1.2.2. ප්‍රමාණවත් සාක්ෂි


ඔබට අවශ්‍ය සාක්ෂි සඳහා මූලාශ්‍ර ප්‍රභව ලැයිස්තුගත කළ පසු, ඔබේ උපන්‍යාසය සඳහා සාධකයක් ලෙස හෝ ඔබේ ප්‍රශ්නය සඳහා ප්‍රමාණවත් පිළිතුරක් තීරණය කළයුතුවේ. ජල නිෂ්පාදනාගාරය දැන් භාවිතා කරන ප්‍රමාණයට වඩා ගුණාත්මක බව ගැන අඩු ප්‍රමිතීන් යොදාගන්නා බව ඔප්පු කිරිමට මෙය ප්‍රමාණවත්ද ?. නැත්නම්, මේ ගුණාත්මක බව සම්බන්ධ දුර්වල ප්‍රමිතීන් වල ප්‍රතිවිපාක මොනවාදැයි සොයාබැලිය යුතුවේ. අතිවිශිෂ්ට ගවේෂණාත්මක වාර්තාකරුවන් ඔවුන්ගේ උපකල්පන වලට සහාය දෙන සාක්ෂි පමණක් නොව ඊට පටහැනි සාක්ෂි ද එකතු කරයි. නිදසුනක් ලෙස දැනටමත් ඉතා ධනවත් රාජ්‍ය නිළධාරියෙකු ඩොලර් 10,000 ක අල්ලසක් ලබාගැනීමට කාලය යෙදවීමට අකමැතියි. එකිනෙකට පරස්පර සාක්ෂි සැලකිල්ලට ගැනීම ‘ප්‍රාර්ථනාවෙන් යුතු චින්තනය‘ මගහැරීමට තිබෙන හොඳම මගයි.  විශ්වසනීය හා සම්පූර්ණ සාක්ෂි, විවිධ මූලාශ්‍ර, මූලාශ්‍ර සංඛ්‍යාව, ඔබේ සාක්ෂි අවලංගු කිරීමට හෝ වලංගු කිරීමට කුමක් කළ හැකිද ? යන්න පිළිබඳව ඔබ, ඔබෙන්ම ප්‍රශ්න විමසන්න. වඩාත්ම පරීක්ෂාකාරී හා සවිස්තරාත්මක පිරික්සුම් සඳහා අවශ්‍ය සාක්ෂි මොනවාද ? ඔබේ පර්යේෂණයේදී ඔබට මෙය කළහැකිද ?  යන්න විමසන්න.

‘සාධකය‘ යන සංකල්පය ගැන ප්‍රවේශම් වන්න. මෙය යමක් පිළිබඳ නිරපේක්ෂ සාක්ෂියක් සොයාගැනීම ඉතා කලාතුරකින් සිදුවේ, මෙය ‘පරිවේශණ සාක්ෂි‘ (smoking gun) යනුවෙන් හැඳින්වේ. සමහරවිට ඔබේ උපකල්පනය නිවැරදි බව අනුමාන කිරීමට පමණක් ප්‍රමාණවත් සාක්ෂි රැස්කිරීමට හැකිවනු ඇත. මේ තත්ත්වය සාපරාධී චෝදනාවලට ‘සාධාරණ සැකයකින් තොරව‘ සාක්ෂි අවශ්‍ය වන්නේ කෙසේද යන්න සැලකිල්ලට ගැනීම, සිවිල් අයිතිවාසිකම් නඩුවක එක් පාර්ශ්වයක් වෙත බර පැටවීමට ‘සම්භාවිතා පිළිබඳ සමබරතාව‘ ආදියට සමාන වේ. ඔබේ ගවේෂණාත්මක පුවතට සාක්ෂි හෝ සම්භාවිතා ඉදිරිපත් කර එය පැහැදිලිව ඉදිරිපත් කරනවාද, ඔබට කිසිවිටක ප්‍රශ්න කළ නොහැකි සාක්ෂි තවමත් නොතිබියදී පවා ගවේෂණාත්මක පුවතක් තිබෙනු ඇති අතර නමුත්, මෙය ලියන්නේ කෙසේදැයි යන්න ගැන ඉතා පරිස්සම් විය යුතුවේ.