2.1. සම්මුඛ සාකච්ඡාවක් මෙහෙයවීමේදී වැදගත්වන මූලික නීති හා පිළිවෙත්


සම්මුඛ සාකච්ඡාව සිදුකරන ස්ථානයට නියමිත වේලාවට යෑම

ඔබ අදාළ ස්ථානයට ප්‍රමාද වී ගියහොත් ඔබේ මූලාශ්‍රය අමනාප වනු ඇත, කතාබහ කිරීමට තිබෙන කාලය අහිමි වනු ඇත, අපතේ ගිය කාලය ගැන සමාව ඉල්ලා සිටීමෙන් සම්මුඛ පරීක්ෂණය ආරම්භයේදීම නොසන්සුන් බවක් ඇතිවනු ඇති අතර අවධානය ද ගිලිහී යයි.

සුදුසු ඇඳුම්, පැළඳුම් භාවිතය

ඇඳුම්, පැළඳුම් ගැන තිබෙන නීති අතිශය සරළ වුවත් පළමු දැක්මෙන්ම ඔබේ මූලාශ්‍රය සමග විරසක නොවන්නට වගබලාගන්න. අදාළ අවස්ථාවට ගැළපෙන ඇඳුම්, පැළඳුම් භාවිත කරන්න, මූලාශ්‍රයට නිසි ගෞරවයක් ලබාදෙන අතරම ඇඳුම්, පැළඳුම් තුළින් ඔබේ ජීවන රටාව ගැන කිසිදු ඉඟියක් ලබානොදීමට වගබලා ගන්න.

ඔබ අසුන් ගන්නා තැන තෝරාගන්න

අසුන් ගැනීමේදී ඔබට පහසු තැනක අසුන්ගැනීම ගැන සමාව අයැද සිටීමට උපක්‍රමයක් ලෙස අවශ්‍ය නම් ඔබේ පටිගත කිරීමේ මෙවලම් ගැන පවසන්න. (‘මෙතන වාඩිවුණාම සද්දේ හොඳට ඇහේවි‘ වැනි ප්‍රකාශ). ඔබ මූලාශ්‍රය සමග ඇස් සමග සම්බන්ධතාවය පවත්වාගනිමින් (eye-contact) කතාබහ කිරීමට හැකි ඉරියව්වක සිටිය යුතුයි, නමුත් සෘජුවම මුහුණට – මුහුණ බලා සිටීම තරමක අපහසුබවක් ගෙන දෙන කරුණක් විය හැක. මේ වෙනුවට වාඩි වෙන මට්ටම තබාගනිමින් මූලාශ්‍රයට විරුද්ධ පැත්තක සිට තරමක් කුඩා කෝණයක් පවත්වාගනිමින් කතාබහේ යෙදෙන්න. ඔබ දෙදෙනා අතර ලිපිගොනු, පොත්, විවෘත කර ඇති ලැප්ටොප් පරිගණකයක පියනක් ආදී බාධාවන් තබා නොගන්න. ඔබ අසුන්ගන්නේ සෝෆාවක නම් එවැන්නක හිඳගෙන ලිවීම අපහසු වුවත් සැහැල්ලු ඉරියව්වෙන් සිටිය හැක.

ඔබ හා සම්මුඛ සාකච්ඡාවට භාජනය වන තැනැත්තා අතර ඇස් සමග සම්බන්ධතාවය පවත්වාගැනීම (eye contact)

අනෙකාගේ මුහුණෙන් පවසන ඉරියව් මනාව දැකගැනීමට හැකිනම් ඔහු හා ඔබ අතර මනා සම්බන්ධතාවක් පවත්වාගෙන යා හැකිවනු ඇත. ඔබ කතාබහ අතරතුර සටහන් තබාගන්නේ නම් මෙය තරමක් දුෂ්කර වනු ඇත, නමුත්, වරින්වර ඔහුගේ / ඇගේ මුහුණ දෙස බලන්න මතක තියාගන්න. විශේෂයෙන්ම ප්‍රශ්නයක් විමසන විට එය අතිශය වැදගත් වේ.

ඔබ විමසිය යුතු ප්‍රශ්න අතිශය සැහැල්ලුවෙන් කියවාගෙන යනවිට ඔබ සම්මුඛ සාකච්ඡා මෙහෙයවීමට අලුත් බව බව මූලාශ්‍රය සිතනු ඇත, නැත්නම් ඔහු / ඇය පවසන දේවල් වලට අවධානය යොමුනොකරනු ඇති බව සිතනු ඇත. මෙය රළු බව පෙන්වන ඉඟියක් ලෙස දැක්විය හැකි අතර නිරන්තරයෙන් ඔවුන් සාකච්ඡාවට දායක කරගැනීමට උත්සහ ගන්න.

ඔහුගේ / ඇගේ ශාරීරික ඉරියව් ගැන සැලකිලිමත් වන්න (body language)

ඔබේ මෙන්ම මූලාශ්‍රයේ ශාරීරික ඉරියව් ගැන සැලකිලිමත් වන්න. මූලාශ්‍රය ආරක්ෂාවීමට උත්සහ දරන බව දක්වන ඉඟි (Defensive gestures) හා ඉරියව් (posture) පෙනෙන අවස්ථා, ඔබ තව තවත් තදින් ප්‍රශ්න විමසිය යුතු බව පෙන්වන සංඥාවන් වේ.

ඔහු / ඇය තමන්ට රිදුණු බව, හාස්‍යය, කෝපය හෝ වෙහෙසකාරී බව පෙන්වන සංඥාවන් නැවත පිළිතුරු දීම හෝ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව පෙන්වන අවස්ථාවන් වේ.

වාර්තාගත කරගැනීම හෝ වාර්තා වලින් ඉවත් කරගැනීම  (On or off the record)

මූලාශ්‍රය ඔබට පවසන තොරතුරු ‘වාර්තාගත කරගැනීම‘ (‘On-the-record’) යනුවෙන් අදහස් වන්නේ එම තොරතුරු සියල්ල ඔබට භාවිත කළ හැක යන්නයි. ‘වාර්තා වලින් ඉවත්කරගැනීම‘ (‘Off-the-record’) යන්නෙන් අදහස් වන්නේ මූලාශ්‍රය නාදුනන ලෙස පවතී නම් පමණක් එම තොරතුරු භාවිත කළ හැක යන්නයි. ‘පසුබිම්ගත තොරතුරු පමණයි‘ (‘background only’) යනු මේ තොරතුරු අදාළ සන්දර්භය වටහාගැනීමට ඔබට පවසන බවත් මේ තොරතුරු භාවිත නොකර සිටින්න යන්නයි. ‘වාර්තාගත කරගැනීම හෝ වාර්තා වලින් ඉවත්කරගැනීම‘ යන්න මූලාශ්‍රය හා මාධ්‍යවේදියා අතර පවතින පොදු එකඟතාවක් වන අතර නීතිමය වශයෙන් බැඳී නැති කරුණකි.

ඔබේ මූලාශ්‍රය සමග කතාබහ කර සම්මුඛ සාකච්ඡාව අතරතුරදී වාර්තා කරගත යුතු දෑ හා වාර්තා වලින් ඉවත් කළයුතු තොරතුරු මොනවාදැයි යන්න තහවුරු කරගන්න. සංවේදී මාතෘකා පිළිබඳ කතාබහ කිරීමේදී ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. සම්මුඛ පරීක්ෂණය සිදුවන්නේ අවිධිමත් ලෙස නම් ඔබේ සටහන් පොත හා ටේප් රෙකෝඩරය ඉවත් කර ‘‘මං මේ කතාබහ පටිගත කරගත්තට කමක් නැද්ද ?, නැත්නම් ලියාගන්නද ?‘‘ යනුවෙන් විමසන්න.

සම්මුඛ සාකච්ඡාව විධිමත් එකක් වේ නම් ඉක්මනින් ප්‍රශ්න අසමින් ඔබේ කාලය ඵලදායීව හා කාර්යක්ෂමව භාවිත කරන්න. සටහන් තබාගැනීම හෝ ශ්‍රව්‍ය / ද්‍රෘෂ්‍ය පටිගත කරගැනීම් සිදුකරන අවස්ථාවලදී සමහර පුද්ගලයින් බියට පත්වේ. පටිගත කිරීමේ උපකරණ සඟවාගෙන නොසිටින්න, නමුත්, සටහන් තබාගැනීමේදී හෝ පටිගත කරගැනීම් වලදී නොඉවසිලිවන්තව කටයුතු නොකරන්න, පටිගත කිරීම් හෝ සටහන් තබාගැනීම් සිදුකරන්නේ ඇයිදැයි මූලාශ්‍රය ඔබෙන් විමසනවා නම් ‘ඔබ ලබාදෙන පිළිතුර නිවැරදිව ලබාගැනීමට මේ සටහන් / පටිගත කිරීම් උපකාරී වෙනවා‘ යනුවෙන් ඔවුන්ට ඒ ගැන පැහැදිලි කරදෙන්න.

හැමවිටම සටහන් තබාගන්න

මූලාශ්‍රය පවසන කරුණු ගැන දැඩි අවධානයෙන් සිටින්නටත්, ඔවුන් ලබාදෙන ඉඟි මනාව වටහාගැනීමටත් සටහන් තබාගැනීම උපකාරී වුවත් වටපිටාව හා මූලාශ්‍රය පෙන්වන ඉරියව් පටිගත කරගැනීමකදී එය නිවැරදිව හසුකරගැනීමට නොහැකි වනු ඇත.

යම් හෙයකින් පටිගත කිරීම නිසිලෙස සිදුවී නැති විට මූලාශ්‍රය පැවසූ කරුණු එලෙසින්ම සටහන් වී තිබීම ද ප්‍රයෝජනවත් වනු ඇත. මූලාශ්‍රය දක්වන අදහස් හා ඔබේ නිරීක්ෂණයන් අතර පවතින වෙනස හා විශ්ලේෂණය නිවැරදිව සටහන් කරගන්න.

උදාසීන හා විවෘත ප්‍රශ්න විමසන්න

මෙහිදී මනෝවිද්‍යාඥයින්ගෙන් උපදෙස් ගන්න. ඔබට පිළිතුර ගැන හැඟෙන්නේ කෙසේදැයි යන්න හෙළිකරන ප්‍රශ්න මඟහරින්න. ‘මෙය බලය දැඩි සේ අවභාවිත කිරීමක් නොවේද ?‘ වැනි ප්‍රශ්නයක් වෙනුවට ‘බලය මේ විදියට පාවිච්චි කරද්දි ඔබට දැනුණේ මොකක්ද ?‘ යනුවෙන් විමසන්න. සමහරවිට,  ඔබේ මූලාශ්‍රයේ අභිප්‍රායන් තේරුම්ගැනීමට ඔබ උත්සහ ගන්නා අවස්ථා තිබේ. නමුත්, ‘ඇයි ?‘ යන ප්‍රශ්නය සෘජුවම විමසනවා වෙනුවට චෝදනා හෝ සැකසංකා සහිත කරුණු ගැන විමසිය හැකිවේ. ‘මේ පුවත් වාර්තාවෙන් ඔබ කේන්තිගත්තේ ඇයි ?‘ යන්න විමසනු වෙනුවට ‘ඔබ ඒ පුවත්පත් වාර්තා වලින් කේන්ති ගත් බව කිව්වා, ඒ ගැන වැඩිදුර විස්තර කරන්න පුළුවන්ද ?‘ යනුවෙන් විමසන්න.

නිහඬ බව නරක දෙයක් නොවේ

ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට මූලාශ්‍රයට ඉඩදෙන්න, ඊළඟ ප්‍රශ්නයට යාමට පෙර විරාමයක් ගන්න. ඔබ සංවාදයේ තිබෙන අඩුපාඩු පිරවීමට අවශ්‍ය නොවේ. සම්මුඛ පරීක්ෂණයට භාජනය වන තැනැත්තාට පිළිතුරු දීමට පෙර ඒ ගැන සිතීමට කාලයක් අවශ්‍ය නම් ඊට ඉඩදෙන්න, සිය හැගීම් යථා තත්ත්වයට පත්කරගැනීමට ඔවුන්ට කාලය අවශ්‍ය නම් ඊට ඉඩදී මොහොතක් නිහඬවන්න, ඉන්පසු, ‘අපි ආයෙත් කතාබහට යමුද ?‘ යැයි විමසන්න.

උනන්දුවක් දක්වන්න, උනන්දු වෙන්න

ඔබේ සම්මුඛ සාකච්ඡාව අතරතුරදී  ඔබට ශ්‍රවණය වන දේවල් පිළිබඳ අඛණ්ඩ අනොන්‍ය ක්‍රියාකාරීත්වයක් පැවතිය යුතුවේ, සම්මුඛ සාකච්ඡාවට බඳුන්වන තැනැත්තාගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර මොනවාදැයි සටහන් කරගන්න, මේ තොරතුරු අතිරේක ප්‍රශ්න විමසීමේදී වැදගත් වනු ඇත. මට ඕන වුණේ මේ උත්තරේද ?, මට මේක තේරුණාද ? මේ කාරණේ ගවේෂණාත්මක පුවතේදී යොදාගන්නේ කොහොමද ? සම්මුඛ සාකච්ඡාව අවසන් වීමෙන් පසු තවත් සම්මුඛ සාකච්ඡාවක් සිදුකිරීම අසීරු වනු ඇත.

ඔබේ පර්යේෂණ මනාව සිදුකර ඇති මුත්, අපේක්ෂා කළ අන්දමින් මූලාශ්‍රය නිසි තොරතුරු නොපවසන්නේ නම් කලබල නොවී සම්මුඛ සාකච්ඡාව අතරමඟ නවත්වන්නේ නැතිව ඉදිරියට යන්න. ඔවුන් පවසන තොරතුරු වලට ඇහුම්කන් දෙමින් පසුවිපරම් ප්‍රශ්න විමසන්න. ඔබ කලින් සිතාගෙන සිටි කතා පුවත තුළට මූලාශ්‍රය රාමුගත කිරීමට උත්සහ නොකරන්න. සම්මුඛ සාකච්ඡාව අවසානයේදී නොසිතූ විරූ අන්දමේ ගවේෂණාත්මක පුවතක් ඉස්මතු වෙනු ඇත. එය එසේ නොවුවහොත් ඔබේ මුල් පුවතේ තේමාව වෙත නැවතත් යන්න. සම්මුඛ සාකඡාව නිසි ලෙස සිදුනොවේ නම්, නැතිනම් මූලාශ්‍රය අතිශය කුපිත අන්දමින් කටයුතු කරයි නම් ඔබේ මූලාශ්‍රය සමග ආක්‍රමණශීලීව නොහැසිරෙන්න.

කාලයට ගරු කරන්න

කාලය ගැන අවධානයෙන් සිටින්න, ප්‍රශ්න අසාගෙන යන අතරතුරදී එකඟ වූ කාලය අවසන් වන විට ‘‘අපිට තවත් ප්‍රශ්න …කට කාලය තියෙනවද ?‘‘ යැයි විමසන්න. සම්මුඛ සාකච්ඡාව අවසන් කරන විට මූලාශ්‍රයෙන් ඊළඟට සිදුවන්නේ කුමක්දැයි යන්න තහවුරු කරගන්න. ‘මේ පුවත බ්‍රහස්පතින්දා පළවේවි‘. පුවත පළවීමට පෙර මූලාශ්‍රයට එය බැලීමට අවස්ථාව ලබාදෙනවා යැයි පවසන අන්දමේ, ඔබට සිදුකළ නොහැකි පොරොන්දු ලබානොදෙන්න.

සිදුවූ දෑ එලෙසින්ම ගවේෂණාත්මක පුවතේදී ඉදිරිපත් කරන්න

විශිෂ්ඨ ජනමාධ්‍යවේදීන් මූලාශ්‍ර මගින් ලබාදෙන තොරතුරු එලෙසින්ම භාවිතයට ගනු ඇත. මූලාශ්‍රය සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණය කළ තොරතුරු ගැන ඔබ අසත්‍ය තොරතුරු නොපවසා සිටිය යුතුවේ. සම්මුඛ සාකච්ඡාව අවසන්වූ පසු ප්‍රශ්නයේ ස්වභාවය හෝ ඊට ලැබුණු පිළිතුරෙන් හැඟවූ දෑ ඔබට වෙනස් කළ නොහැකිය. මුල් සම්මුඛ පරීක්ෂණයෙන් පසු අනුපිළිවෙලින් තොරතුරු ලබාගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.

එකිනෙකට නොපෑහෙන තොරතුරු සමීපව පිහිටුවීමෙන් සත්‍යය විකෘති කළ හැකිවේ. මුලින්ම ඔබේ ගවේෂණාත්මක පුවත පවසා එම පුවත තුළ ප්‍රතිචාර පෙළගස්වන්න. පාඨකයින් අතිශය බුද්ධිමත් පිරිසක් වන අතර සත්‍ය බොරුවක් වන්නේ කොතැනකදීද යන්න ඔවුන් මනාව දැනසිටී.