1.3.3. Clouds භාවිත කිරීම


Dropbox, Google Drive හෝ OneDrive මෙන්ම ක්ලවුඩ් ද නොමිලේ ලබාගත හැකි අතර ඒවා භාවිත කිරීම ද පහසු වේ. මේ හරහා සංවේදී ලිපිගොනු, ඡායාරූප හෝ අනෙකුත් දත්ත හුවමාරු කළයුතුය. ක්ලවුඩ්ස් වල පවතින ලිපිගොනු පාලනය කිරීමට ඔබට නොහැකි වනු ඇති අතර ඔබේ තොරතුරු ආරක්ෂිතව තබාගැනීම එහි සැපයුම්කරු මත රඳා පවතියි.

‘BlauCloud’ ගබඩා කළ දත්ත පදනම් කරගත් ස්වයංක්‍රීය සංකේතාංකන විකල්පයක් වේ. මෙම සේවාව ‘ownCloud’ නම් විවෘත ක්ලවුඩ් මූලාශ්‍රය මත රැඳී පවතී. දත්ත ජර්මනියේ ගබඩා කර ඇති අතර පරිශීලකයින් ජර්මානු දත්ත සුරැකීමේ නීතියෙන් සුරැකේ. නමුත්, මෙම සුරක්ෂිත ක්‍රමවේදයේදී ඔබගේ දත්ත සුරක්ෂිත වනු ඇත.

NAS (Network attached Storage) හරහා ඔබේම පෞද්ගලික දුරස්ථ දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම දත්ත දුරස්ථව ගබඩා කිරීමේදී වඩාත් සුදුසු ක්‍රමවේදයක් වේ. කෙසේවුවත්, NAS යනු නොමිලේ හෝ මිල අඩුවූවක් නොවේ. NAS ක්‍රියාකරන්නේ කෙසේද යන්න මේ වීඩියෝවෙන් දැකගත හැකිවනු ඇත.

සුරක්ෂිතතාව, පිවිසීම, වැයවන මුදල හා හුවමාරු කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් සලකා බැලීමේදී ක්ලවුඩ් (cloud) හා NAS එකිනෙකින් වෙනස් වන්නේ කෙසේදැයි යන්න මේ වීඩියෝවෙන් විස්තර කර ඇත.