1.2. ඕපදූප හා කටකතා වලින් තොරතුරු සොයාගන්නේ කෙසේද ?

1.2. ඕපදූප හා කටකතා වලින් තොරතුරු සොයාගන්නේ කෙසේද ?


එදිනෙදා රටතොට සිදුවන දේවල් ගැන දැනගන්නට හොඳම පිරිස පදික වෙළඳුන්, ටැක්සි රියදුරන් හා පදිකයින්, දේශපාලඥයින්ට සමීප පුද්ගලයින්, පොලීසිය, ඉඩකඩම් විකුණන තැරැව්කරුවන් හා බාර් අයිතිකරුවන් වැනි තැනැත්තන්ය. කෙසේවුවත්, එදිනෙදා ඇතිවන ප්‍රවණතා හා වෙනස්කම් ගැන ඕපදූප හා කටකතා මගින් දැනගත හැකිවේ. ‘මාධ්‍ය න්‍යාය පත්‍ර සැකසීම‘ නැත්නම්  පරිශීලකයින් වඩාත් උනන්දු විය යුත්තේ කුමකටදැයි යන්න පැවසීම නිසා ජනමාධ්‍ය නිරන්තරයෙන් චෝදනා ලබයි. නමුත්, කටකතා ඊටම අනන්‍ය න්‍යාය පත්‍රයක් සකස් කරගනී.

මාධ්‍යවේදීන් නිරන්තරයෙන් මිනිස්සු කතාබහ කරන සිද්ධි හෝ පුවත් මොනාදැයි යන්න ගැන අවධානයෙන් සිටිය යුතුවේ. උදාහරණයක් ලෙස තරුණියකගේ අතුරුදහන්වීමක් ගැන කටකතාවක් පැතිරේ යැයි සිතමු. මෙම අතුරුදහන්වීම තරුණියන් ලිංගික වෘත්තියට යොදවන ජාවාරමක ප්‍රතිඵලයක්ද ? යන්න ගැන සැලකිලිමත් විය යුතුවේ. ධනවත් ව්‍යාපාරිකයෙකු හදිසියේ මුදල් වියපැහැදම් නවතාදැමුවාද ?, නැත්නම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු අපරාධ කල්ලි වල සාමාජිකයින් සමග ගැවසෙනවාද ? යන්න ගැන නගරයේ එදිනෙදා ගැවසෙන මිනිස්සු කටකතා, ඕපදූප ලෙස කතාවේවි. මේ අතරින් බොහෝ කතා සත්‍ය ඒවා ද වේවි. මිනිස්සු මෙවැනි කතා විශ්වාස කරන්නේ ඇයි දැයි ? මාධ්‍යවේදීන් තමාගෙන්ම අසා දැනගත යුතුවේ. මේ කටකතා වලින් අපේ රට මෙන්ම කාලය ගැන කියන්නේ මොනවද ? මිනිස්සු ෆේස්බුක් වලින් පතුරුවා හරින ඕපාදූප මොනවද ?

පළමු පියවර නම් මෙම කටකතාවේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කිරීමයි. හැමවිටම මූලාශ්‍ර මගින් මේ බව සොයාබැලිය හැක. උදාහරණයක් ලෙස තරුණියන් අතුරුදහන්වීමේ සිද්ධියක් යැයි සිතමු. අතුරුදහන්වී තිබෙන තරුණියන් සංඛ්‍යාව ගැන පොලිස් ස්ථානයෙන් විමසිය යුතුය, මීට අදාළව මත්පැන් පානය කිරීම නිසා සිදුවූ දූෂණ ක්‍රියා ගැන වෛද්‍යවරුන්ගෙන් තොරතුරු විමසන්න. ව්‍යාපාරිකයින් සම්බන්ධ සිද්ධියක් නම් අදාළ ව්‍යාපාරිකයා යටතේ සේවයේ නිරතවන අයගෙන් මෙම ව්‍යාපාරයේ තත්ත්වය ගැන විමසිය යුතුවේ, මූල්‍ය විශ්ලේෂකයින්ගෙන් වෙළඳපල හැසිරීම ගැන විමසිය යුතුය. මෑතකදී මෙම ව්‍යාපාරිකයා වත්කම් විකුණා තිබේද ? නැත්නම් පොලීසියේ පිරිස කටයුතු කරන්නේ කෙසේද යන්නද නිරීක්ෂණය කළ යුතුවේ. අදාළ කටකතාවේ හරය ඔබේ ගවේෂණාත්මක පුවතේ ආරම්භය විය හැකිය.