ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මෙම කොටසින් අවධානය යොමුකරනු ඇත. ඊමේල් හා කෙටි පණිවිඩ හරහා දත්ත හුවමාරු කරන අන්දමින් එකිනෙකට වෙනස් ජාල හරහා තොරතුරු ගලායන්නේ කෙසේද යන්න ගැන මෙන්ම ‘සංඥා කරන දත්ත‘ ගැන මෙහිදී කතාබහ වේ. අදාළ පාර්ශ්වය වෙත තොරතුරු යාමට ප්‍රථමයෙන් එයට තුන්වැනි පාර්ශ්වයක් අවහිර එල්ල කරයි නම් පහත සඳහන් ආරක්ෂක මෙවලම් එවැනි බාධාවන් වැළැක්වීමට කටයුතු කරනු ඇත.