3.3. රහසිගත සම්මුඛ සාකච්ඡා


රහසිගත පටිපත කිරීම් සම්බන්ධයෙන් බොහෝ මාධ්‍ය ආයතන වල දැඩි නීතිරීති පවතින අතර සමහර රටවල නීති සංග්‍රහයන්ට අනුව එවැන්නක් නීති විරෝධී වේ. කෙසේවෙතත්, ඔබට අවශ්‍ය සාක්ෂි ලබාගැනීමට ඇති එකම මඟ මෙය වනු ඇත. මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් සිදුකිරීමේදී අත්‍යවශ්‍ය වන කාරණයක් වන්නේ පුහුණුවයි. රහසිගත කැමරාවක් ඔබේ පපුව පෙදෙසේ සවිකර ඇත්නම් පදික මං පෙත හා අහස පමණක් මෙමගින් පෙනේනම් එවැනි දර්ශන වලින් කිසිදු ඵලක් නැත. මෙමගින් ඇසෙන ශබ්දය මිමිණුමක් පමණක් නම් ඔබේ සම්පත් හා කාලය ද අපතේ යවා ඇත. රහසිගත සම්මුඛ සාකච්ඡා පැවැත්වීම රූපවාහිනියේ අපරාධ කතා මාලාවකින් පෙන්වන තරම් සරළ හා අතිශයින් පහසු කටයුත්තක් නොවේ. තාක්ෂණික විශේෂඥයින් සමග සිදුකරන සාකච්ඡා වලදී මෙන්ම ඔබට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට අනෙකාව දිරිමත් කළහැකි අන්දමේ සම්මුඛ සාකච්ඡා ශෛලියකින් සංවාදයේ යෙදිය යුතුවේ. මෙමගින් ඔබේ උපාය උපක්‍රම හෙළිදරව් වේ නම් සම්මුඛ සාකච්ඡාව අතිශය කෘතිම හා නීරස වනු ඇත.

මේ සම්මුඛ සාකච්ඡාව රහසිගතව පටිගත කරන බව ඔබේ මූලාශ්‍රය සැකකළහොත්, ඒ ගැන විමසුවොත් ඔබේ සුරක්ෂිතතාව වෙනුවෙන් ‘නැහැ‘ යනුවෙන් පැවසිය යුතුවේ. නමුත්, මෙවැනි ප්‍රකාශයක් ඔබේ පටිගත කිරීමේ මෙවලම් භාවිතයේදී දුෂ්කරතා ගෙනදෙනු ඇත. මේ කතාබහ පටිගත කරන බව ඔබ දිගින් දිගටම ප්‍රතික්ෂේප කළහොත්, මූලාශ්‍රයට සත්‍ය වසන් කර මේ සාකච්ඡාව අඛණ්ඩව සිදුකරගෙන යාමට ඔබ මූලාශ්‍රය කෙරෙහි ‘පෙළඹීමක්‘ ඇතිකළ බවට පවසා නීතිය හමුවට පවා ගෙනයෑමට ඉඩ ඇත. මහජනතාවගේ යහපත පිණිස නොවේනම්, රහසිගත සම්මුඛ සාකච්ඡාවකදී පටිගත කිරීමේ මෙවලම් පාවිච්චි කළහැකි බවට වූ අදහස හා එකඟවීමට බ්‍රිතාන්‍ය නීතිඥයින් මැලිකමක් දක්වයි. බොහෝ රටවල නීතිවේදීන් ද මේ මතයට එකඟ වනු ඇත.