2.2. විශ්ලේෂණය, ප්‍රති – නිර්වචනය


ඔබ පසුබිම් පර්යේෂණය ඉවත් කර සම්මුඛ සාකච්ඡා ගණනාවක් කර තිබෙන්නට ඇත. දිස්ත්‍රික්ක ගණනාවකට ගොස් ඒවායේ සැබෑ තත්ත්වය සියැසින්ම දැක තිබේ. අවාසනාවකට, ඔබේ උපන්‍යාසය වෙනස් වී ඇත. ඔබේ ගවේෂණාත්මක පුවතට නව කරුණු එකතු කර නව අර්ථකතනයක් ලබාදීමට කිසිවිටක බියනොවන්න. සුඛනම්‍යතාවය සුවිශේෂී ගවේෂණාත්මක පුවතක පවතින වැදගත් මූලධර්ම වලින් එකකි. ඔබේ මූලික අදහසට දැඩි ලෙස සිරවී නොසිටි ඊට නව කරුණු එකතු කිරීමට උත්සහ ගන්න.

මේ පසුබිම් තොරතුරු එක්කළ පසු මීළඟ පියවර වන්නේ ඔබේ ගවේෂණයට ගැඹුරක් එක්කිරීම හා අනවශ්‍ය දේවල් ඉවත් කිරීමයි. ඔබ සිදුකළ කාර්යයන් ඉවත් කරදැමීම වේදනාබර වේ. නමුත්, ඔබට අනිවාර්යයෙන්ම එසේ කිරීමට සිදුවේ. ඉදිරියේ ප්‍රයෝජනවත් විය හැකි පැරණි කරුණු ගොනුකරන්න. අර්ථවත් නිළ ප්‍රකාශ ගැන සොයාබලා වඩාත් ආකර්ශනීය මූලාශ්‍ර හා ප්‍රභවයන් ගැන නැවත සොයාබලන්න. ඔබ සොයන්නේ නිශ්චිත කරුණුයි, නිශ්චිත උපකල්පන ප්‍රතිස්ථාපනය කිරීමට හැකි නිශ්චිත සාක්ෂිය. මෙමගින් විෂය ගැන ඔබට තියෙන අවබෝධය තවදුරටත් පුළුල් වනු ඇත. ඔබ නඩු තීන්දුවකින් පහරදීමට අවශ්‍ය නැත. සත්‍ය බව තහවුරු කළ නොහැකි කරුණු අමතක කරදමන්න. ඔබේ සටහන් වල පවතින එකිනෙකට පරස්පර තැන් ගැන සොයාබලන්න, මේ කරුණු එකිනෙක පෑහේද ?. ඔබ සොයාගත් පක්ෂග්‍රාහී මූලාශ්‍ර වලින් කියන්නේ මොනවාද ?, මේ සියලු විවේචන ලබාගැනීමට උත්සහ දරන්න, ඒවා නැවත නැවත විමසා බලන්න.

ඔබ ක්‍රමයෙන් ඉදිරියට යන විට මේ වනවිට සිදුවෙමින් තිබෙන්නේ කුමක්දැයි කර්තෘවරයාට දැනුම්දෙන්න, මේ නිසා කර්තෘවරයාට නැවත සැලසුම් කරගැනීමට, නැවත ඉඩ වෙන්කරගැනීමට හෝ මේ ගවේෂණාත්මක පුවත වෙනත් පිටුවක පළකිරීම ගැන සැලසුම් කරගත හැකිවේ. ඔබ හැකි ඉක්මනින් මෙය සිදුකළ යුතුවේ. එමෙන්ම, අපහාස නීතිය යටතේ චෝදනා ලැබීමට ඇති අවස්ථාව හා අනෙකුත් නීතිමය ගැටළු පිළිබඳ සංස්කාරක සමග සාකච්ඡා කරන්න. අවසන් වූ ගවේෂණාත්මක පුවත නීතිවේදියෙකුට පෙන්වා උපදෙස් ලබාගැනීම ඔබ දෙදෙනාගේම ආරක්ෂාවට අත්‍යවශ්‍ය වන කරුණකි.