7 පරිච්ඡේදය සම්මුඛ සාකච්ඡාවකදී නිවැරදි ප්‍රශ්න විමසන්නේ කෙසේද ?

7 පරිච්ඡේදය සම්මුඛ සාකච්ඡාවකදී නිවැරදි ප්‍රශ්න විමසන්නේ කෙසේද ?

ජනමාධ්‍යවේදය හෝ ගවේෂණාත්මක වාර්තාකරණයේ ඇති මූලිකාංගයක් වන්නේ සම්මුඛ සාකච්ඡාවයි. නමුත්, ඊට පෙරාතුව මනාව සූදානම් විය යුතුවේ. ඔබේ ගවේෂණාත්මක පුවත ගැන මනාව තේරුම්ගෙන ඔබේ මූලාශ්‍රය ගැන වැඩිදුර විමසා බැලීමෙන් පසු ඒ අනුව ප්‍රශ්නාවලිය සකස්කරගත හැකිවේ. ගවේෂණාත්මක වාර්තාකරණය අතිශය සංවේදී, මතභේදාත්මක මෙන්ම යම් පුද්ගයෙකුගේ/පිරිසකගේ කීර්තිනාමයට හානි පමුණුවන, එය සම්පූර්ණයෙන්ම විනාශ කරදමන්නක් වනු ඇත. ඔබ විමසන්නේ කුමන අන්දමේ ප්‍රශ්නද ?, එම ප්‍රශ්න අසන්නේ කෙලෙසද ? කුමන පිළිවෙලකටද ? යන්න වැදගත් වන්නේ එබැවිනි. සම්මුඛ පරීක්ෂණයකදී සලකා බැලිය යුතු ආචාරධාර්මික ගැටළුද පවතී.