1. තොරතුරු වෙත ප්‍රවේශ වීම


රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ තොරතුරු ද බොහෝ රටවල මහජනතාවගෙන් දුරස් වී තිබේ, රාජ්‍ය රහස් පනත (Official Secrets Acts), ත්‍රස්ත පනත (Terrorism Acts) හෝ රජයේ නිළධාරීන් තොරතුරු ලබාදීමට දක්වන අකමැත්ත ඊට හේතු වේ. යුරෝපා රටවල ආණ්ඩු ගණනාවක ව්‍යාපාරික සහනාධාර ගැන තොරතුරු වෙත නිදහසේ පිවිසීම සහතික කිරීමට වසර හතක (2002 -2007) පමණ කාලයක් ගතවිය.

යුරෝපීය ජනතාව නියෝජනය කරමින් ව්‍යාපාර සඳහා රජය ලබාදෙන සහනාධාර ගමන් කරන්නේ කොතැනටදැයි යන්න සොයාගැනීම සඳහා ඒ වෙනුවෙන් කැපවූ රටවල් 6 ක මාධ්‍යවේදීන්ට සාමූහිකව කටයුතු කිරීමට සිදුවු අතර අදාළ තොරතුරු නිදහස් කරගැනීමට උසාවි නඩු වලින් විසඳුම් ලබාගැනීමට සිදුවිය. මින් අත්වූ ප්‍රතිඵලය ඊටත් වඩා වටිනා එකක් විය. ප්‍රධාන වශයෙන් රජයේ සහනාධාර ලබන ලැයිස්තුගත කළ සමාගම්වල ලේඛනයේ සිටියේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම් හා රාජකීය පවුල් වල සාමාජිකයින්ය. කුඩා ව්‍යාපාර හෝ අරගල කරමින් ව්‍යාපාරයේ යෙදෙන සමාගම් වෙනුවට දැනටමත් ඉහළ තැන් වල වැජඹුණු මේ සමාගම් බදු ගෙවන අයගේ මුදල් වලින් යුරෝ හා පවුම් මිලියන ගණනක් ලබාගෙන තිබුණි.

සෑම රටකම පාහේ විවෘත වාර්තාගත නීති (Open-record laws ) පවතින අතර මේ නීති ඵලදායී ලෙස භාවිත කිරීම සඳහා අරගල කරන්නට සිදුව ඇත. මාධ්‍යවේදීන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට

නිතරම වෙහෙස මහන්සි වී වැඩකළයුතු වේ. නීතියක් පවතිනවා යන්නෙන් අදහස් වන්නේ එක් දොරක් විවෘත වී තිබෙන බවයි, නමුත්, දොර වෙත යන මාර්ගය සොයාගෙන ගොස් එය විවෘත වන තෙක් තට්ටු කරන්න. ඒ සඳහා අදාළ වන නීති ද තේරුම්ගත යුතුවේ.

ඔබ ජීවත් වන්නේ විවෘත වාර්තාගත නීති (Open-record laws ) නැති රටක නම් රාජ්‍ය රහස් පනත

(Official Secrets Act) ඔබට බාධාවක් ලෙස පැවතිය හැකි අතර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ තොරතුරු ලබාගැනීමට ඔබ දිනපතා අරගල කරනු ඇත.

මුදලට පමණක් ලියකියවිලි ලබාදීමට සූදානම් රාජ්‍ය සේවකයෙකු නිසා ඔබ තවදුරටත් කලකිරීමට පත්විය හැකිය, ඒ හැර ඔවුන් වෙත පිවිසීමට හැකි අන් මගක් ද නැත. ලියකියවිලි වලට ගෙවීම් නොකර ඔබට අවශ්‍ය තොරතුරු ලබාගන්නේ කෙසේද ?. තොරතුරු වෙත පිවිසීමට නීති හා ප්‍රායෝගික භාවිතය හරහා  අරගල කිරීම ඒ සඳහා පවතින දීර්ඝතම හා අසීරු ක්‍රමය වේ.

ඔබ ජීවත් වන රට තුළ තොරතුරු නිදහස (Freedom of Information (FoI) හා සම්බන්ධ නීති පවතී නම් පහත දැක්වෙන මූලික මාර්ගෝපදේශ හරහා තොරතුරු වෙත පිවිසීමට හැකිවනු ඇත.

  • > විෂය සම්බන්ධයෙන් අර්ධ – නිල වශයෙන් හෝ විශේෂඥ මට්ටමින් ප්‍රකාශයට පත්කර ඇති දේවල් ගැන සොයා බලන්න, අදාළ ලියකියවිලි ඔබට නිරීක්ෂණය කිරීමට ඉඩ දෙන ඔත්තුකාරයෙක් සොයාගන්න.
  • > හැමවිටම පළමුව තොරතුරු දැනටමත් ‘පිටත‘ ට ගොස් තිබේදැයි සොයාබලන්න. සමහරවිට සීමිත මුද්‍රිත ලිපිගොනු තුළ අදාළ ලේඛන වල සාරාංශ හෝ රහස් ලේඛන වලින් උපුටාගත් දෑ අන්තර්ගතවී තිබෙන්නට පුළුවන
  • > අවසාන විසඳුම ලෙස Fol ප්‍රතිපාදන භාවිත කරන්න. සොයාගත හැකි අන් සෑම මාධ්‍යක් තුළින්ම තොරතුරු සෙවීමට අවංකව උත්සහ කළ බව ඔබට පෙන්විය හැකි නම්, මෙම ලේඛනය ඉල්ලා සිටීම සඳහා නඩුවක් ගොනුකිරීමට මේ කරුණු ශක්තිමත් වේ
  • > ඉදිරි සැලසුම් – Fol ප්‍රතිපාදන තරමක් මන්දගාමී වන අතර හෙට වනවිට ඔබට අවශ්‍ය තොරතුරක් මෙමගින් ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇත. මේ නිසා නිවැරදි තොරතුරු දරන අය හමුවීමට හා ඔවුන් වෙත පිවිසීමට උත්සහ ගන්න
  • > ඔබේ ඉල්ලීම් අංකිත ලේඛනයක් ලෙස ඉල්ලන්න. ඔබ ‘සතුව හැමදෙයක්ම තියෙනවා‘ යැයි සඳහන් කළොත් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත
  • > ඔබ ඉල්ලූ ලිපිගොනු හා ඊට ලැබුණු ප්‍රතිචාර ගැන මනාව සැලකිලිමත් වෙන්න. බලධාරීන් හිතාමතාම නීති උල්ලංඝනය කරමින් සිටින බව ඔප්පු කිරීමට මේ සියලු වාර්තා අත්‍යවශ්‍ය විය හැක. FoI නීති තුළ සැගවීමට යමක් තිබිය හැක