1. ඔබේ දත්ත සුරක්ෂිත කරගන්නේ කෙසේද ?


ගවේෂණය සැලසුම් කිරීමෙන් අනතුරුව හා අදාළ මූලාශ්‍ර හඳුනාගත් පසු, හැකිඉක්මනින් ගවේෂණය ආරම්භ කිරීමට ඔබට අවශ්‍ය වේ. නමුත්, පර්යේෂණ ආරම්භ කිරීමට පෙර සලකා බැලිය යුතු තවත් සුවිශේෂී පියවරක් තිබේ, ඒ දත්ත ආරක්ෂාවයි. ආන්දෝලනාත්මක කල්පිතයක් ගැන ගවේෂණය කිරීමෙන් ඔබේ ගවේෂණය ගැන ඔත්තු බැලීමට හෝ එය පාලනය කිරීමේ අවශ්‍යතාව ඊට ප්‍රතිපක්ෂ අයට වුවමනා වන අතර විරුද්ධ පාර්ශ්වයේ සිටින පුද්ගයින් සමග ඇතිවන ආතතිමය තත්ත්වය ඔබට දැනෙනු ඇත. මේ ගවේෂණය ප්‍රසිද්ධ කිරීමට ඉඩ නොදෙන අය කවුරුන්දැයි ඔබගෙන්ම විමසන්න.

මේ පුද්ගලයින්ට ඉන් සිදුවන හානිය කුමක්ද ? ඔබේ ගවේෂණයට පදනම් වන්නේ මානව හෝ ඩිජිටල් මූලාශ්‍රද ? ඔබ සොයාගත් තොරතුරු ආරක්ෂා කරගැනීමට අනුගමනය කරන ආරක්ෂක මෙවලම් මොනවාද ?

ඔබට මූලාශ්‍ර ලබාදෙන අය ද ආරක්ෂිත උපක්‍රම අනුගමනය කළයුතුවේ. මේ ආරක්ෂිත උපක්‍රම ගැන ඔවුන් දැනුවත් බව ද තහවුරු කරගන්න. කෙසේවුවත්, කිසි විටෙක සීයට සීයක ආරක්ෂාවක් නොමැති බව සිහියේ තබාගන්න. නමුත්, ඒ තොරතුරු වෙත පිවිසීමේ මග වඩ වඩාත් දුෂ්කර කිරීමට ඔබට හැකිය. මේ තොරතුරු ගබඩා කර ඇති මෙවලම් වෙත පිවිසීමේ මාර්ගය මිල අධික හා දීර්ඝ බවට පත්කිරීම  ඊට විසඳුමකි.

ඔබ දත්ත ගබඩා කරන මෙවලම් ආරක්ෂා කරගැනීමට අනුගමනය කරන ක්‍රමෝපායන් පිළිබඳ තොරතුරු මේ පරිච්ඡේදයෙන් සැපයේ. මේ සඳහා භාවිත කළ හැකි ඇප් හා මෘදුකාංග ගැන උදාහරණ සැපයේ. ඕනෑම මෘදුකාංගයක් ස්ථාපනය (install) කිරීමට පෙර වෙළඳපලට එන නවතම නිකුතුව ලබාගැනීමට උත්සහ කරන්න. අනවශ්‍ය අන්දමින් මිල අඩු දේවල් ගැන සොයන්න එපා, නොමිලේ හා මුදල් ගෙවා මෘදුකාංග ලබාගත හැකිවනු ඇත. ඔබේ අවශ්‍යතාවට වඩාත්ම ගැළපෙන්නේ කුමන වැඩසටහන (programme) දැයි බලා ඉන්පසු භාවිතා කිරීමට සුදුසු සංස්කරණය තෝරාගන්න (version). අප නිර්දේශ කරන්නේ විවෘත-මූලාශ්‍ර මෘදුකාංග (open-source software) වන අතර තොරතුරු තාක්ෂණ විශේෂඥයින්ට (IT-experts) මේ වෙත පිවිස එහි කේතය (code) සුරක්ෂිත බව සහතික කළහැකිය. සාමාන්‍යයෙන් විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක සිදුවන තොරතුරු කාන්දුවක් ඉක්මනින් හඳුනාගත හැකිවේ, පුද්ගලික මෘදුකාංගයක් සමග සංසන්දනය කර බලන විට මෙහි කේතය නොපෙන්වන අතර එහි අයිතිකරු හැරුණු කොට වෙන කිසිවෙකුට ආරක්ෂණ තර්ජන ගැන පරීක්ෂා කළ නොහැක.