1.4.3. පොදු මෙවලම් සුරක්ෂිත කිරීම (Using public devices secure)


මහජනයාට විවෘත මෙවලම් වලට භාවිත නොකර සිටීමට වගබලාගන්න. මේ නිසා ඔබගේම උපාංග වල සුරක්ෂිතතාව තහවුරු කරගැනීම පහසු වේ, මහජනයාට විවෘත මෙවලම් කලින් භාවිත කළේ කවුද ? එහි අනිෂ්ට මෘදුකාංග (malware) පවතිනවාද ? නැද්ද ? යන්න ගැන ඔබ නොදැන සිටින්නට හැකිය.

ඔබට පොදු පරිගණකයක් භාවිත කිරීමට සිදුවන අවස්ථාවලදී bootable USB device එකක් රැගෙන යන්න. මෙම උපාංගය තාවකාලික මෙහෙයුම් පද්ධතියක් (temporary operating system) ලෙස ක්‍රියාකරයි, එමගින් පොදු පරිගණක පද්ධතියේ ක්‍රියාකාරීත්වයන්ට යටත් නොවී ඔබේ කටයුතු සිදුකරගැනීමේ හැකියාව හිමිවේ. මේ අන්තර්ගතය පරිගණකයේ කෙටි කාලීන මතකය – RAM තුළ ගබඩා වෙනු ඇති අතර එක් සැසියක් (single session) සඳහා පමණක් මෙය වලංගු වේ. ඔබ පරිගණකය ක්‍රියාවිරහිත කළ විට පොදු පරිගණකය තුළින් පිවිසී සිදුකළ කාර්යයන් දත්ත එහි තවදුරටත් නොතිබෙනු ඇත.

ඔබට වෙනත් මෙහෙයුම් පද්ධතියක් භාවිත කිරීමට අවශ්‍ය විටදී Booting උපාංගයක් නිර්දේශ කරනු ලැබේ. උදාහරණයක් ලෙස බූට් කරන ලද USB device මත Linux පද්ධතියක් ස්ථාපනය කළ හැකිය, ඔබේ Windows පරිගණකයෙන් බූට් කළ පසු සැබැවින්ම ඔබට කටයුතු කිරීමට සිදුවන්නේ Linux පද්ධතියක් මතය. නමුත්, ඔබේ පරිගණකයේ දත්ත සුරැකී නැති බව මතක තබාගන්න. බූට් කිරීමට හැකි USB මෙවලමක් නිර්මාණය කරගැනීම පහසු කටයුත්තක් නොවන අතර අන්තර්ජාලය හරහා මේ ගැන වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. (tutorials ඇසුරින්).

Windows 10 පරිගණකයකින් USB මෙවලමක් බූට් කරගන්නා අන්දම ගැන උදාහරණ මේ වීඩියෝවෙන් දක්වා ඇත.

ෆ්‍රී වයිෆයි භාවිතයෙන් ද වැළකී සිටින්න. මෙවැනි වයිෆයි කලාප වලට ඇතුළු වී සිටින අනෙකුත් පුද්ගලයින් කවුද ?, ඔවුන්ගෙන් ඔබට හානියක් සිදුවේදැයි නොදන්නා නිසා ෆ්‍රී වයිෆයි වලට පිවිසෙන්න එපා. ඔබ යම් හෙයකින් ෆ්‍රී වයිෆයි පහසුකම් ලබාගත්තොත් අන්තර්ජාලයට පිවිස කරන සොයාබැලීම් වලදී  VPN භාවිත කරන්න. මෙමගින් අවම මට්ටමින් පෞද්ගලිකත්වයවත් ආරක්ෂා කර දෙනු ඇත.


විකල්ප සුරක්ෂිතතාව: LINUX

‘Linux’ යනු පරිගණක විද්‍යාඥයින් බොහෝවිට පරිගණක හා ස්මාර්ට් දුරකථන සඳහා යොදාගන්නා මෙහෙයුම් පද්ධතියකි. මෙය ඉතාම ආරක්ෂිත මෙහෙයුම් පද්ධතියක් ලෙස පරිගණක විශේෂඥයින් විසින් හඳුනාගනු ලැබ ඇත. මෙය නවීන බෙදාහැරීම් වලදී ස්ථාපනය කර අනෙක් මෙහෙයුම් පද්ධති මෙන් පහසුවෙන් භාවිත කළහැකිය. ‘Ubuntu’, ‘openSUSE’, ‘Debian’, ‘Mint’ හා ‘Elementary OS’ පොදුවේ කෙරෙන බෙදාහැරීම් වේ.

‘Linux’ හි ඇති සුවිශේෂීම වාසි වන්නේ එය නොමිලේ ලබාගත හැකිවීම, විවෘත වීම හා නම්‍යශීලී බවයි. සෑම කෙනෙකුටම මෙහි මූලාශ්‍ර කේත දෝශ (source code errors) හා ආරක්ෂක දෝශ (security bugs) ගැන සොයාබැලිය හැකිවේ, එමෙන්ම, අනෙක් මෙහෙයුම් පද්ධති වලට වඩා වේගයෙන් මේ ගැන තොරතුරු සොයාගැනීමට මෙන්ම ඒවා සැකසීමද කළහැක.

‘Linux’ පද්ධතිය Windows හා Apple මෙන් පුළුල් ලෙස පැතිරී නැති නිසා ‘Linux’ මත එතරම් ශක්තිසම්පන්න නොවන වෛරස ක්‍රියාත්මක වේ. ‘Linux’ සෑම වසරකටම වරක් හොඳම ‘Linux’ බෙදාහරින්නන් ගැන හෙළිකරන ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කරයි.

එවැනි බෙදාහරින්නන් ගැන සොයාගන්න

  • > Tails: මනා සුරක්ෂිතතාව, USB මෙවලමට ද භාවිත කළ හැක
  • > Elementary: මනා පෙනුම
  • > Ubuntu: අතිශය ජනප්‍රිය හා ලැප්ටොප් පරිගණකයට වඩාත් සුදුසුය
  • > Open Suse: පරිශීලකයාට පහසුලෙස හැසිරවිය හැක
  • > Debian: සර්වර්ස් වලට මනාව ගැළපේ
  • > Linux Mint: පරිශීලකයාට පහසුලෙස හැසිරවිය හැක