6 පරිච්ඡේදය අවධානය ග්‍රහණය කරගැනීම, තීක්ෂණ බුද්ධිය හා දැනුම

6 පරිච්ඡේදය අවධානය ග්‍රහණය කරගැනීම, තීක්ෂණ බුද්ධිය හා දැනුම

ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සතු විශාලතම වත්කම වන්නේ ප්‍රජාවෙන් ලබාගන්නා මූලාශ්‍රයි. හොඳ මූලාශ්‍ර සමග මනා සම්බන්ධතාවක් ගොඩනගාගැනීමට යමෙකුට හැකිනම් මෙය දැවැන්ත කාර්යභාරයකට මගපෙන්වනු නිසැකය. මෙම පරිච්ඡේදය තුළ සාකච්ඡා කෙරෙන්නේ මේ සම්බන්ධතා ගොඩනගාගන්නා අන්දම හා මූලාශ්‍රයේ විශ්වාසය දිනාගෙන ඔවුන් හා අදහස් හුවමාරු කරගන්නේ කෙලෙසින්ද යන්න ගැනයි. විශේෂඥයෙකු හා වංචාකරුවෙකු අතර ඇති වෙනස ගැන ද මෙහිදී හැඳිනගත හැකිවේ. බලපෑම් සහගත පුද්ගලයින් කවුරුන්දැයි හඳුනාගැනීම හා සිය න්‍යාය පත්‍ර වලින් ජනමාධ්‍යවේදීන්ට බලපෑම් කිරීමට උත්සහ ගන්නා නිල අල්ලන පිරිස් (spin doctors) ගැන ද මේ පරිච්ඡේදයේදී සාකච්ඡාවට ලක්වේ.