1.1.2. නලාකරුවන්, දොරටුපාලකයින් හා දොරවල් විවෘත කරදෙන පිරිස් (Whistleblowers, gatekeepers and door-openers)

1.1.2. නලාකරුවන්, දොරටුපාලකයින් හා දොරවල් විවෘත කරදෙන පිරිස් (Whistleblowers, gatekeepers and door-openers)


සමහර අවස්ථාවලදී, ඔබ සිදුකරන ගවේෂණය ගැන වැඩිදුර තොරතුරු කියවීම හරහා ‘නලාකරුවන්‘ වෙත යන මඟ විවර කරගත හැකිවනු ඇත. උදාහරණයක් ලෙස සංවිධානයේ අප්‍රසාදයට ලක්වු සේවකයින් සිය අත්දැකීම් ගැන බෙදාහදාගැනීමට කැමති වනු ඇත. බොහෝ සමාගම්, සංවිධාන හා රජයේ දෙපාර්තමේන්තු වල ඉලෙක්ට්‍රොනික් මෙවලම් හරහා අවිධිමත් ලෙස රැස්වීම් පවත්වන අවස්ථා තිබේ, මෙවැනි අවස්ථාවකදී විවේචනාත්මක අදහස්, තොරතුරු එකිනෙකා සමග හුවමාරු කරගත හැකිය. නමුත්, අදාළ ආයතන වල වෙබ් අඩවි වල ගැබ්වී තිබෙන මෙවැනි තොරතුරු ඔබේ ගවේෂණාත්මක පුවත තුළට සෘජුවම ඇතුළත් නොකරන්න. අදාළ නලාකරුවා (අනතුරු ඇඟවීම නිකුත්කළ තැනැත්තා) හමුවී ඔහු පවසන තොරතුරු සත්‍ය දැයි යන්න හා ඒවාට සහය දැක්විය හැකිදැයි සහතික කරගත යුතුවේ,

වඩාත් ඵලදායී සම්බන්ධතා යනු සංවිධානයක් තුළ සදාචාරාත්මක ප්‍රශ්න ආරක්ෂා කරගනිමින් ඒ තුළ සිටින අය හා හොර රහසේ මේ කටයුත්ත කරගෙන යෑමේ අවදානම භාරගෙන සිටින අයයි. දොරටුපාලකයින් යන්න වචනාර්ථයෙන් පමණක් ගත්විට ඔබට මඟපෙන්වන ලේකම්වරුන්, පිළිගැනීමේ නිළධාරීන්, දොරවල් අසළ සිටින ආරක්ෂක නිළධාරීන් වැනි අය හා තැනකට ඇතුළු වීමට හා ඉන් පිටතට යාමට ඉඩදෙන අයවේ. ඉහළ නිළධාරීන්ට පමණක් අවධානය යොමුකිරීමේ වරද නොකර හැමදෙනා සමගම මනා වෘත්තීය සබඳතාවන් ඇතිකරගැනීමට උත්සහ ගන්න. තොරතුරු වලට ප්‍රවේශ වීමේදී දොරටුපාලකයින් සංකේතාත්මක කාර්යයක් ඉටුකරයි. බැංකු, ණය ලබාදෙන දෙපාර්තමේන්තුවේ සිටින හෝ රාජ්‍ය ආයතන වල සේවකයින් සිය රැකියාවට පිවිසීමේදී රහස්‍ය තොරතුරු හෙළිනොකරන බවට වූ ගිවිසුමකට (වගන්තියකට) අත්සන් තබා තිබෙන බව ද මේ නිසා තොරතුරු හෙළිනොකිරීමේ නීතිමය බැඳීමට ඔවුන් යටත් බව ද සිහියේ තබාගන්න. ඔවුන්ගේ උපකාරය ඵලක් නැති කාරණා වෙනුවෙන් ඉල්ලා නොසිටින්න, ඔබ – ඔවුන් සමග පවත්වන සම්බන්ධතා ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව භාවිත කරන්න, ඔබ සතුව පවතින එවැනි උපායන් නිසා ඔවුන්ගේ අනන්‍යතාව ආරක්ෂාවෙනු ඇත.

බොහෝවිට දොරටුපාලකයින් බොහෝ ගණනක් තොරතුරු පාලනයට සිටින නිසා, ඕනෑම ගවේෂණයකදී විමසිය හැකි ඵලදායී ගැටළුවක් වන්නේ ‘‘මේ තොරතුරු තියෙන්නේ කාළඟද ?‘‘ යන්නයි. උදාහරණයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය යම් තොරතුරක් ලබාදීම ප්‍රතික්ෂේප කරයි නම්, වෙනත් ආයතනයකට මේ තොරතුරු වෙත පිවිසීමේ හැකියාව පවතිනු ඇත. උදාහරණයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය, මේ ක්ෂේත්‍රයේ පර්යේෂණ වල නිරතවන විශ්වවිද්‍යාල පර්යේෂකයෙකු, පාර්ලිමේන්තු අනුකමිටුවේ සිටින මෙවැනි ගැටළු ගැන සංවේදී සාමාජිකයෙකු ආදීන්ට මේ වෙත පිවිසීමට අවස්ථාව තිබේ. සමීක්ෂකයින් මෙවැන්නක් පිළිබඳ තොරතුරු දැනගැනීමට සිටින පිරිසක් වුවත් අතිශය සංවේදී තොරතුරු ඔවුන් සතු නොවන අතර අතිශය වැදගත් පුද්ගලයින් කවුද, යන්න තීරණ ගන්නේ කවුද  යන්න ඔවුන් කියාදෙනු ඇත.

දොරවල් විවෘත කරදෙන පිරිස් නැතිනම් තොරතුරු වෙත පිවිසීමේ මාර්ගය විවෘත කරදෙන අය වඩාත් බලපෑම් සහගත අයවලුන් වේ. ඔවුන් ඔබට කැමති නම්, ඔබ වටිනා කාර්යයක් සිදුකරන බව විශ්වාස කරන්නේ නම්, අනෙකුත් පුද්ගලයින් ඔබ සමග කතාබහ කරන තැනට පෙළඹීමේ හැකියාව ඔවුන්ට පවතියි. දොරවල් විවෘත කරදෙන අය ජ්‍යෙෂ්ඨ ප්‍රාන්ත පාලකයින්, ජ්‍යෙෂ්ඨ පාලකයින්, සංවිධානයක හෝ සමාජ කණ්ඩායමක සිටිනි විශ්වසනීය තැනැත්තන් විය හැකිය. සමහරවිට, සාම්ප්‍රදායික පාරම්පරික නායකයෙකු සිය ප්‍රජාව වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන තැනැත්තෙකු විය හැකිය. මෙවැනි පුද්ගලයින් සිය සගයින්ට පවසන්නේ, ‘මේ මාධ්‍යවේදියා නිවැරදියි, ඔබට ඔහු/ඇය සමග කතාබහ කරන්න පුළුවන්‘ යන්නයි. ඔබ කරන පසුබිම් පර්යේෂණ මගින් මෙවැනි පුද්ගලයින් දැනහඳුනාගෙන ඔවුන් සමග ශක්තිමත් සම්බන්ධතා ඇතිකරගන්න.