1.3.2. නිර්නාමිකව සැරිසැරීම


වයිෆයි රවුටරය ගැන සුවිශේෂී අවධානයක් යොමුනොවේ. ඔබේ රවුටරයට පිවිසෙන හැකර්වරයෙකුට සමස්ත ජාලයටම පිවිසිය හැකිවේ. මේ නිසා ඔබට ලැබුණු රවුටරයේ තිබූ පළමු මුරපදය වෙනස් කිරීමට වගබලාගන්න, එය හැකිතරම් ශක්තිමත් කරන්න. ඉන්පසුව, වයිෆයි කේතාංකන කරන්න. වඩාත් සුරක්ෂිත කේතාංකන ක්‍රමවේදය වන්නේ WPA2 ය, එබැවින්, ඔබේ තොරතුරු කේතනය කරන විට මෙම පහසුකම යොදාගන්න. ඔබේ රවුටරය කේතාංකනය කරන්නේ කෙසේදැයි යන්න ගැන විශ්වාසයක් නැත්නම්, ඔබේ සේවා සැපයුම්කරුගෙන් උදව් ඉල්ලා  සිටින්න. කෙසේවුවත්, අන්තර්ජාලයට සම්බන්ධ වීමට තිබෙන ආරක්ෂිත ක්‍රමය LAN කේබල් සම්බන්ධතාව වේ. නිවසේ සිට වැඩ කරන අවස්ථාවලදී මෙම පහසුකම භාවිත කිරීමට නිර්දේශ කෙරේ.

ඔබේ රවුටරය සුරක්ෂිත කරගත් වහාම අන්තර්ජාලය හරහා සිදුකරන පර්යේෂණ ගැන අවධානය යොමුකරන්න. ඔබේ ගවේෂණයේදී පසුබිම් තොරතුරු ලබාගැනීමට හෝ මූලාශ්‍ර සොයාගැනීමට  අන්තර්ජාලය උපයෝගී කරගත හැකිවේ. සංවේදී මාතෘකා ගැන සෙවීම ඔබව තවදුරටත් ඔත්තුකරුවන්ට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති කටයුත්තක් වනු ඇත. මෙය ඔබේ පර්යේෂණයේ browsing කිරීමට, අනාගත මූලාශ්‍ර හා ඔබව සුරක්ෂිත පියවරක් වනු ඇත.

සුරක්ෂිතව සැරිසැරීමට කිරීමට හැකි ක්‍රමවේද දෙකක් පවතින අතර මෙමගින් වාරණය කර ඇති දෑ ඉක්මවා යා හැක, ඔබ සිටින ස්ථානය නොපෙන්වන VPN (Virtual Private Network) හෝ ප්‍රොක්සි සර්වර්ස් මේ සඳහා භාවිත කළහැක. VPN යනු ඔබ වෙනත් ජාලයක සිටින බව පෙන්වන උමඟක් වැන්නකි. මේ වීඩියෝව නරඹා මේවා ක්‍රියාකරන අන්දම ගැන දැනගන්න.

VPN භාවිත කිරීමට හැකි පහසුම ක්‍රමය නම් මෘදුකාංගය ස්ථාපනය කරගැනීමයි, ජංගම දුරකථන වෙනුවෙන් වෙනම ඇප්ලිකේෂන් යොදාගත හැකිය. ඔබ හිඳින්නේ කොතැනකදැයි පෙන්වන ස්ථානය VPN සක්‍රීය කළවිට තෝරාගත හැකිය. නිර්දේශිත VPN වන්නේ ‘ZenMate’, ‘CyberGhost’ හෝ ‘ExpressVPN’  ය.

බොහෝ VPN සම්පාදකයින් සිය සේවාවන් නොමිලේ ලබානොදෙන බව මතක තබාගන්න. මෙහි ගෙවීම් විස්තර සුරකිනු ලබන අතර ඔන්ලයින් බ්‍රවුසින් දත්ත වලින් නික්මුණු විට එහි සලකුණු ශේෂවනු ඇත. අතිශය සංකීර්ණ වුවත් ඔබේම VPN ක් ස්ථාපනය කිරීම මීට විකල්පයක් වනු ඇත. VPN සැපයුම්කරුවන් ගැන තොරතුරු මෙහිදී මේ වීඩියෝවෙන් දැනගත හැකිවනු ඇත.

TOR (The Onion Router) වඩාත් සුප්‍රකට ප්‍රොක්සි ජාලයක් වේ. TOR බ්‍රවුසරය භාවිත කරන අතරතුර වෙනත් IP ලිපිනයකින් සර්ෆ් කරන්න. TOR කේතාංකනය වූ පරිගණක පද්ධතියක් වන නිසා මෙය සිදුකළ හැකිය. සෑම පරිශීලකයෙකුටම මෙම ජාලයට පිවිසීමට අවස්ථාව තිබේ. මෙම සර්වර්ස් තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හරහා ගිය පසු පරිශීලකයා පිටවීම සඳහා ළඟාවේ. මෙය පරිශීලකයා නිළ වශයෙන් භාවිත කරන IP ලිපිනයයි.

කෙසේවුවත්, මින් අදහස් කරන්නේ ඔබව සොයාගැනීමට නොහැකි වනු ඇති බව නොවේ. 2014 දෙසැම්බරයේදී FBI ඇතුළු අනෙකුත් යුරෝපීය රහස් ඔත්තු සේවාවන් අඥාත පුද්ගලයින් 17 දෙනෙකු අපරාධ ක්‍රියාවන් වලට TOR අවභාවිත කළ බව සොයාගත්තේය. කෙසේවෙතත්, මෙවැනි මෙහෙයුම් අතිශය ප්‍රබල හා  වැඩි මුදලක් වැයවන ඒවා වේ. මාධ්‍යවේදීන් හා ජනතාව සිදුකරන ක්‍රියා ගැන සොයාබැලීමට රහස් ඔත්තු සේවාවන්  මෙවැනි ක්‍රමවේද අනුගමනය කිරීම සම්බන්ධයෙන් දැඩි අවදානමක් පවතී. නමුත්, මාධ්‍ය නිදහස ඉතා අවම මට්ටමක මෙන්ම සන්නද්ධ ඔත්තු සේවාවන් පවතින රටවලදී කටයුතු කරන විට ප්‍රවේශම්සහගත වන්න.

TOR බ්‍රවුසරය ජංගම දුරකථන හා ඇන්ඩ්‍රොයිඩ් මෙවලම් වලට Orfox’ හා  ‘Orbot’ වැනි ඇප් එකක් ලෙස ද ලබාගත හැකිවේ. ප්‍රොක්සි බ්‍රවුසරස් සොයන iOS පරිශීලකයින් ‘Onion Browser’ ඇතුළු කරගත යුතුවේ.