WHAT'S NEW?
  • We are happy to share the Korean edition with you. READ MORE
  • Don’t miss the newest edition – The Chinese manual READ MORE
  • New: Case studies on investigative reporting from the Balkans READ MORE

නිළ ප්‍රකාශකයින් හා නියෝජිතයින් ‘නිල අල්ලන‘ අය ලෙස හඳුන්වයි. ඔවුන් සේවකයින්ගේ ප්‍රශ්න හා ගැටළු වලට අතිශය සංවේදී අර්ථකතනයක් දෙමින් ‘නිල ඇල්ලීම‘ සඳහා ගෙවීමක් ලබයි. නමුත්, හැමවිටම මෙම නිල අල්ලන පිරිස් හඳුනාගැනීම අතිශය පහසු කටයුත්තක් නොවේ. ඇමතිවරයෙකුගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිළධාරියා සැබැවින්ම මෙවැනි පුද්ගලයෙකි. නමුත්, යම් සිද්ධියක් හෝ පාර්ශ්වයක් / පක්ෂයක් සම්බන්ධයෙන් ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට රහසිගතව ගෙවීමක් ලබන පිරිස් කවුරුන්ද ?. මූල්‍යමය පරමාර්ථ පෙරදැරිව රහසිගතව වැඩකරන නිළධාරීන් මාධ්‍යට ලබාදෙන පුවත්, තොරතුරු, නැතිනම් වාණිජ සමාගමක් විසින් ලබාදෙන මුදල් ලබමින් යම් නිෂ්පාදන වර්ගයක් ප්‍රවර්ධනය කරන ‘විශේෂඥයින්‘ ආදීන්, වෙබ් අඩවි වලට නිර්ණාමිකව තොරතුරු ලබාදෙන අයද මේ අතරට අයත් වෙනවාද ?. සාම්ප්‍රදායික නොවන මේ නිල අල්ලන පිරිස් කුඩා හා මහා පරිමාණ ගැටළු දැවැන්ත ලෙස ප්‍රචලිත කිරීමට කටයුතු කරයි. උදාහරණයක් ලෙස, ගල්ෆ් යුද්ධය ගැන එකල පළවූ ජනතා අදහස් ‘කළමනාකරණය‘ කරගැනීමට ඇමරිකා එක්සත් ජනපදය වාණිජ සමාගමක් යොදාගත් අතර මෙහි ප්‍රධාන විධායක නිළධාරියා තමන් ගැන විස්තර කර තිබුණේ ‘තොරතුරු සම්බන්ධ රණශූරයෙකු‘ ලෙසිනි.

කෙසේවෙතත්, ව්‍යාජ පුවත් වලට වඩා පිළිගත් නිල අල්ලන්නෙකු සමග කටයුතු කිරීම පහසුය. ඇමතිවරයෙකු ගැන පළවෙන ඝෘණාත්මක පුවත් වලට වඩා ඔහුගේ ජයග්‍රහණ, සුවිශේෂී කාර්යභාරයන් වැනි පුද්ගල ප්‍රතිරූපය වර්ධනය කෙරෙන අන්දමේ පුවත් පළකිරීම සඳහා ඇමතිවරයොගේ මාධ්‍ය ප්‍රකාශකයාට ගෙවීම් ලැබෙන බව ඔබ දන්නවාද ?. ඉතාම සුළු පර්යේෂණයක් කර බොරු ප්‍රචාරය කිරීම පහසු නිසා කුසලතා නැති අය පමණක් අසත්‍ය පවසනු ඇත. විශිෂ්ඨ සම්මුඛ සාකච්ඡා ශිල්ප ක්‍රම හා මුලික පර්යේෂණ හරහා නොමඟ යවන සුළු කරුණු හා හෙළිදරව් නොවන කරුණු ගැන අවධාරණය කළහැක. ඔබ මෙන්ම මොවුන්ද සිය රැකියාවේ යෙදෙන බව පමණක් මතක තබාගන්න. මෙවැනි පුද්ගලයින්ව සම්මුඛ සාකච්ඡාවට ලක්කරන්නේ කෙලෙසින්දැයි යන්න ඉදිරි පරිච්ඡේද වලදී විස්තර කෙරෙනු ඇත.

නිළ ප්‍රකාශකයින්ට අමතරව ආණ්ඩුව ඇතුළු ආයතන ගණනාවක පවතින බුද්ධි අංශ සිය අරමුණු මුදුන්පත් කරගැනීමේදී හොර රහසේම මෙවැනි නිල අල්ලන කාර්යයන් සිදුකරයි. සදාම් හුසේන්ගේ ‘සමූල ඝාතක අවි‘ ගැන වූ කතාව ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව සිය බුද්ධි අංශ යොදාගෙන ගොඩනැගූ පුවතක් පමණක් වූ අතර හුසේන් කිසිදින එවැනි අවි නිෂ්පාදනය නොකළේය.

පුවත් රෝපණය බුද්ධි අංශ වල දෛනික කාර්යයක් වන අතර මාධ්‍ය හරහා පෙළඹීම් සහගත කටයුතු සිදුකිරීමට රාජ්‍ය දෙපාර්තමේන්තු පවා නිර්මාණය කර තිබේ. ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සිදුකරන්නේ මොනවාද ?, යන්න ගැන සොයාබැලීමට මෙවැනි ආයතන නිරන්තරයෙන් ඔත්තුකරුවන් යොදා තිබෙන අතර මෙවැනි ඔත්තුකරුවන් අලුතින් අනුයුක්ත කරගැනීමට ද උත්සහ දරයි (මෙවැනි වෑයම් සාර්ථක වන අවස්ථා ද තිබේ). නමුත්, බොහෝ විට, ජනමාධ්‍යවේදීන්ට තොරතුරු ලබාදෙන ඔවුන් ඒ හරහා ජනතාවගේ නිල ඇල්ලීමට උත්සහ දරයි. අතිශය වැදගත් හඬපට, වීඩියෝ පට හා ලිපිගොනු ලබාදෙමින් යම් අයෙකු සිය කැමැත්තෙන්ම ඔබට තොරතුරු ලබාදීමට උත්සහ දරන විට වඩාත් ප්‍රවේශම් වන්න.

Forum for African Investigative Reporters Network හි සමාරම්භකයා වන එව්ලින් ග්‍රෝනික් අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සාමාජිකයෙකු වූ ඩියුලිස් 1988 දී පැරිසියේදී ඝාතනය කිරීම ගැන ගවේෂණයක් සිදුකළේය. මේ සිද්ධිය ගැන ප්‍රංශ රහස් ඔත්තු සේවය අසත්‍ය වාර්තා ගණනාවක් පුවත්පත් වල පළකරමින් පැවසුවේ, විදෙස් රටක සිට පැමිණි ඝාතකයින් පිරිසක් මෙය සිදුකළ බවයි. මෙහිදී ඔවුහු තමන් කළ වැරැද්ද වසාගැනීමට උත්සහ ගත්හ.

ප්‍රංශ අවි ආයුධ ගනුදෙනුකරුවෙකු විසින් මුලාකරන ලද ව්‍යාපාරිකයෙකු තමන් සතු ‘පැය 300 ක කාලයක් පටිගත කළ සංවාද වල හඬපට‘ ලබාදෙන බවට ග්‍රෝනික්ට පොරොන්දු විය. වරදට පළිගැනීම ගැනවූ මෙම මූලාශ්‍රය ගැන පුවත්පතේ පළකිරීම සාධාරණය. නමුත්, අදාළ ව්‍යාපාරිකයාගෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ ග්‍රෝනික් ඊට වැය වූ මුදල් සම්භාරය, කාලය, ගුවන්යානා වල ටිකට්පත් හා වෙනත් සබඳතා ගැන ප්‍රශ්න කරන විට ‘වංචාවට හසුවූ‘ තැනැත්තා පළාගොස් තිබුණි, මූලාශ්‍රය වූ මේ තැනැත්තා තමන් ජීවත්වූ ලන්ඩනයට පළාගිය පසු ග්‍රෝනික් සැකපළ කළේ අදාළ තැනැත්තා ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව හෝ ඇමරිකානු හමුදාව වෙනුවෙන් වැඩකළ බවයි.

හැමවිටම මූලාශ්‍රයට ඔබ වෙත පැමිණෙන්නට නොදී ඔබම මූලාශ්‍ර සොයාගෙන යාම පුරුද්දක් කරගන්න. කිසිවෙකු නොදන්නා තැනකදී හමුවිය යුතු බවත්, ‘තමා පසුපස සතුරන් හඹාගෙන එන නිසා‘ මේ හමුවීම ගැන කිසිවෙකුට නොපවසන්න යන්නත් පවසන ‘නන්නාදුනන තැනැත්තෙකු‘, ඔබ සමග විවෘතව කතාබහ කිරීමට පැකිලෙන පුද්ගලයින්, තමන් පවසන දේවල් කිසිදු ලිපිගොනුවක නැති බව පවසන අය, තම නම හෙළිකිරීමට අකමැති අය ආදී පිරිස් ගැන සුපරික්ෂාකාරීව හිඳ ඔවුන් කවුරුන්දැයි යන්න මැනවින් හඳුනාගන්න. ඔබ මූලාශ්‍රය ලෙස පාදක කරගත් තැනැත්තා ගැන කිසිදු පසුබිම් තොරතුරක් නැත්නම් ඔවුන් පවසන්නේ කුමන අන්දමේ තොරතුරුදැයි යන්න ගැන ඔබ නොදැන හිඳිනු ඇත. නන්නාඳුනන කටහඬකින් ලැබෙන මූලාශ්‍ර වඩාත් අවදානම්කාරී වනු ඇත.