1.2. ගබඩා කර තිබෙන දත්ත (Data at rest)


ජනප්‍රිය දත්ත සුරක්ෂණ මෙවලම් ගැන සොයාබැලීමට පෙර දත්ත භාවිත හා ගබඩා කරන විවිධාකාර ක්‍රම ගැන තේරුම්ගත යුතුවේ. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ගබඩා කර තිබෙන දත්ත (data at rest), භාවිතවෙමින් පවතින දත්ත (data in use) හා සංඥා කරන දත්ත (data in motion) අතර පවතින වෙනස්කම් හඳුනාගෙන ඇත. ගබඩා කර තිබෙන දත්ත (data at rest) යනුවෙන් හැඳින්වෙන්නේ මෙවලමක ගබඩා කර ඇති ක්‍රියාකාරීව නොවන දත්තය.

ඒ වෙනුවට, ද්‍රෘඩ තැටි (hard drive), සර්වර් (server), සංරක්ෂිත දත්ත (archives) හෝ දත්ත එකතුව (databases) තුළ දත්ත සොයාගත හැක. ගබඩා කළ දත්ත දිගුකාලීනව ආරක්ෂා කරන විට ඔබේ ලිපිගොනු වලට, තොරතුරු හෝ ජාල වලට පිවිසුණේ කවුරුන්දැයි යන්න සොයාබැලිය යුතුවේ.

පළමු පියවර පරිපාලකයාගේ (administrator) මුරපදය වෙනස් කිරීමයි. සමහරවිට, පරිපාලකයාගේ මුරපදයක් නොතිබිය හැකි අතර ඉතා කෙටි මුරපදයක් පමණක් පැවතිය හැක. මෙමගින් ඔබේ උපාංගයට පහසුවෙන්ම පිවිසීමේ හැකියාව හැකර්වරුන්ට ලැබේ. දෙවන පියවර වන්නේ පරිපාලක අයිතිවාසිකම් සමගින් ඔබගේ පරිගණකය නිතිපතා භාවිත කිරීමෙන් වැළකි සිටීමයි. සාමාන්‍යයෙන්, වින්ඩෝස් පද්ධති (Windows systems) භාවිත කරන්නාට ස්වයංක්‍රීයවම එම අයිතීන් ලබාදේ. ඔබේ පරිගණකයට නව පරිපාලක ගිණුමක් (admin account) සකසා අවශ්‍ය වුවහොත් පමණක් එය භාවිත කරන්න. ඔබේ සාමාන්‍ය ගිණුම අවම පරිශීලක අයිතීන් වලට සීමා කරන්න. මෙමගින් අනිෂ්ට මෘදුකාංග ස්ථාපනය කිරීමට ඔබට අයිතියක් නැති නිසා පරිගණක තොරතුරු වලට හානි කරන මැල්වෙයාර් (malware) වලින් ඔබේ පරිගණකය සුරක්ෂිත කරනු ඇත. ගිණුම් වල අයිතිය අවභාවිත කිරීම වැළැක්වීමට ආගන්තුක පරිශීලක ගිණුමක් (guest user accounts) යෝග්‍ය වේ.