1.3.6. දත්ත මකාදමන්නේ කෙසේද ?


ඔබ පසුපස යම් අයෙකු පැමිණෙන බව හැඟේනම් ඔබේ පරිගණකයේ ඇති සියලු දත්ත මකාදැමීමට අවශ්‍ය නම් පහත උපදෙස් ගැන සැලකිලිමත් වෙන්න.

ඔබේ පරිගණකයේ ඇති මකාදැමීමේ (delete) යතුර භාවිත නොකරන්න. මෙමගින් ඔබේ සියලුම දත්ත වල යොමුව අවලංගු කළද, සැබෑ ලිපිගොනු මැකී නොගොස් ඒවා ඔබේ පරිගණකයේ ද්‍රෘඩ තැටියේ සටහන් වෙනු ඇති අතර තුන්වන පාර්ශ්වයක් මෙම දත්ත ප්‍රතිස්ථාපනය (restored ) කළවිට ඒවා නැවත ගබඩා වෙනු ඇත. මෙම තාක්ෂණය ඩිජිටල් කැමරා වල යොදාගන්නා අන්දම මෙන්ම USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් (USB  flash drive) වලට ද අදාළ වේ. සෑම ආකාරයකින්ම ඔබේ දත්ත overwrite කරගන්න. මෙහිදී ‘Eraser’, ‘Secure Eraser’ (both Windows) හෝ ‘Super Eraser’ (Mac) වැනි මෙවලම් යොදාගැනීම නිර්දේශ කරයි. මෙම වැඩසටහන් මුල් ගොනුව overwrite කිරීමට සංඛ්‍යා ගොනුවක් යොදාගන්නා අතර මෙමගින් මුල් ගොනුව ප්‍රතිස්ථාපනය කිරීම අසීරු වනු ඇත.

එමෙන්ම, ඔබේ මෙවලමේ තිබෙන ඕනෑම මෘදුකාංගයක් නිරතුරුව ඉවත් කර දැමීමට හා ඒවා නැවත ස්ථාපනය කරන්නට නිර්දේශ කෙරේ (අවම වශයෙන් වසරකට දෙවතාවක්). ඔබේ ද්‍රෘඩ තැටිය (hard drive) පමණක් format නොකර සිටින්නට වගබලාගන්න, නමුත්, දත්ත overwrite කිරීම හා ඔබේ ගොනු overwrite කිරීම එකම හේතුව නිසා සිදුකරන බව වගබලාගන්න. මේ කටයුත්ත සඳහා නිර්දේශිත මෙවලම් භාවිත කළහැකිය.