WHAT'S NEW?
  • We are happy to share the Korean edition with you. READ MORE
  • Don’t miss the newest edition – The Chinese manual READ MORE
  • New: Case studies on investigative reporting from the Balkans READ MORE

මූලික පසුබිම් පර්යේෂණයේදී ආරම්භක කල්පිතය තහවුරු කරනු ඇත, නැතහොත් විකල්පයක් යෝජනා කරනු ඇත. මුලින් සොයාගැනීමට අපේක්ෂා කළදෙයෙහි ප්‍රතිවිරුද්ධ දෙය සොයාගැනීමට ද ඉඩ ඇත. නමුත්, මේ පදනම මත ඔබ, ඔබේ සංස්කාරකවරයා නොව, ඔබේ මූලාශ්‍රය නොව, ඔබේ කතාව සාරාංශගත කර හිතට වදින සිරස්තලයක් යෙදිය හැකිය.

සමහරවිට, සැබෑවටම මෙය අවසානයේ බිහිවන ගවේෂණාත්මක පුවතේ ලියැවෙන ශීර්ෂය නොවනු ඇති වුවත් පුවතේ කේන්ද්‍රයට අවධානය යොමුකරගැනීමට හැකි හොඳ මාර්ගයක් වනු ඇත. ගවේෂණාත්මක පුවත ඉදිරිපත් කිරීමට මෙය මහෝපකාරී වනු ඇති අතර ඔබේ ප්‍රකාශන ආයතනය මගින් කතාව ඉදිරිපත් කළහැකි නිර්මාණාත්මක විධික්‍රම ගැන සිතාබැලීමට ද මෙය උපකාරී වනු ඇත.  සැබෑවටම, මෙය තවදුරටත් ඔපමට්ටම් කිරීමට ද ඔබට හැක.


වෛද්‍යවරුන් විසින් දරුවන් මරා දැමේ‘ – ‘ජීවිත ගලවාගත් දරුවන් අසනීප වී මහමඟ

ඇමරිකානු රෝහල් වල නොමේරූ ළදරුවන් එකවර විනාශ කරන අන්දම ගැන පුවත ලබාගැනීමට තමන්ට උපදෙස් ලැබුණු අන්දම ගැන ජනමාධ්‍ය වාර්තාකරණය පිළිබඳ මහාචාර්යවරයෙකු වන මාක් හන්ටර් සාකච්ඡාවකදී පළකරන්නේ මෙවැනි අදහසකි. මෙම පුවතට යොදා තිබෙන ප්‍රධාන ශීර්ෂය සම්පූර්ණයෙන්ම වැරදි බව ඔහු තහවුරු කරගත්තේය.

ඇමරිකා එක්සත් ජනපදයේ කොන්සර්වේටිව් ආගමික මූලධර්මවාදී අදහස් වල පෙළඹීම හරහා ඇතිවුණු නව නීතියට අනුව, අතිශය දුර්වල නොමේරූ ළදරුවන්, අඛණ්ඩ වේදනා මධ්‍යයේ ජීවත්විය යුතුවේ. මේ නීතියට පෙර සමයේදී ජීවත්වීමට තරම් ශක්තිසම්පන්න නොවූ ළදරුවන් පරීක්ෂණ වලට යොදාගැනුණි. ඉතිහාසයේ පෙර නොවූ විරූ අන්දමින් වෛද්‍යවරු මෙම නොමේරූ ළදරුවන්ගේ ජීවිත බේරාගැනීමට ක්‍රියා කළහ. අවාසනාවකට මෙන් මේ අතරින් බොහෝ ළදරුවන් පිරිසක් දරුණු රෝගාබාධ වලට ලක්වෙමින් විශේෂ අවශ්‍යතාවලින් යුතු දරුවන් සේ හැදී වැඩේ.

මීට අමතරව කොන්සර්වේටිව් පාර්ශ්වයෙන් පෙළඹීමක් ලත් තවත් නීතියක් අනුව මෙවැනි පිරිස් වලට දරන සමාජ වියදම් කප්පාදුවට ලක්කෙරුණි. ඉන්පසු දිළිඳු පවුල් වල ඉපදුණු විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් නොමිලේ උපකාරක සේවා ලබාදෙන කිසිදු සේවාවක් නැතිවූ අතර මෙලෙස ‘සුරක්ෂිත‘ කරන ලද දරුවන් වීදිවල ඉබාගාතේ හැදී වැඩෙන්නට විය. ඉහත දෙවැනි ශීර්ෂ පාඨයෙන් කියැවෙන්නේ ඒ ගැන වන අතර එහිදී අඩු කම්පනයක් ඇතිකරවයි.