2. ගවේෂණාත්මක පුවත් ශ්‍රව්‍ය හෝ ද්‍රෘෂ්‍ය මාධ්‍ය වෙනුවෙන් රචනා කරන්නේ කෙසේද ?

2. ගවේෂණාත්මක පුවත් ශ්‍රව්‍ය හෝ ද්‍රෘෂ්‍ය මාධ්‍ය වෙනුවෙන් රචනා කරන්නේ කෙසේද ?


සටහන (මෙය ගවේෂණාත්මක පුවත් ශ්‍රව්‍ය හෝ ද්‍රෘෂ්‍ය මාධ්‍ය වෙනුවෙන් රචනා කරන අන්දම ගැන සැකසුණු අත්පොතක් නොවේ. නමුත්, ශ්‍රව්‍ය, ද්‍රෘෂ්‍ය මාධ්‍යයේදී භාෂාව භාවිත කරන්නේ කෙසේද යන්න හා මනා ආඛ්‍යානයක් රචනා කරන අන්දම ගැන මූලික කරුණු මෙමගින් කියාදේ.)

ශ්‍රව්‍ය, ද්‍රෘෂ්‍ය මාධ්‍යයේ විකාශය වන සෑම ගවේෂණාත්මක පුවතකම වීඩියෝවකින් හෝ ශ්‍රව්‍ය මාධ්‍යයකින් උපුටාගත් කරුණු අන්තර්ගත වී තිබේ. එකම පිංතූරය හෝ ප්‍රකාශය මගින් එහි සන්දර්භය මත පදනම් වී කතා ගණනක් පැවසිය හැකිවේ. ඔබේ කතාව ගැන ප්‍රේක්ෂකයින්ට සම්පූර්ණ අවබෝධයක් ලබාදීම සහතික කිරීම ගවේෂණාත්මක පුවතේ පසුබිම ගැන දැක්වීමේ අරමුණ වේ.

බුද්ධිමත්ව ලියැවී තිබෙන සටහනකින් පවා සම්මුතිගත රූපයක් හෝ නීරස ප්‍රකාශයකින් පවා  ප්‍රේක්ෂකයින්ට නව ආලෝකයක් ලබාදෙනු ඇත. ගුවන්විදුලි මාධ්‍යයේදී මූලාශ්‍රය විසින් ලබාදුන් පටිගත කළ  ප්‍රකාශයකින් පවා අදාළ සන්දර්භය වඩාත් ශක්තිසම්පන්නව ඉදිරිපත් කිරීමට හැකිය. නමුත්, රූපවාහිනියේදී 85 % ක්ම දැඩි බලපෑමක් ඇතිකිරීමට සමත්වන්නේ පින්තූරය. ප්‍රේක්ෂකයින් ‘තොරතුරු ග්‍රහණය‘ කරගෙන ඊළඟ පෙළට නොයන නිසා නොසැලකිලිමත් ලෙස ඡායාරූප හෝ ප්‍රකාශ යොදාගැනීම විශිෂ්ඨ සටහන් පෙළක් භාවිත කිරීම වෙනුවට ඇති විකල්පයක් නොවේ. මේ අවස්ථා දෙකේදීම ඔබේ ගවේෂණාත්මක පුවත පදනම් කරගනිමින් ඡායාරූප හෝ පටිගත කළ හඬපට සපයාගැනීමට අවශ්‍ය වේ. මෙය ‘කණ වෙනුවෙන් ලිවීම‘ (ශ්‍රව්‍ය මාධ්‍යට), ‘රූප ‍පදනම් කරගනිමින් ලිවීම‘ (ද්‍රෘෂ්‍ය මාධ්‍ය) හෝ ‘ශ්‍රව්‍ය මාධ්‍ය වෙනුවෙන්‘ ලිවීම යනුවෙන් හැඳින්වේ.

ඔබේ කැමරාවට හසුකරගෙන ඇති පසුබිම් තොරතුරු පදනම් කරගෙන ලියන්න පටන්ගන්න. ඉන්පසු ඔබ රචනා කරන විවරණය හා සිද්ධි අනුපිළිවෙල තුළ පරිස්සමින් තෝරාගත් වචන යොදාගන්න.

  1. (a) ඔබේ ගවේෂණාත්මක පුවතේදී අතිශය වැදගත් වන අංග අවධාරණය කරන්න
  2. (b) එක් පැතිකඩක් පමණක් පෙන්වන තොරතුරු වලදී ඡායාරූප හා පුද්ගලයින් පළකරන ප්‍රකාශ යොදාගෙන එය සමබරව ඉදිරිපත් කිරීමට උත්සහ ගන්න
  3. (c) ප්‍රේක්ෂක අවධානය යොමුවිය යුතු යැයි ඔබ විශ්වාස කරන දෑ තෝරාගෙන අවධාරණයට කරන්න
  4. (d) විවිධාකාර ඡායාරූප හෝ පුද්ගලයින් දැක්වූ අදහස් (උපුටාදැක්වීම්) එකිනෙක සම්බන්ධ කරමින් කාලයත් සමග ඒවා වෙනස් වන අන්දම පැහැදිලි කරන්න
  5. (e) ඡායාරූප හෝ පුද්ගලයින් දැක්වූ අදහස් (උපුටාදැක්වීම්) සන්දර්භගත කරන්න
  6. (f) පින්තූර හෝ පුද්ගලයින් දැක්වූ අදහස් (උපුටාදැක්වීම්) වලට අතිරේක අර්ථකතනයක් හෝ තේරුමක් එක්කිරීමට එය විශේෂ කර දක්වන්න. (නමුත්, අදාළ තොරතුරු පදනම් විරහිතව යොදාගනිමින් එහි අර්ථය විකෘති නොකරන්න)

ගවේෂණාත්මක පුවතකදී ප්‍රමුඛතාව දිය යුතු මේ කරුණු ගැන නිවේදකයා හෝ වාර්තාකරුවා සුවිශේෂී උනන්දුවක් දැක්විය යුතුවේ. නමුත්, ඔහු / ඇය නිරන්තරයෙන් ප්‍රේක්ෂකයා හා පුවත් අතර බාධාවක් හෝ පෙරනයක් නිර්මාණය කරමින් ඊට මැදිහත් විය යුතු බව මින් අදහස් නොවේ. යම් අයෙකු ඔබේ ගවේෂණාත්මක පුවතට අදාළව සැබෑ අදහස් දක්වන සෑම අවස්ථාවකදීම අදාළ මාධ්‍ය ආයතනය මෙය සරළව ඉදිරිපත් කිරීමට කැමැත්තෙන් සිටී.

මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය (රූපවාහිනී, ගුවන්විදුලි) අතර පවතින වෙනස

  • > පාඨකයින් යමක් කියවන විට යමක් ගිලිහී ගියහොත් නැවතත් එය කියවාබැලීමේ හැකියාව මුද්‍රිත මාධ්‍ය තුළ ඇත, නමුත් විද්‍යුත් මාධ්‍යයේදී එක දර්ශනයකින් ගිලිහී යන දෙය නැවත නැරඹීමට නොහැක
  • > මුද්‍රිත මාධ්‍යයේදී යම් දෝශයක් සිදුවී ඇති විටක පාඨකයින්ට පිටුවක් කියවන වාරයක් පාසා එය දැකගැනීමට හැකිවේ, විද්‍යුත් මාධ්‍යයේ යම් අතපසුවීමක් සිදුවූ ඇති විටක ප්‍රේක්ෂකයින් සමහරවිට එය දැක තිබෙන්නට ඇත, නැතිනම් එය කිසිසේත්ම නොදැක තිබෙන්නට ද ඇත
  • > මුද්‍රිත මාධ්‍යයේදී ප්‍රධාන ශීර්ෂ, ඡායාරූපයක් අළලා රචනා කරන විස්තර හෝ ඡේද වැනි විශේෂකර දක්වන තොරතුරු පැහැදිලිව දැකගනු හැකිවන අතර පිටු පුරා මෙවැනි සලකුණු ඇත, නමුත්, ශ්‍රව්‍ය හෝ ද්‍රෘෂ්‍ය මාධ්‍ය තුළ විකාශනය අතරතුරදී සිදුවන්නේ කුමක්දැයි යන්න තේරුම්ගැනීමට ප්‍රේක්ෂකයින්ට නොහැකි වනු ඇත.
  • > මුද්‍රිත මාධ්‍ය පරිශීලනය කරනවිටදී කියවමින් සිටි තැන නවත්වා වෙනත් කාර්යයක නිරතවිය හැකිවේ, එය නැවත නැවැත්වූ තැනින් පටන්ගැනීමට හැකිවන අතර ඒ අතරතුර කිසිවක් ගිලිහී යන්නේ නැත. නමුත්, විද්‍යුත් මාධ්‍ය තුළ අදාළ කොටස පටිගත කර හෝ වෙබ් මාධ්‍යයෙන් මෙය නැවත ලබාගත නොහැකි නම් විරාමයක් තැබූ තැනින් නැවත පටන්ගැනීමට නොහැකි වේ
  • > විද්‍යුත් මාධ්‍යයේ පළවන පුවත් මගින් ප්‍රේක්ෂකයින්ට සාක්ෂි ගණනාවක් සොයාගත හැකිවේ (උදාහරණ – සැබෑ හඬපට, පිංතූර ආදිය).  මෙවැනි දෑ මගින් අදාළ සිද්ධිය තවත් සත්‍ය බව තහවුරු වේ (‘ඒක ඇත්තක් වෙන්න ඕන, මං ටී.වී එකෙනුත් දැක්කා‘). තවත් අන්දමකින් කිවහොත් සත්‍ය විකෘති කිරීම ද මේ ලෙසම සිදුකළ හැකිවේ
  • > විද්‍යුත් මාධ්‍යයේ විකාශය වන ප්‍රවෘත්ති පොඩ්කාස්ට් නොකරන්නේ නම් අදාළ විකාශන කාලය තුළදී පමණක් ඒවා පවතින අතර පුවත්පතක පළවන පුවතක් සේ එය දිගු කලක් එලෙසම පවතින්නේ නැත
  • > විද්‍යුත් මාධ්‍ය තුළ පුවත් විකාශනය වනවිට ඒ කෙරෙහි අවධානය යොමුකර සිටීම ප්‍රේක්ෂකයින්ට  අතිශය අසීරු වේ. පුවත ගැන සවිස්තර මතකයක් තබාගැනීමට වඩා ප්‍රේක්ෂකයින්ගේ සිතේ ඒ ගැන අතිශය කෙටි මතකයක් පවතී. නමුත්, පුවත්පත් මාධ්‍යයේදී සමස්ත පුවත ගැන සවිස්තර මතකයක් පාඨක සිතේ තබාගත හැකිවේ
  • > විද්‍යුත් මාධ්‍ය තුළ විකාශය වන ප්‍රවෘත්ති වලදී සුවිශේෂී සාක්ෂරතාවක් අත්‍යවශ්‍ය නොවේ. නමුත්, අදාළ පුවත් තෝරාගැනීමේදී වරින්වර වෙනස් වන තොරතුරු ලෝකය තුළ පුවත් ගැන හොඳ දැනුමක් මෙන්ම ඉවක් ද පැවතිය යුතුවේ.
  • > විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති ගත්විට ඒවා ඒකාකාරී ලෙස සැකසුණු පුවත්පත් පිටුවකට වඩා ආකර්ශණීය පෙනුමක් මෙන්ම හඬ හා රූප ද ඊට එක්වී තිබේ. නමුත්, මුද්‍රිත මාධ්‍යයේ පළවන පුවතක් කියවීමට වැඩි කාලයක් ගතවුවද එවැන්නකින් සවිස්තර තොරතුරු ලබාගත හැකිවේ

මේ සියලුම හේතු කාරණා විමසා බැලීමේදී විද්‍යුත් මාධ්‍යයේ ස්වභාවය මෙන්ම ප්‍රේක්ෂකයින් එය පරිහරණය කරන්නේ කෙසේද යන්න ගැන වැටහීමක් ලබාගත හැකිවේ, විද්‍යුත් මාධ්‍යට රචනා කරන පුවත් පිටපතකදී මුද්‍රිත මාධ්‍යට වඩා භාෂාමය සාධකය ප්‍රමුඛ වේ. නමුත්, මාධ්‍ය කුමක්වුවද සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමේදී සීමිත කාලය හා අවකාශය සමග සටන් කිරීමට ඔබට සිදුවනු ඇත.

ගවේෂණය අතරතුරදී ඔබේ අදහස ක්ෂණිකව ප්‍රේක්ෂකයින්ට ග්‍රහණය කරගත හැකි නැතිනම් ‘සුවිශේෂී ආකර්ශණයක් ලබාගැනීමට හැකි කරුණු‘ සොයාගැනීමට උත්සහ ගන්න, ඉහත කරුණු ඒ සඳහා භාවිත කරන්න