1. ගවේෂණාත්මක පුවතක් සොයාගන්නේ කෙසේද ? [:ja]1. 記事のアイデアを見つける

1. ගවේෂණාත්මක පුවතක් සොයාගන්නේ කෙසේද ? [:ja]1. 記事のアイデアを見つける


බොහෝ ගවේෂණාත්මක පුවත් බිහිවන්නේ මාධ්‍යවේදීන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර වලින්, මීට පෙර ඔවුන්ගේ අවධානයට හසුවුණු පුවතකින් හෝ මේ වනවිට සිදුවෙමින් පවතින සිද්ධි ඇසුරිනි. මාධ්‍යවේදියා කොතැනකදී හෝ කියවූ දෙයක්, පුද්ගලික අත්දැකීමක්, වෙනත් අයෙකු සමග කළ සාකච්ඡාවකින් මතුවූ කරුණක්, අවස්ථාවක් ආදියෙන් ගවේෂණාත්මක පුවතක් ගැන උනන්දුව පහළවිය හැකිය. මනා ගවේෂණාත්මක පුවතක අදහස මෙන්ම පුවතක්ද  නිසැකවම හා හැමවිටම නිර්මාණය කිරීම පහසු නොවන බව වටහාගත යුතුවේ. සමහරවිට මෙය මාධ්‍යවේදියෙකුගේ වෘත්තීය ජීවිතයේ අතිශය අසීරු කටයුත්ත විය හැකිය.

පළමුවැන්න, අංකුර ගවේෂණාත්මක මාධ්‍යවේදීන් නිරතුරුවම සිය වෘත්තීය ගමන්මග ඇරඹීමේදී රහසිගත ලියවිලි වලින් සිය කාර්යය ඇරඹීමට හැකි බවට හීන මවයි. මෙහි අන්තර්ගතයන් හෙළිදරව් වූ විට, සොයාගත් පුවත මුල් පිටුවේ පළවී මාධ්‍යවේදියාගේ නම් ලොකු අකුරින් මුද්‍රණය වේ. ඇගයීම් හා සම්මාන පැමිණෙන්නේ ඉන් අනතුරුවය. මෙය තවත් අන්දමකින් නිමාවීමට ද හැක. වෝටර්ගේට් සිද්ධිය නිර්නාමිකව රහසේ කළ අවවාදයකින් ඇරඹුණු අතර අවසානයේදී මෙය නිමාවට පත්වන්නේ ජනාධිපති රිචඩ් නික්සන්ට සිය ධූරයෙන් ඉල්ලා අස්වන තැනට කරුණු සම්පාදනය කරමිනි. නමුත්, සාමාන්‍යයෙන්, දේශපාලන දූෂණයන් හා සම්බන්ධ නිර්නාමික ඇමතුම් හෝ අතිශය රහස්‍ය ලියකියවිලි අතිශය දුර්ලභ දෑ වන  අතර මෙවැනි තොරතුරුක් ලද විගය ඒ ගැන අතිශය සියුම්ව විමසා බැලීම ද වැදගත්වේ. වෝටර්ගේට් සිද්ධිය මෙහිදී නිදසුන් ලෙස දක්වා තිබෙන්නේ එය අතිශය ප්‍රසිද්ධ සිදුවීමක් නිසා පමණක් නොව අධිෂ්ඨානශීලී මාධ්‍යවේදීන් පිරිසක් සිය කාර්යභාරය මහත් උනන්දුවෙන් සිදුකළ බැවිනි. වෝටර්ගේට් සිද්ධිය දේශපාලනඥයින් සිදුකළ වංක ක්‍රියා ගැන අනාවරණය වූ කතාවක්ද වේ.

දෙවැන්න, මාධ්‍යවේදීන් කවදාවත් විවේකයෙන් නොසිටී. ඔවුන් උදේ සවස කාර්යාලයට යන එන අතුරතුරදී අවහිර වී තිබෙන කාණු, විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලයේ තිබෙන දිගු පෝලිම් මෙන්ම සායනයක හිඳින නොහික්මුණු හෙදියන් දෙස පවා අවධානයෙන් බැලිය යුතුවේ. බැලූ බැල්මට පෙනෙනවාට වඩා ගවේෂණයක හා වැඩිදුර සොයාබැලීමක නිරත වු විට පුවතකට සරිලන අදහස් සොයාගත හැකිවේ. ඔබේ සටහන් පොතේ අදහස් වලට ඉඩක් වෙන්කර තබාගන්න. ඔබ නිරීක්ෂණය කරන සෑම දෙයක්ම, පැනනැගෙන ප්‍රශ්න ආදී ඕනෑම දෙයක් කෙටියෙන් ලියාගන්න. මේ සියලුම දේ ඔබේ ජංගම දුරකථනයේ ද පටිගත කරගන්න.

 තුන්වෙනි කරුණ, පුවතට අදාළ ස්ථානය නිරීක්ෂණය කළපසු මෙන්ම මීට අදාළ පුද්ගලයින් සමග කතාබහ කිරීමෙන් පසුව, අදාළ තොරතුරු පටිගත කිරීමෙන් අනතුරුව පවා ‘මට ගොඩක් සාක්ෂි නැහැ‘ යනුවෙන් වාර්තාකරුවෝ මැසිවිලි නගති. නමුත්, මේ සියල්ලම සාක්ෂිය. පුවත ගැන සොයාබැලීමට පිවිසෙන විටදීම ඔබට අත්විඳින්නට සිදුවන දේ තවත් අයෙකුට සිදුවන දේ ට වඩා අතිශය වැදගත් වේ. ඔබ එය හැබෑවටම අත්විඳ තිබෙන නිසා සිදුවූයේ කුමක්දැයි යන්න දැනසිටීම වාසියකි. මාධ්‍යවේදීන් ඔවුන්ගේම සාක්ෂිකරුවන් වේ, තම පුවත ඔපමට්ටම් කිරීමට අවශ්‍ය නිරීක්ෂණ වලට පළමු පෙළේ අත්දැකීම් හා අදාළ සටහන් තබාගැනීම අතිශය වැදගත්වේ. කිසිදිනක මතකයන් මත විශ්වාසය නොතබන්න. හොඳ කැමරාවකින් යුතු ජංගම දුරකථනයක් පැවතීම සුවිශාල පිටුබලයක් වනු ඇත. කුතුහලය දනවන යමක් දුටු ගමන් එය ඡායාරූපයකට හසුකරගන්න.