WHAT'S NEW?
  • Don’t miss the newest edition – The Chinese manual READ MORE
  • New: Case studies on investigative reporting from the Balkans READ MORE
  • Great news for journalists from Nepal: Our Nepali edition is online! READ MORE

ගවේෂණාත්මක මාධ්‍යවේදයේදී පද්ධති ක්‍රියා කරන්නේ කෙසේද, ඒවායේ වැඩ කිරීමට සිදුවන්නේ කෙසේද යන්න හඳුනාගත යුතුවේ, ඔබේ ගවේෂණාත්මක පුවත සොයාගත්තේ කෙසේද ? මේ වනවිට සැලසුම් කර ඇති වැඩපිළිවෙල කුමක්ද ? යන කරුණට එය ද සමානය.

පිළිතුරු ලබාගැනීම සඳහා ඔබේ ප්‍රශ්න පහත අන්දමින් පෙළගස්වන්න

  • > මේ ක්‍රියාදාමය හෝ පද්ධතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද ?
  • > මෙය ක්‍රියාත්මක කරන්නේ කවුද ? කුමක්ද ? කවදාද ? හා කුමන අන්දමකටද ?
  • > මේ ක්‍රියාවලිය ලේඛනගත කර වාර්තා කරන ලද්දේ කෙසේද ?
  • > කුමන ප්‍රමිතීන් හෝ සම්මතයන් ක්‍රියාත්මක වන්නේද ? ඒවා ස්ථාපනය කරන්නේ කෙසේද ? ඒවා ක්‍රියාත්මක කරන්නේ කවුද ?
    මෙම ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරු වඩාත් සවිස්තරාත්මක හා විස්තීර්ණ වන තරමට කරුණු කාරණා වැරදුණේ කෙසේද යන්න විනිශ්චය කිරීමට ඔබට හැකිවනු ඇත.

ඔබේ ගවේෂණයේ කාලානුක්‍රමික අනුපිළිවෙල ගැන සැලකිලිමත් වීම අතිශය වැදගත් වේ. ඔබේ ගවේෂණාත්මක පුවත ඒ ඒ සිද්ධි සිදුවූ කාලවකවානුව ගැන සැලකිලිමත් වෙමින් ඉදිරිපත් කිරීම මින් අදහස් නොවන අතර ඒ ඒ සිද්ධි වූ කාලය ගැන කාල සටහනක් පවත්වාගැනීම අදහස් කෙරේ. මුලින් පැමිණෙන්නේ කුමක්ද ? ඊට පසු සිදුවුණේ කුමක්ද ? යන්න ගැන සවිස්තර විස්තරයක් මෙමගින් සපයනු ඇත. ප්‍රමාණාත්මක (Quantitative) හා ගුණාත්මක දැනුම අතර වෙනස හඳුනාගැනීමට ද අවශ්‍ය වේ. මේ වීඩියෝව නරඹා මෙම පර්යේෂණ ක්‍රමවේද දෙක අතර වෙනස ගැන තේරුම්ගන්න.

ප්‍රමාණාත්මක ක්‍රමවේදයේදී අංක අනුව යමින් පෙළගැස්වීම සිදුවේ. උදාහරණයක් ලෙස කිසියම් ඖෂධයක් වෙළඳපලට පැමිණීමට පෙර ගුණාත්මක පරීක්ෂණ කොපමණ සංඛ්‍යාවකට මුහුණදීමට සිදුවේද ? ජලාශයක දී ජල දුෂණය වීමේ මට්ටම කොපමණද ? පසුගිය වර්ෂ 5 ක කාලසීමාව පුරා නගරය තුළ සිදුවන අපරාධ වර්ධනය වී ඇත්තේ කෙසේද ? යන්නයි. බොහෝවිට,ප්‍රාදේශීය මට්ටමින් පවතින පුවතක් නිශ්චිත සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාතික මට්ටමේ ගවේෂණාත්මක පුවතක් බවට පත්කළ හැකිවන අවස්ථාව වන්නේ මෙයයි. ඔබේ ප්‍රජාව තුළ පාසල් යෑම අතැර දැමූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව සමස්ත රට නියෝජනය කරන මට්ටමට පත්විය හැක.

මීට ප්‍රතිවිරුද්ධව ගුණාත්මක සිතියම්ගත කිරීමේදී පුද්ගලයින්, ස්ථාන, හේතු, පෙළඹුම් සාධක, හැඟීම් හා තර්ක ආදිය පවතියි. ලෝකය පුරා බොහෝ ස්ථාන වල මෙවැනි ප්‍රමාණාත්මක හෝ ලිඛිත වාර්තා නොපවතින නිසා ඒවාට පිවිසීම අසීරු වේ.

එහෙත් එවැනි ලේඛනයක් හෝ පරිසරයක් ගවේෂණය කිරීමට පවතින තවත් මාර්ග දෙකක් පවතියි. ඒවා නම් ඔබේම නිරීක්ෂණ හා අදාළ පුද්ගලයින් වෙත යොමුකරන ව්‍යුහගත ප්‍රශ්න යි. ඔබේම දත්ත සමුදාය ගොඩනගාගත හැකි ආකාරය මෙයයි. ගැටළුවක් ආරම්භ වීම බොහෝවිට ඔබව පුද්ගලයෙකු හෝ පුද්ගයන් කණ්ඩායමක් වෙත යොමුකරන බව මතක තබාගන්න. නමුත්, දත්ත සමුදායන් ක්‍රියාකරන්නේ අනෙක් පැත්තටයි, ඉඩම් කැබැල්ලක් හෝ ලිපිනයක් ගැන සොයාගන්නා තොරතුරු ඔබව යොමුකරන්නේ එහි අයිතිකරු වෙතටයි.

සෑම පර්යේෂණාත්මක තොරතුරක්ම සංවිධානය කිරීමට සම්මුඛ පරීක්ෂකයින්ගේ දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමට ඔබට ඉඩ සලසන ව්‍යාපෘති කළමනාකරණ මෙවලම් පවතියි, දැනුවත් සම්බන්ධතා, තොරතුරු ලබාදෙන්නන් හා ඔවුන්ගේ විශේෂඥ දැනුම මීට අයත්ය. එහි ප්‍රශ්නාවලියක්, තහවුරු කිරීමට අවශ්‍ය උපකල්පන මෙන්ම තොරතුරු පෙළගැස්වීමට උරදෙන ලේඛනයක් ඇතුළත් විය යුතුය, අදාළ ලිපිගොනු වෙත යොමුවෙන හයිපර්ලින්ක් (hyperlinks), කරුණු, සංඛ්‍යාලේඛන, දත්ත බැංකු, වාර්තා හා සම්මුඛ සාකච්ඡා මෙහි අන්තර්ගත විය යුතු වේ. Evernote ඇප් මාධ්‍යවේදීන් අතර සුලබව භාවිත කෙරුණ ද රහසිගත කරුණු ආරක්ෂා කිරීමට මෙය ප්‍රමාණවත් නොවේ. මෙවැනි මෙවලමක් තෝරාගැනීමේදී සුරක්ෂිතතාව අත්‍යවශ්‍ය බව මතක තබාගන්න.