WHAT'S NEW?
  • We are happy to share the Korean edition with you. READ MORE
  • Don’t miss the newest edition – The Chinese manual READ MORE
  • New: Case studies on investigative reporting from the Balkans READ MORE

ගවේෂණාත්මක පුවත ගැන පසු විපරම් කරමින් කාලය අපතේ යාම වැළැක්වීම සඳහා ‘අවම‘ හා ‘උපරිම‘ වැනි වචන ගැන සිතා බලන්න. ගවේෂණාත්මක පුවතක් හමුවූ විගසම, එම ගවේෂණය තුළ කාර්යභාරයක් ඇති බවට නිගමනය කළහැකි පුවත් මැදිරියේ සිටින අනෙක් පුද්ගලයින් සමග සන්නිවේදනයේ යෙදීම වටියි. මෙය කණ්ඩායමක් ගොඩනගා ගැනීමේ ක්‍රියාවලියේදී අත්‍යවශ්‍ය අංගයක් වන්නේ යහපත් ක්‍රියාකාරී සබඳතා හරහා ව්‍යාපෘති කළමනාකරණය කිරීමයි. ඔබට විශ්වාසය තැබිය හැකි සගයින් හා තීරණ ගැනීමේ පුද්ගලයින් සමග සන්නිවේදනය කිරීමෙන්, ප්‍රබල කණ්ඩායමක් බිහිකරගැනීමේ අඩිතාලම වැටෙනු ඇති අතර ඔබේ ගවේෂණාත්මක පුවත ද ප්‍රකාශයට පත්කිරීමට සූදානමින් තිබෙනු ඇත.

තැනට සුදුසු නුවණ භාවිත කරන්න:

  • සාමාන්‍ය පුවත් රැස්වීමකදී ගවේෂණාත්මක පුවත ගැන බොහෝ වර්ණනා නොකරන්න. කාර්යාල කාමරයේ දොර වසා තබා කතාබහේ යෙදෙන්න
  • > ඔබට විශ්වාස කළහැකි අය ගැන නුවණට හුරු අන්දමින් සිතා බලා කණ්ඩායමේ සාමාජිකයින් තෝරන්න
  • > ඔබ සිදුකරන කාර්යයේ සෑම විස්තරයක්ම නොකියන්න. මෙය තවදුරටත් සොයාබැලිය යුතු යෝජිත ගවේෂණාත්මක කතාවක් පමණි. එමනිසා, බෙදාහදාගන්නා තොරතුරු වල තත්ත්වය හා ඒවායේ අභිමතාර්ථ ඉතා පැහැදිලිව දක්වන්න

ඇඟිලි ගැසීම්, කටකතා, ඕපදූප, ඉඟි වලින් පසු හැකි ඉක්මනින් ඔබ ගවේෂණාත්මක පුවත ආරම්භ කළයුතුවේ. කෙසේවුවත්, ඔබේ පර්යේෂණය ආරම්භ කිරීමට පෙර එය ඉදිරියට ගෙන යා යුතු ආකාරය ගැන සැලසුම් කරගන්න. පළමු පියවර මොනවාද ?, ගවේෂණයට පෙර හා පසු සිහියේ තබාගත යුතු දෑ මොනවාද ? යන්න ගැන ඊළඟ පරිච්ඡේදයේදී විමසා බැලෙනු ඇත.