1.2. ගවේෂණාත්මක වාර්තාකරණය ගැන පවතින දුර්මත


1. ගවේෂණාත්මක වාර්තාකරුවෙකුට අතිශය කීර්මත් පුද්ගලයෙකු විය හැක

සමහරවිට, All the President’s Men සිනමාපටය තුළින් සැබැවින්ම ජනප්‍රියත්වයට පත්වූවේ මේ සිද්ධියට හැබෑවටම සම්බන්ධ වූ වොෂිංටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදීන් වූ බොබ් වුඩ්වර්ඩ් හා කාල් බර්න්ස්ටයින් නොව සිනමාපටයේ රංගනයේ යෙදෙන රොබට් රෙඩ්ෆෝඩ් හා ඩස්ටින් හොෆ්මන් ය.

ගවේෂණාත්මක වාර්තාකරණය අතිශය අසීරු මෙන්ම තවත් විටෙක අතිවිශිෂ්ට කාර්යයක් බව සිහිතබාගන්න.

2. මාධ්‍යවේදීන් විසින් වාර්තාකරනු ලබන පුවත් වලට වඩා ඔවුන් දැවැන්තයි

ගවේෂණාත්මක වාර්තාකරණය යනු මහජනතාවට සිදුකරන සේවයක් මිස පුද්ගලයින්ගේ ආඩම්බරකම ප්‍රදර්ශනය කරන අවස්ථාවක් නොවේ. එමෙන්ම, ගවේෂණාත්මක මාධ්‍යවේදීන් වූ පමණින් සිය වෘත්තීමය සම්මතයන් හා සදාචාරයන් හෙළාදැකීමට අවස්ථාවක් නොලැබේ.

3. ගවේෂණාත්මක මාධ්‍යවේදියා Lone Ranger සිනමාපටය මෙනි

සිනමාපටයක් තුළදී එක් වීරයෙකු පමණක් සිටින අතර සියලු සිදුවිම් ඔහු වටා බැඳී පැවතීම වඩාත් ප්‍රායෝගික වේ. කෙසේවුවත්, ගවේෂණාත්මක වාර්තාකරණයේදී කණ්ඩායමක් ලෙස දැරූ වෑයමක් නොවේ නම් එය තිරසාර කටයුත්තක් නොවෙනු ඇත.

4. බොහෝවිට ගවේෂණාත්මක වාර්තාකරණයේ නිරත වන්නේ පුද්ගලික මාධ්‍ය නාලිකා පමණි

එක අතකට මේ කතාවේ ඇත්තක්ද පවතියි. නමුත්, රජයේ හිමිකාරීත්වය යටතේ පවතින මාධ්‍ය රජයට විරුද්ධ ගවේෂණාත්මක වාර්තාකරණයේ නිරත වු අවස්ථා පවතියි.

5. ගවේෂණාත්මක වාර්තාකරණයේදී අවධානය යොමුකරන්නේ නරක පුවත් ගැන පමණි

ප්‍රජාව හා ඔවුන්ට සේවය කරන ජනමාධ්‍යට ප්‍රමුඛත්වය ලබාදීම වැදගත් වන්නේ වැරදි සොයාගෙන ඒවා නිවැරදි කිරීමටය. නමුත්, ගවේෂණාත්මක වාර්තාකරණයේදී ධනාත්මක පුවත් අනාවරණයට ද මූලිකත්වය දිය යුතුවේ. උදාහරණයක් ලෙස සත්‍ය හා හොඳ ගවේෂණාත්මක කතා වල පදනම වන්නේ කිසියම් කාරණයකට පහරගහන විට ඊට පිළිතුරු දීම හෝ පුද්ගලයින්ගේ – ප්‍රජාවගේ ඝෘණාත්මක ප්‍රතිරූපයට පිළිතුරු දීම විය හැකිය. ගවේෂණාත්මක වාර්තාකරණයේදී අප්‍රසන්න දේවල් ගවේෂණය කර එළිදරව් කිරීමෙන් මහජනතාව අසතුටට ද පත්වේ. මිනිසුන්ගේ පෞද්ගලික ජීවිත ගැන කටකතා පැතිරවීම ගැන කරන අනාවරණයන් පෞද්ගලික ජීවිත ගැන කරන හෙළිදරව් වලින් ඔබ්බට ගිය එකක් නොවේ. මහජනතාවට සැබැවින්ම බලපාන පුද්ගලික විෂමාචාරයෙන් ඔබ්බට ගිය සිද්ධි ගැන ගවේෂණය කිරීම වටී.

6. සරළවම කිවහොත් ගවේෂණාත්මක වාර්තාකරණය යහපත් වාර්තාකරණයකි

මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් පැවති සාම්ප්‍රදායික දැක්ම වූයේ ඔවුන් ‘මුරබල්ලන්‘ ලෙස කටයුතු කරන බවයි. වැරැද්දක් වනවිට ඊට ඉව ඇල්ලීම, වරද සිදුකරන අයට ඇගිල්ල දිගුකිරීම මෙන්ම වෙනසක් සිදුකළ හැකි පරිදි වාර්තාකිරීම ද මීට අයත්ය. මාධ්‍යවේදීන් මේ සියලු කාර්යයන් ඉටු කළ යුතුය. දූෂණයේ යෙදෙන පිරිස් නවතාලීම ද අතිශය වැදගත් වේ.

නමුත්, අපරාධකරුවන්ගේ වැරදි වලට අවසර දෙමින් වංචාවන් වල නිරත වන නවකයින්ට එවැනි අපරාධ වල නිරතවීමට ඉඩ නොදෙන අතර මෙවැනි කටයුතු නීතියේ රැහැනට හසුනොවන අන්දමින් සිදුකරන අන්දම ගවේෂණාත්මක වාර්තාකරණයේදී කියා නොදේ. මතුපිටට නොපෙනෙන ප්‍රශ්න හඳුනාගනිමින් නීතියේ රැහැනින් බේරී පලායාමට ඇති ඉඩකඩ වසා දැමීමට අනතුරු ඇඟවිය යුතුවේ. මේ සම්බන්ධ වගකිවයුතු බලධාරීන්ට අදාළ අපරාධකරුවන් හසුකරගැනීමට නොහැකි වුවහොත් ගවේෂණාත්මක වාර්තාකරණයේ තවදුරටත් නිරත විය යුතුවේ. ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සුපැහැදිලි වාර්තාකරණය, නිරීක්ෂණය, පර්යේෂණය හා පිළිතුරු පසුපස හඹායාමේ කුසලතා මීට එක්කාසු කරගත යුතුවේ.