2.1.1. දිවුරුම් ප්‍රකාශය


දිවුරුම් ප්‍රකාශයක් ලෙස හැඳින්වෙන්නේ ඔබ හා ඔබේ සාක්ෂිකරුවාට නීතිමය වශයෙන් සුරක්ෂිත බවක් හිමිවෙන අත්සන් කළ, ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සහිත නීතිමය ලියැවිල්ලකි. වැදගත් පුද්ගලයින් බොහෝවිට අභිමානයෙන් යුතුව කටයුතු කරන අතර මෙවන් පිරිස් ඔබ සමග කටයුතු කිරීමේදී පවා ආඩම්බරකාරී මඟක් අනුගමනය කරනු ඇත, ඔවුන්ට ද්‍රෝහී වන පිරිස් ඔවුන්ව දැඩි අසීරු තත්ත්වයක හෙලා ඇති විට අදාළ තොරතුරුද සමග ඔබ සොයා පැමිණෙනු ඇත.

නීතිඥවරයෙකු ඉදිරියේ සෑම පිටුවකම අත්සන් තැබූ මෙවැනි ආකාරයේ නීතිමය ප්‍රකාශයක් උසාවියේදී ද පිළිගන්නා අතර විදෙස් රටවල උසාවි වලදීද ඊට ඉහළ පිළිගැනීමක් හිමිවනු ඇත. මෙමගින් ඔබට තොරතුරු ලබාදුන් මූලාශ්‍රය උසාවියේ පෙනී සිටීමට හා අවශ්‍ය වන අවස්ථාවකදී සාක්ෂි ලබාදීමට සූදානම් බවට අඟවා සිටියි.

මෙම දිවුරුම් ප්‍රකාශය සුරක්ෂිත කිරීමට විශ්වාසවන්ත නීතිඥවරයෙකුට ලබාදිය යුතුය. ඔබේ ගවේෂණාත්මක පුවතට එරෙහිව නීතිමය අභියෝගයක් එල්ල වුවහොත් ඔබේ මූලාශ්‍රයට අධිකරණයේ රැකවරණය හිමිවේනම් ඔහු / ඇය කවුරුන්ද ? යන වග හෙළිදරව් කිරීමට සූදානම් බව මෙවැනි දිවුරුම් ප්‍රකාශයක් තිබීමෙන් පුවතට අභියෝග කරන ඕනෑම කෙනෙකුට පෙන්වා දේ. ඔබේ මූලාශ්‍රය හෙළිදරව් කළ තොරතුරු ගැන විවිධ අර්ථකතන දී තිබෙන විට කාලයක් ගතවූ පසු ඔබේ ආරක්ෂාව සහතික කිරීමට ද එය මහෝපකාරී වනු ඇත.