1.3.1. ෆයර්වෝල්, ප්‍රති වෛරස හා host intrusion prevention (Firewall, antivirus and host intrusion prevention)


ඔබේ උපාංගයේ ෆයර්වෝල් සක්‍රීය කිරීම ඉතා වැදගත් වේ. මෙම ෆයර්වෝල් අන්තර්ජාලයට සම්බන්ධ තොරතුරු පාලනය කරන අතර මත්පැන් අලෙවිහලක දොරටුව අසළ රාජකාරි කරන කරදරකාරීන් එළියට ඇද දමන සේවකයෙකුගේ (bouncers) කාර්යය ඉටුකරයි. එක් එක් ආගන්තුකයාට ඇතුල්වීම හෝ ඔබේ ජාලයට තොරතුරු එවනවාද ? නැද්ද ? යන්න එක් එක් ෆයර්වෝල් තීරණය කරයි. විවෘත වී ඇති එක් එක් දොරටු (unlock) ඔබේ උපාංගයට මැල්වෙයාර් වලට ඇතුළුවීමට ඉඩදී ඒවාට හානි කිරීමට ඉඩදෙනු ඇත. බොහෝ පරිගණක වලට ඔබේ පද්ධතියේ ඇති ෆයර්වෝල් සක්‍රීය කළහැකි අතර McAfee, BitDefender හෝ Kaspersky වැනි බාහිර ආරක්ෂක මෘදුකාංග භාවිත කිරීමට නිර්දේශ කරනු ඇත.

ඔබේ වින්ඩෝස් හෝ Mac පරිගණකයේ ෆයර්වෝලයක් සක්‍රිය කරගන්නේ කෙසේදැයි බලන්න. ඔබේ ජංගම දුරකතනයේ ෆයර්වෝල් ‘NoRoot Firewall’, ‘NetGuard’ (Android) හෝ ‘Norton’ (iOS) වැනි බාහිර මෘදුකාංග මගින් සක්‍රීය කරගැනීමට හැකිය. අන්තර්ජාල මූලාශ්‍ර සමග දත්ත හුවමාරු කරගැනීමෙන් පසු ඔබ කරන කටයුතු අධීක්ෂණය කරන හෝ මුරපද වැනි ඔබ සතු වැදගත් තොරතුරු වලට ප්‍රවේශ වීමට උත්සහ දරන මැල්වෙයාර් වලින් ඔබේ උපාංගය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය වේ.  ප්‍රති වෛරස මෘදුකාංග මෙම මැල්වෙයාර් ගැන සොයාබැලූ පසු ඒවා අවහිර කර මකාදමයි. ඔබේ පරිගණකයේ මෙන්ම ජංගම මෙවලම් වලද මෙම වැඩසටහන් ගබඩා කරගැනීම අත්‍යවශ්‍ය නොවේ. පරිගණකය සඳහා නිර්දේශිත මෘදුකාංග නිෂ්පාදන වන්නේ ‘ESET’, ‘Kaspersky’ හා ‘BitDefender’ (Windows and Linux) හෝ ‘Microwold’, ‘BitDefender’ හෝ ‘AVG’ (Mac) ආදියයි. ස්මාර්ට් දුරකතනයට සරිලන මෙවලම් වන්නේ Avast Mobile Security (Android) or Norton හා Lookout (Mac) ය.

ඉහත පළමු ඇප්ලිකේෂන් ගැන බොහෝදෙනෙකු දැනටමත් දැනුවත් අතර අවම වශයෙන් මේ අතරින් එක් ඇප්ලිකේෂනයක් හෝ ස්ථාපනය කරගනු ලැබ ඇත. කෙසේවුවත්, දත්ත වල පූර්ණ ආරක්ෂාව සහතික කිරීමට host intrusion prevention (HIP) යොදාගැනීමද අත්‍යවශ්‍ය වනු ඇත. මේ අතිරේක ආරක්ෂණ පියවර ඔබේ තොරතුරු පද්ධතිය අධීක්ෂණය කර එහි සෑම ක්‍රියාවලියක්ම නීත්‍යනුකූල ද යන්න සහතික කරනු ඇති අතර කිසියම් ප්‍රතිපත්තියක් උල්ලංඝනය වී ඇත්නම් එය පරිශීලකයාට දැනුම් දෙනු ඇත. HIP ඔබේ සාමාන්‍ය භාවිත රටාවන් වැඩසටහන්හි දෛනික භාවිත පුරුදු සමග සංසන්දනය කරන අතර එමගින් අනිෂ්ට මෘදුකාංග (මැල්වෙයාර්) ගැන සොයාගනු ඇත. ‘McAfee’ මෙම ආරක්ෂක මෘදුකාංගය සපයන එක් සැපයුම්කරුවෙකු වේ.

පළමු බැල්මෙන්ම, මෙම නිර්දේශිත ආරක්ෂිත වැඩසටහන් සියල්ල ස්ථාපනය කිරීමේ කර්තව්‍යය තරමක් පසුබටගන්වන කටයුත්තක් වේ, නමුත්, ‘McAfee’, ‘BitDefender’ හෝ  ‘Kaspersky’ මෙවැනි පද්ධති ඒකාබද්ධ කරන වැඩසටහන් වලට උදාහරණ වේ. විවිධ සංවිධාන හා සඟරාවන් සෑම වසරකදීම ආරක්ෂාව හා කාර්යක්ෂමතාවය අනුව විවිධාකාර සැපයුම්කරුවන් ශ්‍රේණිගත කරයි. පැකේජයක් මිලදීගැනීමට පෙර වර්තමානයේදී හොඳම අනිෂ්ට මෘදුකාංගය සපයන්නේ කවුරුන්දැයි සොයාබලන්න. AV Test මේ සඳහා සුදුසු හොඳ වෙබ් අඩවියකි.