WHAT'S NEW?
  • We are happy to share the Korean edition with you. READ MORE
  • Don’t miss the newest edition – The Chinese manual READ MORE
  • New: Case studies on investigative reporting from the Balkans READ MORE

‘දූෂණය වැනි වචනයක් පව් රාශියක් ආවරණය කරයි. මේ නිසා ගවේෂණය වංචාවක් ගැන ද (බොරුවක් හෝ අසත්‍ය තොරතුරු), නීති කඩාදැමීමක් ගැනද, ඥාති සංග්‍රහයක් ගැනද (රැකියාවක් ලබාදීම, කොන්ක්‍රාත්තුවක් ලබාදීම හෝ මිතුරෙකුට හෝ පවුලේ අයෙකුට උදව් කිරීම), අල්ලස් දීම, නොසැලකිල්ල, නිසි පාලනයක් නැතිකම හෝ හිතමතා වැරදි කිරීම ද ? යන්න මාධ්‍යවේදීන් තේරුම්ගත යුතුවේ.

හොඳ කල්පිතයක් මැනබැලීමේ නිර්ණායක වන්නේ එය නිශ්චිත කරුණු පදනම් කරගත් පරීක්ෂණයක් මගින් ඔප්පු කළ හැකි බවයි. (හෝ නොකළ හැකි බව). නොපැහැදිලි, නිසිලෙස නිර්වචනය නොකළ අදහසක් ඔප්පු කිරීම හෝ නොකිරීම කළ නොහැක. ගවේෂණාත්මක පුවතකට අදාළ අදහස් පැන නැගෙන විට පැහැදිලිව හා ශක්තිසම්පන්න වීම වැදගත් වන්නේ එබැවිනි.

ව්‍යාපාරිකයෙකු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අරමුදල් මිලියන ගාණක් සොරකම් කර සුපිරි ජීවිතයක් ගෙවීම හා කාර්යාලයක සේවය කරන ලේකම්වරියක එහි ඇති කෝපි සෑදීමේ යන්ත්‍රය සිය සහෝදරියට තෑග්ගක් ලෙස පිරිනැමීම අතර වෙනසක් පවතී.

ඔබ ගවේෂණාත්මක පුවතක් ඉදිරිපත් කරන විට එහිදී අනුගමනය කරන ගවේෂණ ක්‍රමවේදය ගැන පැහැදිලි කළයුතුවේ. ගවේෂණාත්මක පුවත වෙත පිවිසීමේ මුල් අදියරේදී පවා ඒ ගැන සිතීම වැදගත් වේ. මෙමගින් ඔබට ඉදිරියේදී මුහුණදීමට සිදුවන නීතිමය හා සදාචාරාත්මක උභතෝකෝටිකයන් විසඳාගැනීමට පසුබිම සකසනු ඇත, උදාහරණයක් ලෙස ඔබට රහසිගතව වැඩකිරීම වැනි.