3.1. මූලාශ්‍රය ප්‍රශ්න වලට පිළිතුරු නොදී සිටීම ඔබේ ගවේෂණාත්මක පුවතේ කොටසක් ලෙස වාර්තාකරන්න

3.1. මූලාශ්‍රය ප්‍රශ්න වලට පිළිතුරු නොදී සිටීම ඔබේ ගවේෂණාත්මක පුවතේ කොටසක් ලෙස වාර්තාකරන්න


මූලාශ්‍රය පිළිතුරු ලබාදීමට අකමැති නම් ඔබේ පුවත තුළ ඒ ගැන පැවසීමට සූදානම් වී සිටිය යුතුය. මූලාශ්‍රය ලබාදෙන තොරතුරු රූපවාහිනිය හෝ ගුවන් විදුලිය සඳහා පටිගත කරන අවස්ථාවකදී ඔවුන් සෘජුව හෝ වක්‍රව පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන අන්දම පැහැදිලිව හසුකරගත හැකි අතර නිපුණ ලෙස සංස්කරණය කිරීමට ද හැකිය. මුද්‍රිත මාධ්‍යයකදී ‘X මේ ගැන විමසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළා‘ යනුවෙන් ඒ ගැන සටහන් තැබීමට හැක. ඔබ මේ ගැන සනිටුහන් කරන දේ තුළ ඔවුන් ප්‍රතිචාර දැක්වීමට අසමත් බව නොහැඟවිය යුතු අතර වාර්තා ස්වරූපයෙන් මේ ගැන පැවසිය යුතුවේ. තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ගැන පවසන්නේ පාඨකයින්ට ඒ ගැන විනිශ්චය කිරීම භාරකිරීමටය.

ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවන් වලදී ඒ ගැන අවධාරණය කිරීම හරහා  සම්මුඛ පරීක්ෂණය අතහරින ලෙස කරන ඉල්ලීම යුක්ති යුක්ත නොවේ. ‘ඇමතිතුමා, මට සමාවෙන්න, ඔබතුමා මේ ප්‍රශ්න වලට පිළිතුරු නොදී ගිය බව ගවේෂණාත්මක පුවතේදී හුවා දක්වන්න මගේ අදහසක් නැහැ‘, ‘මං කරපු නිරීක්ෂණ, මේ ගැන දන්න විද්වතුන් හා සාක්ෂිකරුවන්ගේ අදහස් පමණක් මේකට යොදන්න සිද්ධ වෙනවා‘, ‘ඔබතුමා මේ ගැන කිසිම අදහසක් දැක්වූවේ නැහැ කියලා කියන්නද ?‘ යනුවෙන් ඔබට පැවසිය හැක. මෙවැනි අවස්ථාවකදී බුද්ධිමත් අයෙකු තීරණය කරන්නේ ගවේෂණාත්මක පුවත තුළින් බැහැර වීමට වඩා කුමන හෝ දෙයක් පැවසීම හොඳ බවයි. නමුත්, ඔවුන් කිසිදු සහයක් ලබාදීමට මැලි වන්නේ නම් විනීතව එය භාරගන්න.

සමහර ප්‍රශ්න වලට පිළිතුරු නොලැබෙන බව ඔබට කලින් දැනගන්නට ලැබී තිබේනම්, එම ප්‍රශ්න නොසලකා හැරීමට ඉඩ දෙන්න. ඔබ සියලු ප්‍රශ්න විමසූ බවත් මූලාශ්‍රය ඊට පිළිතුරු නොදුන් බවත් ගුවන්විදුලි හෝ රූපවාහිනී මාධ්‍යයේදී ප්‍රේක්ෂකයින්ට දැකගත හැකිවනු ඇත. සමහරවිට විට ඔබ අදාළ ප්‍රශ්න යොමුනොකර සාකච්ඡාව අඛණ්ඩව සිදුකරගෙන ගියේ නම් ඔබට ද විවේචන එල්ල වනු ඇත. ‘මගෙන් ඇහුවා නම් උත්තර දෙන්න තිබුණා‘ වැනි අදහසක් ඔබේ මූලාශ්‍රයද ඊට පසුව ප්‍රකාශ කරනු ඇත. මෙවැනි අවස්ථාවකදී චෝදනාවට ලක්වන්නේ ඔබමය.