1.3. ක්‍රමවේදය


ඔබට අවශ්‍ය මූලාශ්‍ර හෝ ලේඛන වහාම සොයාගැනීම පහසු නැත. මෙවැනි අවස්ථාවකදී, මාධ්‍යවේදියෙකු  මෙවැනි මූලාශ්‍ර ලබාගැනීමට නිර්මාණාත්මක ක්‍රම සොයාගැනීමට සිදුවනු ඇත. ශාස්ත්‍රීය ක්‍රියාකාරකම් වලදී ක්‍රමවේද සොයාගැනීමට අප උත්සුක වේ, නමුත්, ඉන් සරළව අදහස් වන්නේ ඔබේ පර්යේෂණය සිදුකිරීමට භාවිතා කරන ප්‍රවේශයයි. තොරතුරු ලබාගත හැකි ක්‍රමවේද රැසක් මත පදනම්ව වාර්තාගත පර්යේෂණ, සජීවි සම්මුඛ සාකච්ඡා, වෙබ් අඩවි, නිරීක්ෂණ හෝ වෙනත් ප්‍රවේශයන්  වලින් තොරතුරු ලබාගත යුතුවේ. ඔබ භාවිත කරන්නේ කුමන මූලාශ්‍ර ද, ඒ වෙනුවෙන් කෙතරම් කාලයක් කැපකරනවාද, හරස් පරීක්ෂණ ක්‍රමවේද යොදාගන්නවාද ආදිය මෙන්ම මෙම වැඩකටයුතු ඉදිරියට ගෙනයන ආකාරය ගැන තීරණය කළයුතුවේ. ඔබේ උපකල්පන සනාථ කරන සාක්ෂි හැමවිටම සොයා යා යුතුවේ. මෙය සන්දර්භය, පසුබිම් තොරතුරු, ඉතිහාසය හෝ දේශගුණය ආදියේ සිදුවනු ඇතැයි සැලකෙන කරුණු ගැන චිත්‍රණය කිරීමෙන් වක්‍රකාරව කළ හැකිවේ. ඔබේ මූලාශ්‍ර වලින් අදාළ සාක්ෂි ලබාගැනීමෙන් මෙය වඩාත් කාර්යක්ෂමව කළ හැකිවේ.

ඔබට මුහුණදීමට සිදුවිය හැකි බාධා ගැන කල්තබා සිතීම ක්‍රමවේදය සැලසුම් කිරීමේ වැදගත් අංගයක් වේ. ඔබට යම් ලියවිල්ලකට පිවිසිය නොහැකි වේ යැයි හෝ ප්‍රධාන මූලාශ්‍රය ඔබ සමග කතාකිරීම ප්‍රතික්ෂේප කරාවි යැයි සිතන්න. ඔබේ Plan B වෙන්නේ කුමක්ද ?, මේ හා සමානම තොරතුරු ලබාදෙනු ඇතැයි සැලකෙන විකල්ප සාක්ෂි හෝ සහය මේ මුලාශ්‍රය හා සමානවම ලබාදේ යැයි සිතනවාද ?. ඔබ අනුගමනය කරන ක්‍රමවේදය ගැන තීරණය කළ වහාම ඔබේ ගවේෂණය හා අයවැය සඳහා කාල පරාසයක් සැකසිය යුතුවේ. කාල පරාසය සැකසීමෙන් මෙම ගවේෂණයට කෙතරම් කාලයක් ගතවේද යන්න තීරණය කළහැක, සංරක්ෂිත දත්ත, සම්මුඛ සාකච්ඡා, අන්තර්ජාලයේ පරික්ෂා කිරීම හා ලේඛනය ආදිය මීට අයත් වන ක්ෂේත්‍ර වේ.

විවිධ කාර්යයන් වලට කාලය වැය වන නිසා මේ කාල සටහනේ අන්තර්ගත විය යුතු සුවිශේෂී සාධකයන් වන්නේ අවසන් කළයුතු කාලය හා තරගයයි. මේ ගවේෂණාත්මක පුවත දැනටමත් බලය ලත් හා දින චර්යා පාදක කරගත්තක් නම් අවසන් වන කාලයෙන් පසු නැවත වැඩ කිරීම හා අත්‍යවශ්‍ය සම්මුඛ සාකච්ඡා හා පර්යේෂණ ඔබේ කාලසීමාව තුළ සැලසුම් කරගන්න. අනෙක් අතට, ඔබේ ගවේෂණාත්මක පුවත සංස්කාරකවරයෙකුට ඉදිරිපත් කරන්නේ නම්, ඔබ ආරම්භක ස්ථානයේ සිට වැඩකරයි නම්, ඔබ ගවේෂණාත්මක පුවත සූදානම් බව දැකගත හැකිවේ. කතාබහ කිරීම මේ ක්‍රියාවලියේම කොටසක් වුවත් ඔබට නිශ්චිත කාල පරාසයක් අනුව කටයුතු කිරීමට සිදුවේ නම් ඔබට වුවමනා කාලය ගැන කතිකා කිරීමට සිදුවේ.

මෙම ගවේෂණාත්මක පුවත මහජන අවකාශය තුළ සාකච්ඡාවට බඳුන් වන ‘උණුසුම්‘ මාතෘකාවක් නම් තරගකාරී අනෙක් මාධ්‍ය ද මේ පුවත හඹායනු ඇත. ඔබ මේ ගැන මනාව දන්නේ නම්, ඔබේ ගවේෂණාත්මක පුවත කඩිනමින් පළකිරීමට වේගයෙන් වැඩකළයුතු වේ. කෙසේවුවත්, ගවේෂණාත්මක වාර්තාකරණය ඉතා ඉක්මනින් කඩිමුඩියේ නොකළ යුතුය, මෙවැන්නක් කඩිනම් කිරීමෙන් නීතිමය ප්‍රතිවිපාක වලට මඟ පෑදෙනු ඇත. ඔබ ඉදිරියෙන් කාල සටහනක් පවතින නිසා මෙය සම්පූර්ණ ගවේෂණය නොවූවත් කිසියම් සංගත හා සැලකිය යුතු කරුණක් ප්‍රකාශයට පත්කළ යුතු ද යන්න තීරණය කළ යුතුවේ.