2. සම්මුඛ පරීක්ෂණයකදී කටයුතු කළයුත්තේ කෙසේද ?


මාධ්‍යවේදීන් බොහෝ අවස්ථාවලදී තමන් විසින්ම ප්‍රකාශයට පත්කරන ‘නරක පුවත්‘ වලින් පීඩා විඳියි. පුද්ගලයින්ගේ කීර්තිනාමයට හානි කිරීම, අතිශය සංවේදී ලෙස ජනතාව කුපිත වන අන්දමින් පුවත් ඉදිරිපත් කිරීම, විපක්ෂයට වැඩ කිරීම, වෙහෙස මහන්සි වී වැඩකරන ජනතාවගේ හඬ ඉදිරිපත් නොකිරීම හා පුද්ගලයින්ට මද ගෞරවයක් ලබාදීම ආදිය මාධ්‍යවේදීන්ට එල්ල වන චෝදනා වේ. සමහර අවස්ථාවලදී මෙලෙස චෝදනා නැගීමට ද සාධාරණ හේතු ඇත. මෙවැනි ඝෘණාත්මක ප්‍රතිචාර වලින් වැළකී යහපත් අදහසක් සමාජගත කිරීමට නම් මාධ්‍යවේදීන් සදාචාරාත්මකව හා වෘත්තීමය ගරුත්වය ආරක්ෂා වන අන්දමින් හැසිරිය යුතුය. සාධාරණ නොවන දේවල් ඉල්ලා නොසිටින්න, ප්‍රකෝපකාරී නොවන්න. ‘‘මට, ඔබට දවසේ ඕනම වෙලාවක කතාකරන්න පුළුවන්, දවල් රෑ කියලා වෙනසක් නැහැ, හැබැයි මට ඕන දේ ඔබ දෙන්න ඕන‘‘ වැනි කතාබහකින් ඔබ සමාජයට අඟවන්නේ ප්‍රකෝපකාරී බවයි.

බොහෝ මිනිසුන් තමන් අවංක හා හොඳ යැයි විශ්වාස කිරීමට කැමතිය. ඔබේ මූලාශ්‍රය සමග සාකච්ඡාවට පිවිසීමේදී මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය නොකරන්නේ ඇයි ?. ‘‘මම ඇත්තටම කැමතියි මේක සිද්ධ වෙන්නේ කොහොමද ? කියලා දැනගන්න, කරුණාකරලා සමාජයේ යහපත වෙනුවෙන් මේ ගැන පැහැදිලි කරන්න, පරිසර දූෂණය නිසා දරුවන් මැරෙනවා, ඒ නිසා මාත් එක්ක එකමුතු වෙලා වැඩකරන්න‘‘ වැනි වාක්‍ය ඛණ්ඩ යොදාගනිමින් සම්මුඛ සාකච්ඡාවට පිවිසීම ඔබට හොඳ ප්‍රතිඵල අත්පත්කරදෙනු ඇති මගක් වනු ඇත. බොහෝ අවස්ථාවලදී තොරතුරු බෙදාහදාගැනීම මහජනතාවගේ යහපතට හේතුවන බව මූලාශ්‍රයට ඒත්තු ගැන්වීමට හැකිනම් ඔවුන් ඔබට තොරතුරු ලබාදීමට නොපැකිලව ඉදිරිපත් වෙනු ඇත.

මෙය හුදෙක් උපාය මාර්ගයක් පමණක්ම නොවේ, ‘සිව්වන ආණ්ඩුව‘ වැනි යෙදුම් යොදාගෙන මාධ්‍යයේ බලසම්පන්න බව ගැන පවසන විට පවා රාජ්‍ය නිළධාරීන්ගේ ක්‍රියාවන් නිරීක්ෂණයට කිසිදු මාධ්‍යවේදියෙකු ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් නොවේ. මාධ්‍යවේදීන් ද සිවිල් සමාජයේම කොටසක් වන අතර එවැනි පසුබිමක ආණ්ඩුව එහි පුරවැසියන්ට වගකීම්සහගතව ක්‍රියා කරනවාද ? යන්න විමසා බැලිය යුතුවේ. මෙම තත්ත්වය තුළදී ජනසන්නිවේදන මෙවලම් ලෙස යොදාගන්නා පුවත්පත් හෝ රූපවාහිනී / ගුවන්විදුලි ආයතන වලට පිවිසීමේ හැකියාව ඇත. විශේෂයෙන්ම, දූෂිත දේශපාලඥයින් හෝ වංචාකාරී සමාගම් ගැන හෙළිදරව් කරනවිට රහසිගත පටිපාටි හෝ නීති බිඳදැමීමට පවා සිදුවනු ඇති අතර මෙවැනි අවස්ථා වලදී විනිවිදභාවයෙන් යුතු (හැකිතරම් විනිවිදභාවයෙන් යුතු), අවංක ක්‍රමවේද මාධ්‍යවේදීන් භාවිත කළයුතුවේ.

මාධ්‍යවේදියෙකු ලෙස ඔබට හිමිවන පිළිගැනීම පමණ ඉක්මවා නොයන බවට වගබලා ගැනීමට නිතරම ඔබෙන් ප්‍රශ්න විමසන්න,

? මවිසින් ගවේෂණයට ලක්කරන පුද්ගලයා මා වූවා නම් කුමක් සිදුවේවිද ? එලෙස සිදුවේ නම් මා ලෝකය දකින්නේ කෙසේද ?, මා මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය දකින්නේ කෙසේද ?

? මා කෙතරම් වගකිව යුතු පුද්ගලයෙකුද ?

? මා අනෙක් අය ගැන ගවේෂණය කරනවිට හැමවිටම එකම පරීක්ෂාවකට ලක්වෙනවාද ? මාව නවත්වන්නේ මොනවාද ?

? මවිසින් සොයාගන්නා දෑ හා සොයානොගෙන ශේෂ වන දේවල් මොනවාද ?