2 පරිච්ඡේදය ගවේෂණයට ගැළපෙන පුවතක් සොයාගන්නේ කොහොමද ?

2 පරිච්ඡේදය ගවේෂණයට ගැළපෙන පුවතක් සොයාගන්නේ කොහොමද ?

සෑම පුවතක්ම අදහසකින් ආරම්භ වේ. මේ පරිච්ඡේදයෙන් පැහැදිලි කෙරෙනු ඇත්තේ මේ අදහස් ආරම්භ වන්නේ කොතැනින්ද යන්න ගැනය. පුවත්පත්, වෙනත් මූලාශ්‍ර සමග ඇතිවන කතාබහ, බලපෑම් කළහැකි හෝ නව පිබිදීමක් ඇතිකළ හැකි පුද්ගලයින් මුණගැසීම, අලුතින් එක්විය හැකි පුවත් ගැන පුළුල් අවධානය යොමුකරගෙන සිටීම වැනි කරුණු මෙහිදී පෙළඹීමක් ලබාදෙන කරුණු වේ. ෆේස්බුක් හා ට්වීටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි ගැන ද මෙම පරිච්ඡේදයේදී අවධානය යොමුවෙනු ඇති අතර ඒවායේ පළවන නැවුම් පුවත් හා ප්‍රධාන පුවත් නිරීක්ෂණය කිරීමේ වැදගත්කම ගැන ද අවධාරණය කෙරෙනු ඇත. ගවේෂණාත්මක වාර්තාකරණය යනු ඔබව සුවපහසු කලාපයෙන් මෑත්කරමින් නාඳුනන ගවේෂණයන් හා අවදානම් දැරීමට ඉඩ විවර කරගැනීමේ කටයුත්තකි. මේ සියලු කරුණුත් සමග ඔබ වඩ වඩාත් පුවත්, නැවුම් තොරතුරු කියවිය යුතු අතර ඔබේ ඇස් මෙන්ම කන් ද විවෘතව තබාගෙන සිටිය යුතුවේ.