4. සංඛ්‍යා සමග කටයුතු කරන්නේ කෙසේද ?

4. සංඛ්‍යා සමග කටයුතු කරන්නේ කෙසේද ?


බොහෝ ගවේෂණාත්මක විමර්ශනයන් ප්‍රමාණාත්මක වේ, මෙවැන්නක් සිදුවන්නේ ඇයි ? මෙවැනි වැරැද්දක් සිදුවන්නේ කෙසේද ? ඊට වගකිවයුත්තේ කවුරුන්ද ? යන්න ගැන එහිදී විමසා බලයි. නමුත්, සෑම ගවේෂණාත්මක පුවතකම පාහේ ප්‍රමාණාත්මක දත්ත තිබේ. හිඟය කෙතරම් විශාලද ? ඔබේ රටේ මසුන් නීති විරෝධීව ඇල්ලීම ගැන තිබෙන සංඛ්‍යාලේඛන මොනවාද ? සෑම වසරකදීම රෝගීන් කොපමණ සංඛ්‍යාවක් සායන වලින් ඉවත්වී තිබෙනවාද ? යන්න ගැන බලයි.

මෙයින් අදහස් කරන්නේ කුඩා ප්‍රමාණයකින් විශාල සංඛ්‍යාවක් පවසන්නේ කෙසේදැයි යන්න පැවසීමට දැනගත යුතු බවයි, ප්‍රතිශත වැනි සරළ ගණනය කිරීම් කීපයක් හරහා සංඛ්‍යා පිළිබඳ අවබෝධයක් ලබාගන්නේ කෙසේද යන්නයි. බොහෝ දෙනෙකුට සංඛ්‍යා ගැන අවබෝධය තිබේනම් සැබැවින්ම ඔවුන් ජනමාධ්‍යවේදීන් බවට පත්වන්නේ නැත. එහෙත්, සංඛ්‍යා සමග කටයුතු කිරීම දුෂ්කර නොවූවත් සත්‍ය වශයෙන්ම ගවේෂණාත්මක පුවතකදී ඒවා අත්‍යවශ්‍ය වේ.

තමන් ගණනය කිරීම් වලට දක්ෂ නැති බව විශ්වාස කරන බොහෝ දෙනෙකු සිය සැබෑ ජීවිතයේදී දිනපතා නවීන ක්‍රම වලින් මෙම ගණනය කිරීම් වල නියැලෙන අවස්ථාවන් තිබේ, එදිනෙදා වැයවන වියදම් ගැන ගණන් තැබීම මෙහිලා උදාහරණ වේ. දුම්රිය ටිකට්පතක වටිනාකම හෝ වැටුප් වැඩිවීමක් ගැන සාකච්ඡා කිරීම ආදිය පවා මීට ඇතුළත් වේ. බොහෝ පාසල් තුළ සංඛ්‍යාමය හැකියාව  හා ගණිතය උගන්වන ක්‍රමවේද ඒ ගැන අනියත භීතියක් මැවීමට හේතු වී තිබේ. මේ දැනුම ප්‍රායෝගික විද්‍යා හෝ ගණිතය සමග සම්බන්ධ කරන්නේ කෙසේද යන්න ඔවුන් නොදනී.

ජනමාධ්‍ය වල පවතින සංඛ්‍යා ලේඛන ප්‍රධාන වශයෙන් ඉල්ලුම හා ප්‍රබල ගුණාත්මක බව මත රැඳී පැවතීම ජනමාධ්‍යවේදීන්ට සුබ ආරංචියකි. (නිදසුනක් ලෙස – සංඛ්‍යාලේඛන එකතු කරන්නේ කවුද ? කෙසේද ?  ඒ ඇයි ?). ඔබ මූලික කරුණු තේරුම්ගැනීමෙන් පසු මේ කාර්යය ආරම්භ කළ හැකිය.  උදාහරණයක් ලෙස සායනික හෙද නිළධාරිනියකගේ නිළ රැකියා විස්තරය හා කාර්යක්ෂමතාව ගැන පරීක්ෂා කිරීමට අවශ්‍ය නම්, මේ වෘත්තියට අදාළ ‘සාමාන්‍ය දින‘ විස්තරයක් සකස් කිරීමට විශේෂ සහය ලබාගත හැකිය. ඉන්පසු, නිරීක්ෂණ හා සම්මුඛ සාකච්ඡා වලින් පසු සත්‍ය තොරතුරු දැනගැනීමට ඔබට හැකිවනු ඇත.

  • > වැඩි කාලයක් ගතවන කාර්යයන් මොනවාද ? හෙදියන් කෙටි ක්‍රම අනුගමනය කරනවාද ? ඒ මොනවාද ? හෙදියන් සිය දින සටහන සපුරාලීමට කාර්යයන් ගණනාවක නියැලෙනවාද ?
  • > සායනයට සහභාගී වන සාමාන්‍ය රෝගීන්ට අනුව හෙදියකගේ කාර්යභාරය කුමක්ද ? එක් රෝගියෙකු සඳහා කොපමණ කාලයක් ගතවෙනවාද ?

මේ හා සමානව, ඔබ වායු නියැඳි විශ්ලේෂණය කළයුතු නම් වායු දූෂක වර්ග මොනවාද ? යන්න සොයාගැනීමට ඔබට හැකිය, මේවා භයානකද යන්න විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් විමසිය යුතු අතර කෙතරම් ප්‍රමාණයක් නිරාවරණය වුවහොත් සෞඛ්‍යයට හානියක් වේදැයි සොයාබැලිය හැකිය.  ඔබේ රට තුළ වායු පවිත්‍රතා රෙගුලාසි සමග මෙය ගළපාලන්න, මේ ගැටළුව මීට බොහෝ කලකට පෙර ආරම්භ වූ බව සොයාගත හැකිවනු ඇත, නැතහොත් දිනපතා ‘සමාන මට්ටම්‘ දක්නට ලැබෙනු ඇති බව පෙනේවි, නැතිනම් එම සංඛ්‍යා කලින් තිබුණාට වඩා දැන් අඩුවී ඇති බව පෙනේවි.

මාධ්‍යවේදියාගේ කාර්යය වන්නේ මෙම සංඛ්‍යා අර්ථ නිරූපණය කිරීම හා එම ගැටළුව විශාල වී හෝ වඩාත් කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේදැයි සොයා බැලීමයි. නමුත්, සංඛ්‍යා පමණක් ප්‍රමාණවත් නොවේ. සන්දර්භය – දැන් ගැටළුව වඩාත් පැහැදිලිව පෙනෙන්නේ ඇයි ? ඔබේ පුවත අසත්‍යක්ද ?

බොහෝ රටවල දීර්ඝතම සංඛ්‍යාත්මක වාර්තා වන්නේ කාලගුණ වාර්තාවන්ය. උදාහරණයක් ලෙස ගතහොත් අප්‍රිකාවේ යටත්විජිත බලධාරීන් වාර්තාගත කළ පළමු සංඛ්‍යාලේඛන අතර මෙම කාලගුණ වාර්තා පැවතුණි. ගැමියන්ගේ කට වචනයෙන් ද  ගංවතුර හා නියඟය ගැන තොරතුරු තවදුරටත් සොයාගත හැකිය. බොහෝ ආසියාතික රටවල දේශගුණික රටා ලේඛනගත කරන ලද විශේෂි දත්ත ගබාඩවක් ද පවතී. අග්නිදිග යුරෝපයේ නිල කාලගුණ වාර්තාව 19 වන සියවසේ අවසානය දක්වා දිව යයි. එබැවින්, ඔබේ රටේ දේශගුණික විපර්යාස, ගංවතුර හා නියඟය වැනි කාලගුණික තත්ත්වයන් ගැන පෙර නොවූ විරූ ආකාරයෙන් පරීක්ෂා කිරීමට අවශ්‍ය වනු ඇත. දත්ත විශ්ලේෂණය හා සංසන්දනය . කාලගුණ රටා වල උච්චාවචනයන් ගැන බැලීමට ද සිදුකළ හැකිය.

අතිශය වැදගත් කරුණ වන්නේ ගවේෂණාත්මක පුවතකට මඟ පෙන්වන ආකාරයට දත්ත දායකවන්නේ කෙලෙසද යන්න ගැන අවධානයෙන් පසුවීමයි. සමහර අවස්ථාවල මිනිස්සු විවිධ ඉඟි බිඟි දක්වමින් ඔබ වෙත පැමිණෙනු ඇත, නමුත්, ඔබ විසින්ම ගවේෂණාත්මක පුවත් සොයාගත යුතුවේ. ඔබ කියවන දේවල්, කතාබහ හෝ පුවත්පත් නිවේදන වලින් පවා ගවේෂණාත්මක පුවතක මූලික අදහස ඉස්මතු විය හැකිය. පුවත්පත් නිවේදන සංඛ්‍යානමය නිරීක්ෂණ යටතේ තැබීමට සැලසුම් කර නැත. නමුත්, බොහෝ විට පුවත්පත් නිවේදන වලින් ප්‍රධාන තොරතුරු සපයන අතර ඊට වැඩි කතාබහට ද තුඩු දිය හැක. හොඳ ගවේෂණාත්මක වාර්තාකරුවන් මෙවැනි ඉඟි කිසිසේත්ම මඟහරින්නේ නැත. කෙසේවුවත්, සංඛ්‍යා, ප්‍රස්ථාර හෝ වෙනත් ප්‍රමාණාත්මක දත්ත ගැන සැකයෙන් විමසා බලන්න. එම දත්ත හුදෙක් දත්ත පමණක් බව පෙනේවි, නමුත්, එම දත්ත ජනනය කිරීමට භාවිත කළ ක්‍රමවේදය ගැන හොඳ ගවේෂණාත්මක වාර්තාකරුවෙකු විමසා බලනු ඇත, සමීක්ෂණය පැවැත්වුවේ කෙසේද ?, නියැඳිය තෝරාගන්නේ කෙසේද ?, ඊට අරමුදල් සම්පාදනය කර ප්‍රකාශයට පත්කර ඇත්තේ කවුද ?, එහි ඇති වැදගත් තොරතුරු ඉවත් නොකිරීම ඔවුන්ගේ යහපතට හේතුවී තිබේද ? යන්න සොයාබලන්න.