1.3. රහස් තොරතුරු, අවවාද හා ඉඟි


වැරදි හෙළිදරව් කරන බොහෝ පුවත් කිසියම් ඉඟියක් ද සමග ආරම්භ වේ. උදාහරණයක් ලෙස පොලිසියේ සිටින ඔබේ මිත්‍රයෙකු මෝටර් රථ සොරකම් කිරීමේ ජාවාරමකට සම්බන්ධ වී සිටින පොලිස් කොමසාරිස්වරයෙකු ගැන දන්නවා විය හැක. නැතිනම් පළිගැනීමේ චේතනාවෙන් සිටින හිටපු බිරිඳක් පුවත්පතට ඇමතුමක් දෙමින් බදු ගෙවීම් පැහැර හරින සිය සැමියා ගැන දන්වා සිටිනු ඇත, දේශපාලඥයෙකු තමන්ට සමීප පුවත්පත් කතුවරයෙකු සමග සමාගමක් විසින් රජයේ ටෙන්ඩරයක් ඉල්ලා සිටින සාමාජිකයෙකු සමග පවතින අයථා ඇසුර ගැන පවසනු ඇත.

නමුත්, මෙම තොරතුරු සැබෑ ලෙස පෙනෙන අන්දමේ ඒවා නොවෙනු ඇත. සමහරවිට එවැනි තොරතුරු අසත්‍ය හා කිසියම් යටි අරමුණක් සාක්ෂාත් කරගැනීමේ අදහසින් සැලසුම් කළ ඒවා විය හැකිය. එය වෙනත් අයෙකුගේ න්‍යාය පත්‍රයට අනුව සකස් වූ අර්ධ සත්‍යය ඇති තොරතුරක් විය හැකිය. එය සත්‍ය හෝ අසත්‍ය වුවත්, ඔබට මේ පුවත වාර්තා කිරීමේ න්‍යාය පත්‍රය සැකසීම සඳහා ගත් උත්සහයක් විය හැකිය. පළමුව ඔබ මෙය ප්‍රශ්න කළයුතුය.

  • > මට මේ ගැන කිසිදු ඉඟියක් ලැබුණේ නැතත් මෙය මවිසින් ලියන්න තරම් වටින විෂයක්ද
  • > මේක අතිශය උනන්දු විය යුතු තරමේ තේමාවක්ද
  • > මහජන යහපත තකා මේ ගැන ඇත්ත එළිදරව් කළයුතුද

මේ තොරතුරු සනාථ කළහැකි නම්, උදාහරණ ලෙස පොලිස් නිළධාරියා හා ඔහුගේ ජාවාරම ගැන දැනගැනීමේදී ලැබෙන පිළිතුරු ‘ඔව්, ඔව් හා ඔව්‘ යන්න වේ.


දුෂණය – එකම කාසියේ දෙපැත්ත

ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයෙකු සම්බන්ධ සිද්ධියේදී හෝ බදු නොගෙවා මගහරින සිද්ධියේදී  ඔබ පිළිතුරු සොයාගන්නේ කෙසේද ?. දූෂිත පුද්ගලයෙකු ගැන අනාවරණය කිරීම සමාජ සාධාරණත්වය මෙන්ම මහජන යහපතට පුළුල් බලපෑමක් ඇතිනොකරන්නකි. මෙය රාජ්‍ය ව්‍යුහය තුළ දූෂණය හා බදු පැහැර හැරීම ආදිය පද්ධතිගතව පවතින අතර ඇතැම් සමාජ කණ්ඩායම් සිටින රටක මෙය ජන්මගත පුරුද්දක් පෙන්නුම් කරන අවස්ථාවකි. මාධ්‍යවේදීන් නිතරම තර්ක කරන්නේ එක් වැරැදිකරුවෙකු හෙළිදරව් කිරීමෙන් අන්අය ‘භීතියට පත්වන බව‘ත් දූෂණයට එරෙහි අරගලය දියුණු වන බවත්ය. මෙහි සත්‍යයක්ද ඇත. නිරාවරණය වීමේ අවදානම සමහර කොල්ලකරුවන්ට බාධාවක් වන අතර  කුඩා මුදල් ප්‍රමාණයක් ඔවුන් අත ඉතිරි වනු ඇත. එමෙන්ම, මේවා බදු ගෙවන අයගේ මුදල් වන නිසා ඒ ගැන දැනගැනීමට මහජනතාවට ද අයිතියක් තිබේ.

නමුත්, නිතැතින්ම සෑම ආයතනයක්ම හා ගනුදෙනුවක්ම දූෂණයෙන් පිරී ඇති නිසා දූෂණයේ යෙදුණු අප්‍රමාණ පිරිස ගැන මාධ්‍ය හරහා අනාවරණය කිරීම දූෂණ ව්‍යුහයට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත් වී නැත. දූෂණය සෑම තැනකම පැතිරී පවතින අතර සමහර අවස්ථා වලදී දූෂණය මැඩලීමට පවතින ආයතන පවා දූෂණයෙන් පිරී ඇත. මෙම ආයතන වල පවතින දූෂණය ගැන පැවසීමේදී පහසුවෙන් තොරතුරු සොයාගත හැකි බදු ගෙවීම් පැහැර හැරීම හා අල්ලස් වැනි සිද්ධි ගැන අනාවරණය කළ හැකි නම් එමගින් සුවිශේෂී බලපෑමක් ඇතිවිය හැකිය. උදාහරණයක් ලෙස ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු කරන අනාවරණයකදී බදු නොගෙවා සිටීම රෝහල් වල සායනික පහසුකම් පුළුල් කිරීමට අවශ්‍ය සම්පත් හිඟ වීමට බලපාන්නේ කෙසේද යන්න ගැන පැවසීමට හැකිය. හුදෙක් පුවතක් ඉදිරිපත් කිරීම වෙනුවට ජනතාවට සෘජුව බලපාන ප්‍රශ්නයක් ගැන අනාවරණය කිරීමෙන් වැඩි බලපෑමක් සිදුවේ. දේශපාලන පක්ෂ සිය අපරාධ වලට එල්ල වන චෝදනා වලින් ගැලවීමේ මගක් ලෙස දූෂණ විරෝධී බව යොදාගන්නවා නම් සිය රට තුළ පවතින දේශපාලන ව්‍යුහයේ සැගවී තිබෙන දේවල් ගැන දැන උගත් පාඨකයින් පිරිසක් මේ මාධ්‍යවේදීන් හමුවේ සිටියි.