1.1.1. විශේෂඥයින්


සෑම විෂය ක්ෂේත්‍රයකටම අදාළව ප්‍රවීණතාව උසුලන විශේෂඥයින් සිටියි, ඉතිහාසඥයින්, පර්යේෂකයින් විද්‍යාඥයින්, නීතිඥයින්, ඉංජිනේරුවරුන් ඇතුළු බොහෝ පිරිසක් ඒ අතරට අයත්ය. බහුජාතික සමාගම් වැනි ආයතනික කටයුතු වල නිරත වනවිට ඔබේ ගවේෂණයට බඳුන්වන සමාගමේ රාජකාරි කරන අයෙකු වැනි ඒ ඒ ක්ෂේත්‍ර වල ප්‍රවීණයින් නිවැරදිව හඳුනාගෙන සිටීම අතිශය වැදගත් වේ. මේ පුද්ගලයින් සිය විශේෂඥ දැනුම ලබාගත් ආකාරය, ඔබේ ගවේෂණයට තුඩුදුන් යම් යම් දෑ වලට ඔවුන් සම්බන්ධ වී සිටියාද ? නැද්ද ? යන කාරණා ද මෙහිදී බලපානු ඇත. ගවේෂණය හා සම්බන්ධ විවිධ විෂය ක්ෂේත්‍ර වල විශේෂඥයින්, ඔබ සොයන තේමාවට අදාළව සුවිශේෂී අවබෝධයක් ලබාදෙනු ඇත. ඔබ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන අවධානය යොමුකරනවා නම් නීතිඥයෙකු, පොලිස් නිළධාරියෙකු, වෛද්‍යවරයෙකු මෙන්ම මානව හිමිකම් කඩවීම් ගැන ප්‍රශ්න කරන්නෙකු පවා ප්‍රයෝජනවත් පුද්ගලයින් වනු ඇත.

කෙසේවුවත්, සියලු විශේෂඥයින් එක හා සමාන මට්ටමේ ධූර වලින් මෙන්ම සුවිශේෂී විශ්වසනීයත්වයෙන් නොසිටිනු ඇත. මේ නිසා ඔබට විශ්වාස කළ හැකි වෙනත් මාධ්‍යවේදීන්ගෙන් නිර්දේශ ලබාගැනීම මෙන්ම අන්තර්ජාලය හරහා අදාළ පුද්ගලයා ගැන පර්යේෂණයේ නියැලීම ද වැදගත් වේ. වාණිජ පරමාර්ථ වලින් අරමුදල් සපයන පිරිස් වල ආධාරයෙන් විද්‍යාඥයින් පර්යේෂණයේ නියැලෙන නිසා අරමුදල් ලබාදෙන අදාළ ආයතනයට පක්ෂපාතී විය හැකි අතර ඔවුන් සිය පර්යේෂණ කර තිබෙන්නේ කවුරුන් වෙනුවෙන්ද ? යන්න සොයාබැලිය යුතුවේ. ඔවුන්ගේ වැඩකටයුතු ගැන කර ඇති විවේචන මොනවාදැයි සොයාබලන්න, විවේචන මෙන්ම ඇගයීම් ද එක සේ එල්ල වන බව මතක තබාගන්න.

විශ්වසනීය විශේෂඥයින් හෝ ඔවුන් ඉදිරිපත් කරන වාර්තා පවා ප්‍රශ්න කළයුතුවේ. විද්වතුන් කීපදෙනෙකු එකඟ නොවන්නේ නම් මේ වෙනස්කම් එකම අන්තර්ගතය තුළ ඉදිරිපත් කිරීමට ක්‍රමවේදයක් හොයාගත යුතුය, එවිට පාඨකයින්ට මේ ගැන යමක් වටහාගත හැකිය. විශේෂඥයින් එක් පැත්තක් ගැන පමණක් තියුණු අදහස් ඉදිරිපත් කර ඇත්නම්, විශේෂඥ උපදෙස් අනුගමනය කිරීම අර්ථවත් වන නමුත්, එය නිවැරදි නොවන බව ද ඔබට ඔප්පු කළ හැකිය. විද්වතුන් එක හා සමානව බෙදී වෙන්වී සිටින විට, එය පාඨකයින්ට පැහැදිලි කිරීමට ඔබ බැඳී සිටී. මාධ්‍ය මගින් දීර්ඝ කාලයක් තිස්සේ ගෝලීය උෂ්ණත්වය ගැන විවිධ වාද විවාද ඉදිරිපත් කර ඇත. විශේෂඥයින් පසුකාලීනව මේ ගැන සිදුකළ වාර්තා වලින් අනාවරණය වූවේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ගැන කතාකළ පුද්ගලයින්ට ඒ ගැන අනාවරණය නොකර සිටීමට බලශක්තිය උත්පාදනය කරන ආයතන විසින් මුදල් ගෙවනු ඇති බවයි. සත්‍ය වශයෙන්ම, වසර ගණනාවක් පුරා සිදුකළ විද්‍යාත්මක පර්යේෂණ වලින් අනාවරණය කරනු ලැබූවේ ගෝලීය උෂ්ණත්වය වැඩිවීම අතිභයානක බවයි.

සක්‍රීය ෆෙඩරල් ආණ්ඩුවක් තිබෙන රටක රජයේ දෙපාර්තමේන්තු හා විශේෂඥයින් වඩාත් විශ්වසනීය තොරතුරු ප්‍රභවයන් ලෙස සැලකේ. විද්‍යාත්මක පර්යේෂණ වාර්තා පැහැදිලිවම අපක්ෂපාතී ඒවා බවට පිළිගැනේ, රැස්වීම් වල වාර්තා, අධිකරණ කටයුතු මෙන්ම ලියාපදිංචි කටයුතු ගැන ද මෙවැනි විශ්වාසයක් ඇත. නමුත්, මතභේදාත්මක පුවත් වලදී මෙය නරක හා අතිභයානක උපකල්පනයක් බව ඔප්පු විය හැකිය. රාජ්‍ය සේවයේ නියුක්ත විශේෂඥයෙකු අනෙක් ඕනෑම විශේෂඥයෙකු මෙන් නිවැරදි මෙන්ම වැරදි ලෙස කටයුතු කිරීමට ඉඩ තිබේ, සමහර අවස්ථාවලදී තොරතුරු ඉදිරිපත් කිරීමට යැයි දක්වමින් ආණ්ඩුවෙන් එල්ල වන බලපෑම ද ආලෝකයක් ගෙනඑනු ඇත. වෙනත් මූලාශ්‍ර මෙන් මෙම විශේෂඥයින් සපයන තොරතුරු ගැන සැලකිලිමත් වීමේදී ඒවා ඉදිරිපත් වන සන්දර්භය මෙන්ම චේතනාව ගැන ද සැලකිලිමත් වෙන්න.

කෙසේවුවත්, මේ තොරතුරු නිවැරදි හා අපක්ෂපාතී යැයි උපකල්පනය කිරීම ඒවා හැමවිටම පක්ෂග්‍රාහී යැයි උපකල්පනය කරන තරම්ම හානිකර වේ. විශේෂඥ නොවන මූලාශ්‍ර වලින් තොරතුරු ලබාගන්න අවස්ථා වලදී මෙන් තොරතුරු සපයන දෙවන මූලාශ්‍රයක් භාවිතයෙන් ගන්නා සියලු තොරතුරු තහවුරු කරගන්න. සමහර අවස්ථාවලදී නිළ නොවන රාජ්‍ය නිළධාරියෙකුගෙන් හෝ විශේෂඥයෙකුගෙන් නිළ නොවන මට්ටමේ තොරතුරු ලබාගත හැකිවනු ඇත, මෙය ඔබේ පුවත තුළ උපුටා දැක්විය නොහැකි වන නමුත් එහිදී අදාළ සිද්ධිය ගැන පුළුල් අදහසක් ලබාගැනීමට මෙය උපකාර වනු ඇත.

ජාත්‍යන්තර ආයතන ලිඛිත වාර්තා හා ප්‍රතිපත්ති මූලාශ්‍ර පමණක් වන බව අප සිතයි. නමුත්, මේවායෙන් ද ඔවුන්ගේ රටේ මෙන්ම ඔවුන් ක්‍රියාත්මක වන වෙනත් රටවලින් ඵලදායී සම්බන්ධතා ඇතිකරගත හැකිවේ. මෙවැනි ආයතන ඔබට උපකාර කිරීමට බැඳී නොසිටින නමුත් ඔබ ඔවුන් සමග නිවැරදිව ගනුදෙනු කළහොත් විශෙෂයෙන්ම, ඔබේ ප්‍රශ්න වලට ඔවුන් දැඩි උනන්දුවක් දැක්වුවහොත් එම තොරතුරු ලබාගත හැකිවනු ඇත. නමුත්, බොහෝ ආයතන වල ඔවුන්ටම අනන්‍ය වූ ප්‍රතිපත්ති හා මූලධර්ම තිබේ. පර්යේෂණයක් කළ විට එහි ඔවුන්ගේ අදහස් හා තොරතුරු එහි සටහන් කිරීමට මෙන්ම තවත් සමබර මූලාශ්‍රයකින් තොරතුරු විමසීමට ද වුවමනා දැයි විමසා බැලීමට හැකිය.

සමහර අවස්ථාවලදී ඔබ නිශ්චිත මාතෘකාවක් තෝරාගෙන කටයුතු කරන විට ප්‍රමාණවත් තොරතුරු ලැබෙන විට ඉදිරියේදී අත්‍යවශ්‍ය නොවන නම්, දුරකථන ආදිය ඉවත් කළ හැක. ඔබේ සම්බන්ධතා ජාලය භාවිත කිරීමෙන් මෙය අවිධිමත් ලෙස සිදුකළ හැකි අතර සමහරවිට ගවේෂණයට පෙරාතුව පුවතක් පළකිරීමෙන් ද මෙය සිදුකළ හැකිවනු ඇත. මෙවැනි අවස්ථාවකදී අලුත් පුද්ගලයින් අතිරේක තොරතුරු ඔබට සපයනු ඇති අතර මීට පෙර තොරතුරු ලබාදීමට අකමැති වූ පාර්ශ්වයන් ඔබේ ගවේෂණයට අවශ්‍ය තොරතුරු ලබාදෙමින් එය නිවැරදි කිරීමට උත්සහ ගනු ඇත. මේ උපක්‍රමය පෙරළා ඔබ වෙතම ප්‍රතිප්‍රහාරයක් වීමට ඉඩ ඇති නිසා හැමවිටම ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. ඔබ සියුම්ව අනික් මිනිසුන්ව පරීක්ෂාවට ලක්කිරීම, එවැනි පුද්ගලයින් සාක්ෂි සැඟවීමට උත්සහ දැරීම, මූලාශ්‍ර ලබාදුන් පුද්ගලයින් නිහඬ කරවීම හෝ ඔබට එරෙහිව නඩු පැවරීම ආදිය මෙවැන්නකදී සිදුවිය හැකි තවත් දෙයක් වේ. ඔබේ ගවේෂණාත්මක පුවත තවදුරටත් ඉදිරියට පෙළගැස්වීම සඳහා විශේෂඥයෙකු සොයාගැනීමට අපහසු වුවහොත් ඉන් අදහස් වන්නේ ඔබට තවදුරටත් ඉදිරියට යා නොහැකි බව නොවේ. සමහරවිට ඔබ වැරදි විය හැකියි, නැතිනම් ප්‍රශ්න හෝ වැරදි විශේෂඥයෙකුගෙන් තොරතුරු විමසා තිබෙන්නට පුළුවනි. ඔබ ඉදිරිපත් කරන ගවේෂණාත්මක පුවත තුළ විවිධාකාර මතවාද ඇතුළත් කර තිබීමෙන් පෙන්නුම් කරන්නේ ඔබ සතු විවෘත මනස මෙන්ම මේ ගැන විවිධ අදහස් ඇති විද්වතුන්ට ඉදිරියට පැමිණ මේ ගැන කියන්නට යැයි කරන ආරාධනයයි.