3. ඔබේ දත්ත පද්ධතියේ තිබෙන දත්ත සුපරික්ෂා (කණින්නේ) කරන්නේ කෙසේද ? (Data-mining)

3. ඔබේ දත්ත පද්ධතියේ තිබෙන දත්ත සුපරික්ෂා (කණින්නේ) කරන්නේ කෙසේද ? (Data-mining)


සාක්ෂි ලබාගැනීම සඳහා ආධාරකයක් ලෙස දත්ත සුපරීක්ෂා කිරීම වඩාත් විෂය මූලික ක්‍රියාවලියකි. ගවේෂණයේදී ඔබව නිවැරදි මාර්ගයේ ගෙනයන්නේ මේ අතරින් කුමක්දැයි මදක් සිතන්න. හෙදියන් විසින් සිදුකරන සොරකම් පිළිබඳව රෝහල්ගතව සිටින රෝගියෙකු කරන පැමිණිල්ලක් හෝ පසුගිය වර්ෂ පහ තුළ සොරකමේ නියැලීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විනය පරීක්ෂණයක් පවත්වා හෙදියක් ඉවත් කර තිබීම. මේ සියලු තොරතුරු ගෙන බැලූ විට ඔබ හඳුනාගත යුත්තේ සංඛ්‍යා ලේඛන පවා ව්‍යාජ ලෙස හැසිරවීමට හැකි බවත්, දත්ත ගබඩා වල තිබෙන දත්ත කාර්යක්ෂමව සුපරීක්ෂණයෙන් පසුගිය දශකය පුරා සිදුවූ වැදගත් සිදුවීම් වල තොරතුරු හෙළිදරව් කළ හැකි බවත්ය.

ජාත්‍යන්තර මට්ටමේ දත්ත වලින් වඩාත් සුවිශේෂී ප්‍රතිඵල අත්පත්කරගත හැකිවනු ඇති. උදාහරණයක් ලෙස සංවර්ධන කටයුතු වලට ආධාර කරන පිරිස් එක් එක් වර්ෂයේදී ඔවුන් සිය මුදල් වැය කළ අන්දම ගැන වාර්තාවක් ප්‍රකාශයට පත්කරයි. ඔබේ රටේ ක්‍රියාත්මක වන මෙවැනි ආයතන වල දත්ත ඒකරාශී කරගෙන ඔවුන්ගේ කාර්යය විශ්ලේෂණය කළ හැක, ‘අපේ රටේ සිවිල් සේවකයින් වෙනුවෙන් වැඩිම ආධාර මුදල් ප්‍රමාණයක් යොදවා තිබේ‘ ඔබේ පුවතේ ශීර්ෂය ලෙස යෙදිය හැක.

දත්ත සුපරීක්ෂණය හැමවිටම මුදල් පිළිබඳවම පමණක් සිදුනොවිය හැකිය. හොර රහසේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී ජාල ගැන සමාජ ජාල විශ්ලේෂකයින් පුවත් ඉදිරිපත් කර තිබිය හැක, දේශපාලන පක්ෂ වල ආධාරකරුවන්, විශේෂ ප්‍රජාවන් අතර සිටින වඩාත් පෙළඹුම් සහගත හා ප්‍රබලතම පුද්ගලයින් ගැන වුවද විය හැකිය. මෙම ජාලයන් යම් යම් වෘත්තීය කොටස් වල සාමාජිකයින් විය හැක, එකම භූගෝලීය වටපිටාවක ව්‍යාප්ත වී සිටින ප්‍රජාවක් හෝ ප්‍රමුඛතම පුද්ගලයින් විය හැකිය. ඔවුන් උපයාගන්නා ප්‍රමාණය පිළිබඳ දත්ත, ඔවුන් සමග කටයුතු කරන අය ගැන දත්ත, ඔවුන්ගේ සමාජ ජාලය තුළ සිටින අය කවුද ?, ඔවුන් සමාජයට කරන බලපෑම ආදිය ගැන වූ එකිනෙක දත්ත ඒකාබද්ධ කළ හැකිය.

විශාල දත්ත සමුදායන් ගැන Centre for Investigative Journalism හි වැඩසටහනකදී ජොනතන් ස්ටෝන්මන් පළකල අදහස් නරඹන්න.

ජනමාධ්‍යවේදීන්ගේ හා වෙනත් සංවිධාන වල දත්ත සමුදායන් යොදාගනිමින් ඔබට අවශ්‍ය සියලුම දත්ත එක තැනකට ගැනීම අතිශය වැදගත් වේ. ජනමාධ්‍යවේදීන් හෝ වෙනත් සංවිධාන සිය තොරතුරු ඇතුළත් දත්ත සමුදායන් විවිධ මාතෘකා වලට අනුව ගබඩා කරයි. මේ දත්ත සමුදායන් තුළ ලිපි, පර්යේෂණ, අධ්‍යයන හා අදාළ පුද්ගලයින් සම්බන්ධ කරගත හැකි තොරතුරු ඇතුළත් විය හැකිය. පසුබිම් පර්යේෂණයන් තුළින් තවදුරටත් තොරතුරු ලබාගැනීමට මෙම දත්ත භාවිත කළ හැකිය. ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ඔවුන්ට තොරතුරු සුපරීක්ෂණය කළ හැකි මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර ලොවපුරා සිටින මාධ්‍යවේදීන්ට මේ දත්ත භාවිත කළ හැකිය.

ගවේෂණයකදී දත්ත හසුරුවන්නේ කෙසේද යන්න ගැන  Columbia Journalism School හි Data Journalism විද්‍යාවේදී වැඩසටහනේ අධ්‍යක්ෂිකා ජියන්නිනා සෙග්නිනි පවසන මේ කතාවට ඇහුම්කන් දෙන්න