1.4.2. පණිවිඩ සුරක්ෂිතව හුවමාරු කිරීම


වට්ස්ඇප්, ටෙලිග්‍රෑම්, ෆේස්බුක් මැසෙන්ජර් හා ස්නැප්චැට් වැනි ක්ෂණික සන්නිවේදන ක්‍රම ඊමේල් අභිබවා ගොස් ඇත. මෙම මෙවලම් යොදාගනිමින් ලෝකයේ ඕනෑම තැනක වෙසෙන අයෙකු වෙත තත්ත්පර කීපයක් තුළ තොරතුරු හා ලේඛන පහසුවෙන් යැවීමට හැකිය. කෙසේවුවත්, නිතරම සිහියේ තබාගත යුතු කරුණ වන්නේ මේ එකදු ක්‍රමයක් වත් අතිශය සුරක්ෂිත නැති බවයි. සාමාන්‍යයෙන්,  අතිශය රහසිගත තොරතුරු මැසෙන්ජර් හරහා හුවමාරු කිරීම අනතුරුදායකය. iOS  මෙන්ම Android ජංගම දුරකථනයන්ට ද පහසුවෙන් ඇතුළත් කරගත හැකි සිග්නල් (Signal ), ටෙලිග්‍රෑම් ( Telegram ), වයර් (Wire ) වැනි පණිවිඩ හුවමාරු කරගැනීමේ සේවාවන් සුරක්ෂිත වේ.

පණිවිඩ හුවමාරු කිරීමට සුදුසුම මාධ්‍යක් තෝරාගන්නේ කෙසේද යන්න ගැන පැහැදිලි කරන Global Security at BuzzFeed හි අධ්‍යක්ෂ වන ජේසන් රීච්