2. ඔබේ මූලාශ්‍ර ආරක්ෂා කරගන්නේ කෙසේද ?


ගවේෂණාත්මක වාර්තාකරණය සමහර අවස්ථා වලදී දැඩි අවදානම්කාරී කටයුත්තකි. දේශපාලන ප්‍රශ්න අතිශය සංවේදී වන රටවල මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම හෝ ඝාතනය කිරීම පවා සිදුකළ හැකිය. මේ හේතුව නිසා ඥාණාන්විතව කටයුතු කිරීම (නැතිනම් යටිබිම්ගතව වැඩකිරීම) අතිශය වැදගත් වේ. ඔබේ මූලාශ්‍රය ලබාදුන් තොරතුරු මත පදනම් වෙමින් ගවේෂණාත්මක පුවත පළකල පසු ඉන් මතුවිය හැකි අන්තරායන් පිළිබඳව ඔවුන් දැනුවත් කර තැබීම ඔබේ වගකීමයි, එමෙන්ම, මේ පුවත පළකිරීමෙන් සමාජයට අත්පත්වන ප්‍රතිලාභ හා මහජන යහපත ද ඔවුන්ට පෙන්වාදීම වැදගත් වේ. මේ කරුණු දෙකම පෙන්වාදීමෙන් පසු ඔබේ මූලාශ්‍රය මේ බව දැනුම්දුන් බවත් පුවත තුළ ඔවුන්ගේ නම් පළකිරීමට කැමැත්ත ලබාදුන් බවත් පළකල හැක. ඔබව හමුවී තොරතුරු ලබාදීමේ අවධානම ගැන මූලාශ්‍රයට අවබෝධයක් තිබේදැයි යන්න සහතික කරගන්න, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකථනය හෝ ඊ මේල් මගින් ද සාකච්ඡා කිරීමට හැකිවනු ඇත.

මූලාශ්‍රය සමග සාකච්ඡා කිරීමේදී දුරකථන ඇමතුම්, ඊ මේල් ආදිය භාවිත නොකරන්න වගබලා ගන්න. මන්ද දුරකථන සංවාද වලට රහසේ සවන්දීමටත් ඊ මේල් හැක් කිරීමටත් ඉඩකඩ පවතී. ඔබ ලබාගත් දුරකථන ඇමතුම්, ජංගම දුරකථන ඇමතුම් දත්ත වලට හොර රහසේ  ඇතුළු වී එහි වාර්තා ලබාගැනීමට හැකියාව ඇති අතර මෙමගින් ඔබ යන එන තැන් පවා නිරීක්ෂණය කිරීමට හැකියාව ඇත. රහසිගත හමුවීම් වලට යන්නට පෙර ඔබේ දුරකථනය ක්‍රියාවිරහිත කිරීමට හා එහි බැටරි ඉවත් කිරීමට මතක තබාගන්න. මූලාශ්‍රය ගැන සටහන් වී ඇති වෙනත් තුන්වන පාර්ශ්වයකින් ලැබුණු ඔබ සතුව තිබෙන ලිපිගොනු, පටිගත කර ඇති දත්ත සුරක්ෂිත තැනක තබාගන්න.

නිල අල්ලන අයට එරෙහිව ඵලදායී ලෙස භාවිත කළ හැකි හොඳම පිරිස වන්නේ බලගතු පුද්ගලයින් සිදුකළ බොරු, වංචාවන් හා අපරාධ ගැන ද්වේෂයෙන් තොරව විවෘතව කතාබහ කරන ඇසින් දුටු සාක්ෂිකරුවන්ය. ඔබට මේ සඳහා කාලය අවශ්‍ය වනු ඇත. කෙසේවෙතත්, ඔබ සමග කතා කිරීමට හෝ මෙවැන්නක් ගැන වාර්තා කිරීමට තවත් අයෙක්ට බල කළ නොහැකිය. ඔවුන් දෙගිඩියාවෙන් සිටීමට හේතු වන කරුණු සොයාගැනීමට අවශ්‍ය වන අතර ඒ ගැන ඔවුන්ගෙන් විමසීමට බිය නොවන්න.

‘ඔබේ නම ජනප්‍රිය වුණොත් මොනා වේවිද ?‘, යන්න හොඳ ප්‍රශ්නයකි. ඇතැම් අවස්ථා වලදී, මීට පෞද්ගලිකව ඇතිවන බිය ද හේතුවේ, ලිපිගොනු වල නම් සටහන් වී නැති කාන්තාවකගේ අනන්‍යතාව ගැන දැනගතහොත් ඇය පිටුවහල් කරනු ඇත, ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු නම් ඔහුව සේවයෙන් ඉවත් කිරීම හෝ සිරගත කිරීමට ඉඩ ඇත, එච්.අයි.වී සමග ජීවත්වෙන අයෙකු නම් ඔහුව සිය ප්‍රජාවෙන් පවා ඉවතට හෙලනු ඇත.

ඔබේ මූලාශ්‍රය සමග කිසිදු තොරතුරක් හුවමාරු කරගැනීමට පෙර ප්‍රථමයෙන්ම පැහැදිලි කරදිය යුත්තේ අනෙක් පුද්ගලයින් සමග ඔවුන්ගේ අනන්‍යතාව හුවමාරු කරගැනීමට සිදුවන බවයි. ඉන් අදහස් වන්නේ වෙනත් අය සමග ඔවුන්ගේ අනන්‍යතාව ගැන පැවසීමට සිදුවන බවයි. ඔවුන්ගේ අනන්‍යතාව, ඔවුන් ජීවත්වන ස්ථානය, ඔවුන්ගේ පසුබිම, සමාජ තත්ත්වය හෝ ලිංගිකත්වය සඟවන්නේ කෙසේදැයි යන්න ගැන සාකච්ඡා කරන්න. තමන් ලබාදෙන කිසියම් තොරතුරක් හුදු පසුබිම කාරණයක් ලෙස පමණක් ඉදිරිපත් කරන බවත් එය මේ වාර්තාවේ නොතිබිය යුතු බව ඔබේ මූලාශ්‍රය පවසයි නම් එය එලෙසින්ම පිළිගන්න,  ඔබේ ගවේෂණාත්මක පුවතට සම්බන්ධ වි සිටින කර්තෘවරයා හා අනෙකුත් හිතමිතුරන්ට ද මේ බව වටහාදීමට වගබලාගන්න. ඔබේ මූලාශ්‍රයේ නම හෙළිදරව් කරන ලෙස ඔබේ කර්තෘවරයා පවසයි නම්, මේ තොරතුරු කර්තෘවරයාගේ කාර්යාලයෙන් පිටතට නොයන බව සහතික කරගන්න. වාර්තාකරුවන් හා මූලාශ්‍ර අතර පවතින අතිශය වැදගත් සම්බන්ධතා මූලධර්මය වන්නේ මෙයයි. ඔබ කෙනෙකුගේ අනන්‍යතාව සැඟවීමට කැපවී සිටිනවා නම් සිර දඬුවම් ලබන්නට සිදුවුණත් ඊට ගරු කළයුතුවේ. නමුත්, ඔබේ මූලාශ්‍රයට කිසිදා සිදුකළ නොහැකි පොරොන්දුවක් ලබානොදීමට වගබලා ගන්න, වධහිංසා වලට ලක්වූ හෝ මියගිය පුද්ගලයෙකු මත පදනම් වෙමින් මූලාශ්‍ර සොයාගැනීමේදී ඔහුගේ නම භාවිත කිරීමට වඩා නිර්නාමිකව එම තොරතුරු ගැන ලිවීම වඩාත් හොඳය.

බොහෝ රටවල වාර්තාකරුවන් හා සංස්කාරකවරුන් මූලාශ්‍ර වල නම් අනාවරණය කරගැනීම සඳහා වදහිංසාවට ලක්කර ඇති බව සිහියේ තබාගන්න. මෙවැනි රටවලදී මාධ්‍ය අපරාධ බොහෝ විට සිවිල් නීතියට වඩා සාපරාධී අපරාධ නීතිය යටතේ සැලකෙන අතර, එහි තීන්දුව ඔබේ තොරතුරු මූලාශ්‍රය වෙත යොමුවිය හැක, මූලාශ්‍ර හෙළිදරව් කිරීම, ප්‍රතික්ෂේප කිරීම අධිකරණ අපහාසයක් ලෙස ද සැලකෙන අතර මේ වෙනුවෙන් සිරදඬුවම් ද නියම වනු ඇත. ගවේෂණයක් ආරම්භ කිරීමට මත්තෙන් මූලාශ්‍රයක් ආරක්ෂා කිරීමට ඔබ කෙතරම් දුරට සුදානම් ද යන්න සිතාබලන්න.

‘‘මාධ්‍යවේදියෙකු ලෙස මා ලැබූ නරකම අත්දැකීම වූවේ මූලාශ්‍රයක් ඝාතනය කිරීමයි. මූලාශ්‍රය මා හට සපයන ලද තොරතුරු වලට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් ඔහු සතුව තිබුණු නිසා මාව පරීක්ෂා කරබැලීමට වුවමනා වුණා, ඔහුගේ අනන්‍යතාව හෙළිදරව් කිරීමට ඔහු අකමැති වුණා. ඇත්ත වශයෙන්ම, ඔහු සමග සම්බන්ධ වූ සියලුදෙනාටම ඔහු කවුදැයි යන්න සොයාගැනීමට අපහසුවුණත් අවසානයේදී ඔහු, ඔහුටම වළ කපාගත්තා.

 සමහරවිට, මූලාශ්‍රයක් ලෙස විසුරුණු කුඩා කැබලි මෙන් තොරතුරු ලබාදීම නොකළ යුතු අතර මේ නිසා ඔබව මරාදැමීමට ද කිසිදු හේතුවක් නැත, නැතහොත්, ඔබට එරෙහිව ගන්නා ලද ඕනෑම ක්‍රියාමාර්ගයක ප්‍රතිචාර පැහැදිලිව දැකබලාගැනීමට නම් ඔබේ නම පාවිච්චි කිරීමේ අවදානම ද භාරගත යුතුවේ. මෙය මූලාශ්‍ර ආරක්ෂා කිරීමේ අනෙක් පැතිකඩ වේ.‘‘

– Mail & Guardian හි සෑම් සෝල්.

කෙසේවෙතත්, ඔබේ ගවේෂණාත්මක පුවතේදී නම් සඳහන් නොකළ මුලාශ්‍රයක් භාවිත කිරීමට තිබෙන එකම හේතුව ඔබේ මූලාශ්‍රය උවදුරු වලින් ආරක්ෂා කරගැනීමයි. නිර්නාමික මූලාශ්‍ර නිරීක්ෂණය කිරීමට අපහසු වේ, එමෙන්ම, වාර්තාකරණය අවිනිශ්චිතව සිදුවී ඇති නිසා මේ ගැන ඇති පාඨක විශ්වාසය ද අඩු වේ. නමුත්, මෙවැනි අවස්ථාවකදී අභ්‍යන්තරික දැනුම, වැදගත් තහවුරු කිරීම් හෝ අතිරේක සාක්ෂි ලබාගත හැකිවේ. ඔබේ අවසන් වාර්තාවේදී මූලාශ්‍රය හා ගවේෂණාත්මක පුවත සම්බන්ධව සුවිශේෂී කරුණු අනාවරණය කරන බව ප්‍රකාශනයට පෙරාතුව සහතික කරගන්න. ඔබේ පුවත තුළදී මූලාශ්‍රය ගැන සඳහන් කරන්නේ කෙසේද, ඒවායේ විස්තර ආරක්ෂා කරන්නේ කෙසේද යන්න ගැන මූලාශ්‍රය සමග පැහැදිලි  එකඟතාවකට එළඹෙන්න.

‘‘වනජීවී අමාත්‍යංශයේ වෙනත් කිසිදු පරිසර විද්‍යාඥයෙකු නැති විට එහි රාජකාරි කරන පරිසර විද්‍යාඥයෙකු අන් ‘විද්‍යාඥයෙකුට‘ වඩා විශිෂ්ඨ ය.