත රැසක් හඳුනාගනු ඇත. එමනිසා, පසුබිම් තොරතුරු පමණක් කියවීම ප්‍රමාණවත් නොවන අතර, අන්තර්ජාලය ඇසුරින් තොරතුරු සෙවීම ද අනවශ්‍ය ලෙස පුළුල් කරනොගන්න, අන්තර්ජාලයේ පවතින වැදගත් තොරතුරක් දුටුවා නම් ඒවා බුක් මාර්ක් ලෙස තබාගන්න, මේ නිසා ඔබට නැවත නැවතත් එකම තොරතුර සොයමින් කාලය ගතකිරීමට වුවමනා නොවේ.

එක් විශේෂඥයෙකු පසුපස ලුහුබඳින්නට කාලය නාස්ති නොකරන්න. මීට අදාළ පුද්ගලයින්ගේ දුරකතන හා සම්බන්ධ කරගන්නා වෙනත් තොරතුරු ඇතුළත් නාමාවලියක් ඔබේ දුරකථනයට ඇතුළත් කරගන්න. ගවේෂණාත්මක පුවත රචනා කිරීමේදී ඔබ සමග කතාබහ කළ පුද්ගලයින් වෙත ආපසු ගොස් අලුතින් පැනනැගුණු ප්‍රශ්න විමසන්න. ඔබ මෙම අදියරේදී වඩ වඩාත් ගැඹුරින් හා පුළුල්ව කරුණු විමසිය යුතුවේ.

කුඩා කාලසටහනක් සාදන්න – පර්යේෂණයේ සෑම අංශයක්ම කොපමණ වැදගත් වනවාද ? ඔබට ඒ සඳහා කෙතරම් කාලයක් වැය කළ හැකිද ? යන්න තීරණය කරන්න. එක් පුද්ගලයෙකු පසුපස හඹා යන්න අමතර කාලයක් වැය නොකර තවත් ලේඛනයක් හෝ චරිතයක් සොයාගෙන ඔබට අවශ්‍ය දේ සොයාගැනීමට තවත් ක්‍රමයක් හොයාගන්න.