2.2. ලේඛනගත සාක්ෂි


ලිඛිත සාක්ෂි තුළින් ඔබේ දත්ත ගබඩාවේ වැඩි විස්තර පැමිණෙනු ඇත. ලිඛිත සාක්ෂි යන වචනය නිර්මාණය වන්නේ පාසල් ක්‍රීඩා තරගයකිනි. මේ ක්‍රීඩාවේදී කණ්ඩායම් නායකයා ගම පුරා කොළ කෑලි දමමින් දුවන අතර ඔහු පසුපසින් පැමිණෙන කණ්ඩායම හැකි උපරිම වේගයෙන් ඔහුව ලුහුබැඳ පැමිණ ඔහු සොයාගත යුතුවේ.

ගවේෂණාත්මක මාධ්‍යකරණයේදී ද ලිඛිත සාක්ෂි කටයුතු කරන්නේ මෙලෙසින්මය. ඔබේ උපකල්පනයට සහය වෙන ලිපි ලේඛන ඔබ හඳුනාගන්නා අතර ඒවා වෙත පිවිසීමට ක්‍රමෝපායක් සකසා ගනියි. එක් ලියවිල්ලක් භාවිත කරන ඔබට අනෙක් අදාළ ලියවිලි වෙත පිවිසීම මේ ක්‍රියාවලියේදී සිදුවේ. ඉන්පසු, ඔබ ඔබ සොයාගත් අනෙක් දේවල් අතර සම්බන්ධය විමසීමට ලිඛිත සාක්ෂි පසුපස යයි.

මෙම ආරම්භක ලේඛනයේ ඇති ඔබට අදාළ කරගත හැකි යැයි සිතෙන සියලු දේ එක දිගට සටහන් කරගන්න. උදාහරණයක් ලෙස, සිවිල් යුද්ධයෙන් බැටකෑ දියමන්ති පතල් සමාගමක ආරක්ෂක නිළධාරයෙකු ලෙස සේවය කළ බව හැඟවෙන  පුද්ගලයෙකුගේ ජීව දත්ත පත්‍රිකාවක් විය හැක. මෙම පුද්ගලයා ඒ අතරතුර කාලයේදී සිදුකළ රැකියා ගැන මෙම CV හි සටහන් නොබී තිබෙන්නට පුළුවන. මූලික ගණිත කුසලතා අවශ්‍ය වන්නේ මෙවිටය. ඔහු විවිධ රැකියා වල නිරත වී සිටි වසර ගණන එකතු කිරීමෙන් පසු ලැබෙන සම්පූර්ණ කාලය ගත්විට, ලේඛනගත නොවී තිබෙන කාලය හඳුනාගත හැකිය.  මේ පුද්ගලයා හදිසියේම තනතුරක් අත්හැරියාද යන්න ආයතනයේ හෝ රැකියාවේ වාර්තා වලින් සොයාගත හැකිවේ. මෙම පුද්ගලයාගේ රැකියා ඉතිහාසය ගැන තවත් තොරතුරු සොයාගැනීමට මේ ඉඟිය ප්‍රයෝජනවත් වනු ඇත. මේ පුද්ගලයාට එරෙහිව මානව සම්පත් දෙපාර්තමේන්තුව වංචාවක් ගැන හෝ සොරකමක් ගැන පැමිණිල්ලක් සටහන් කරගෙන ඇති බව සොයාගන්නට හැකිවනු ඇත. මේ පුද්ගලයා ගැන තවත් තොරතුරු පොලීසිය, අධිකරණය හෝ බන්ධනාගාර වාර්තා සොයාබැලූ විට අනාවරණය කරගන්නට හැකිවනු ඇත. වෙනත් වචන වලින් කිවහොත් ඔබ තවත් තොරතුරකට මඟපෙන්වීම සඳහා එක් ලියවිල්ලක් භාවිත කර තහවුරු කරන ලද සාක්ෂි සපයයි.

ඔබට අදාළ වන ලියකියවිලි සහ අදාළ නොවන ලියකියවිලි අතර වෙනස හඳුනාගත් පසු මේ දෙස සංවේදීව විමසා බැලීම අවශ්‍ය වේ. මේ විෂය සීමාට තුළට ගොස් සිදුවිය හැකි අවස්ථා ගැන හිතන්න ගන්න, ඔහු / ඇය කර තිබෙන්නේ කුමක්ද ?, ඒ වෙනුවට A හෝ B විකල්පය තෝරාගත්තානම් වෙනසක් සිදුවෙනවාද ? ඔබ අනවශ්‍ය දෑ පසුපස හඹායාමෙන් වැළකීමට මේ අභ්‍යාසය උපකාරී වනවා ඇත. පිටරට වසර පහක් කාලයක් ගතකළ කෙනෙකු ජනාධිපති උපදේශකයෙකු ලෙස පත්කර තිබෙන විට ඒ පුද්ගලයාගේ ඉතිහාසය ගැන ජනාධිපති කාර්යාලයේ තිබෙන ලියකියවිලි සොයාබැලීම අනවශ්‍යය. මෙම පත්කිරීම බොහෝවිට තිරයෙන් පිටුපසදී, කෙටි කාලයකට පමණක් සිදුවූවක් විය හැක. ඒ වෙනුවට මේ තැනැත්තා ගැන විදේශයන්හි තිබෙන තොරතුරු ගැන විමසා බැලීම වටී, මෙම පුද්ගලයා හොර රහසේ නැවතී සිටියේ කොතැනද ? දේශ සීමා මායිම් ඉක්මවා ගියේ කොහේද ? ආදිය.

මහජනතාවට ප්‍රසිද්ධ කර ඇති ලේඛන වලින් ලිඛිත සාක්ෂි බොහොමයක් සොයාගැනීමට හැකිය,  කෙසේවුවත්, පුද්ගලික අයිතිය යටතේ තිබෙන මූලාශ්‍ර වලට පිවිසීමට නිර්මාණාත්මක මූලාශ්‍ර පැතිරවීමේ කුසලතා යොදාගත යුතුවේ. බොහෝ මාධ්‍යවේදීන් සිතන්නේ පුස්තකාල හා ලේඛනාගාර භාවිත කිරීම අතිශය සරළ බවයි. ඒවා අකාරාදී පිළිවෙලට සූචිගත කර ඇති නිසා ඔබ සෙවීමට යන පුද්ගලයාගේ නම මුලින්ම සොයාගත යුතුය. කෙසේවෙතත්, එය අතිශය සරළ කටයුත්තක් නොවේ. ඔබ කටයුතු කරන්නේ පරිගණකගත වාර්තා වල නම් නම ඇතුල් කළ පමණින් අදාළ මෙන්ම අදාළ නොවන සියළුම තොරතුරු දිගහැරෙනු ඇත. නමුත්, සංවර්ධනය නොවූ රටවල මහජනයාට පිවිසිය හැකි මෙවැනි තොරතුරු කාමර තුළ තැන තැන දූවිලි වැදෙමින් පවතියි. මේ කාමරය වෙත පිවිසීමට බලය ඇති නිළධාරීන් සමග සාකච්ඡා කිරීමට සිදුවනු ඇත, අදාළ ලිපිගොනු පෙළගස්වා තිබෙන්නේ කෙලෙසද ? ඒ පෙළගැස්ම / සුචිය භාවිත කරන්නේ කෙලෙසද යන්න දැනගත යුතුවේ. මෙවැන්නකට විශාල කාලයක් හා ශක්තියක් වැයවේ.

පිලිපීනයේ පිහිටි Centre for Investigative Journalism හි ෆ්ලොරීන් සයිමන් මේ වීඩියෝවෙන් පැහැදිලි කරන්නේ මහජනයාට ලබාගත හැකි තොරතුරු ගැනයි.

බොහෝ විට උප්පැන්න සහතික, රියදුරු බලපත්‍ර වැනි ප්‍රසිද්ධ වාර්තා පහසුවෙන් සොයාගැනීමට හැකි ලේඛන වන අතර මේවායෙන් ආරම්භ කළ හැකිය. අන්තර්ජාලය ඔස්සේ පිවිසිය හැකි දත්ත පද්ධති ද පුද්ගලයින් පිළිබඳ තොරතුරු විමසීමට හැකි ප්‍රයෝජනවත් විධික්‍රමයකි. බොහෝ දේශීය පුවත්පත් අන්තර්ජාලයේ ඇති අතර ඒවා ගැන ද සැලකිලිමත් වන්න. සෑම කාර්යාලයකටම තමන්ගේම වෙබ් අඩවියක් ඇත, තනි තනි පුද්ගලයින්ට ද බ්ලොග් අඩවියක් හා සමාජ ජාල ගිණුමක් ඇත. තම සැබෑ නම භාවිත කිරීමට උනන්දුවෙන් යුතු පුද්ගලයෙකු තමන් සම්බන්ධ නඩු වාර්තා, විශ්වවිද්‍යාල තොරතුරු ආදිය ද අන්තර්ජාලයේ පළකර තිබිය හැක. පුවත් ද ලිඛිත සාක්ෂි සොයාගැනීමෙහිලා අතිශය වැදගත් වන මාධ්‍යයකි, උදාහරණ ලෙස දේශීයව ඉදිවෙන ගොඩනැගිලි ආදියේ විස්තර පවා මෙහි අන්තර්ගත වේ.

(උදාහරණ – බැංකු, සමාගම්, ආණ්ඩුවේ ආයතන), මුදල් ගෙවා පළකල නීතිය හා සම්බන්ධ දැන්වීම් (අවසන් කැමති පත්‍ර, නම් වෙනස්වීම්, විවාහ, අභාවයන්, වෙන්දේසි, ටෙන්ඩර් ආදිය), අත්අඩංගුවට පත්වීම් හා දඬුවම් නියම කිරීම් ආදිය. ඔබ විසඳීමට උත්සහ දරන ජිග්සෝ ප්‍රහේලිකාවට අදාළ තොරතුරු කොටස් මෙම පළකිරීම් වලින් සොයාගැනීමට හැකිවනු ඇත.

ඔබේ ලිඛිත සාක්ෂි සාරාංශගත කිරීම මෙලෙස සිදුකළ හැකිය

  • > අන්තර්ජාලය හරහා කරුණු පිරික්සීම, සංරක්ෂිත දත්ත නිරීක්ෂණය හා අදාළ පුද්ගලයා පිළිබඳ සොයාගත හැකි ඕනෑම ලේඛනයක් ඒකරාශී කිරීමට මූලාශ්‍ර හඹායෑම
  • > දත්ත සිතියම්ගත කිරීමේ ක්‍රමවේද අනුව මෙම ලිපි ලේඛන සිතියම්ගත කිරීම හා හිදැස්, ප්‍රතිවිරෝධතා හා අනනුකූලතා ගැන සෙවීම
  • > ප්‍රතිවිරෝධතා හා හිදැස් පිරවීමට කුමන ලියකියවිලි උපකාර වන්නේදැයි සොයාබැලීම හා ඒ පිළිබඳ ගවේෂණය ආරම්භ කිරීම