1.1. නිරවද්‍ය වන්න


අර්ථකථන හා උදාහරණ – ඔබේ පාඨකයින්ට විවිධ යෙදුම් හා සංකීර්ණ පද වල අර්ථය පහදාදෙන්න. උදාහරණ යොදාගනිමින් එම පාඨයන් වල අදහස වියුක්ත කර දක්වන්න.

ඔප්පු නොවූ කරුණු සාමාන්‍යකරණය – මෙම වචන වල අර්ථය හා ඒවායේ වෙනස ගැන අවබෝධ කරගන්න. ‘බොහෝ‘, ‘බොහොමයක්‘, ‘සමහර‘, ‘කීපයක්‘, ‘ඉතා සුළු ප්‍රමාණයක්‘. ඒවා වෙන් වෙන් වශයෙන් තේරුම්ගන්න. ‘බොහෝ හා බොහොමයක්‘ යන වචන වල ඇති වෙනස ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ‘සියළුම හෝ කිසිවෙකුත් නැහැ‘ වැනි වදන් භාවිත කිරීමේදී ප්‍රවේශම් සහගත වන්න. ‘හේතුව හෝ එක් හේතුවක් වන්නේ‘, ‘සෑම විටම හෝ නිතර නිතර‘ වැනි යෙදුම් වල ද තේරුම දැනගන්න. එකිනෙක සිද්ධි වලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් උපුටා දක්වන්න.

ඔබ ඉදිරිපත් කරන කරුණු තහවුරු කරන තර්ක ඔබ ඉදිරිපත් කරන සියළුම කරුණු වලට අදාළ නිශ්චිත තොරතුරු ප්‍රවේශමෙන් දක්වන්න. යම් අදහසක් විවේචනාත්මකව ඉස්මතු කරන අවස්ථාවලදී පුද්ගලයින්ට පහර ගසන්න එපා. කරුණු හා තර්ක සාකච්ඡා කිරීමට පමණක් සුවිශේෂී අවධානයක් යොදවන්න. ඔබ දක්වන කරුණු ගැන පාඨකයින්ට සිතන්න ඉඩදෙන්න. සමහර අවස්ථාවලදී ඔබේ පණිවිඩය සක්සුදක් සේ පැහැදිලිව දැක්වීමට සිදුවනු ඇත (පුද්ගලයින්ට අපහාසාත්මක ලෙස අර්ථ දැක්වීම් වැළැක්වීමට සිදුවනු ඇත). ගවේෂණාත්මක පුවත සාරාංශගත වාක්‍යයකින් අවසන් කරන්න.

බලධාරීන් පළකරන අදහස් සාක්ෂි ලෙස දැක්වීම – ගවේෂණාත්මක පුවතට අදාළව බලධාරීන් පවසන වාසි මෙන්ම අවාසි සහගත කරුණු වල ලැයිස්තුවක් සකස් කරගෙන ඒවා සමබර ලෙස වාර්තා කරන්න. යම් යම් බලධාරීන්ගේ ක්‍රියාකාරකම් වලට හේතුවී තිබෙන කරුණු ගැන අවධානය යොමුකිරීම ද වැදගත් වේ. ‘ඔහු එවැනි අදහසක් ප්‍රකාශ කළේ ඇයි ?‘. පසුබිම් පර්යේෂණය හා අදහස් දැක්වීම් ආධාර උපකාර කරගනිමින් මේ සිද්ධියට අදාළ එක් මූලාශ්‍රයකට පමණක් කතා නොකර මූලාශ්‍ර ගණනාවක් සමග කතාබහ කරන්න.

පූර්ව විනිශ්චයන්, මුල්බැසගෙන ඇති අදහස් හෝ හැඟීම් – විවිධ පුද්ගලයින් ගැන මුල්බැසගෙන ඇති හොඳ හෝ නරක අදහස් වලින් වළකින්න. මධ්‍යස්ථ භාෂා ශෛලියක් යොදාගනිමින් සෑම මූලාශ්‍රයක් හා විෂයයක් ගැනම සටහන් තබන්න. ඔබ කියන සෑම කරුණක් සඳහාම සාක්ෂි ඉදිරිපත් කරන්න. එක් සාක්ෂියක් මත පදනම් නොවී සාක්ෂි රැසක් මත පදනම්ව නිවැරදි හා විශ්වසනීය ගවේෂණාත්මක පුවතක් රචනා කළ හැකිය. කෙසේවෙතත්, යමක්  ඔප්පු කළ හැකි නම් සාක්ෂි මත පදනම් වී පුවත රචනා කිරීම ද අගනේය. නමුත්, එක්රැස් කළ ප්‍රබල සාක්ෂි වලින් ද සාර්ථක ගවේෂණාත්මක පුවතක් ඉදිරිපත් කළහැකිවේ. සාක්ෂි රැසක් ඔබ හමුවේ පවතින විට ඔබේ මූලාශ්‍රයන් කරා නැවත පැමිණ විස්තරාත්මකව කරුණු පැහැදිලි කරමින් සුපැහැදිලි පුවතක් පෙළගැස්විය හැකිවේ. ඔබ හොඳ සන්දර්භයක් ස්ථාපිත කිරීම ද අවශ්‍ය වෙනු ඇත. මෙවැන්නකින් අදාළ සිද්ධි සිදුවූ පරිසරය හා පසුබිම ගැන තොරතුරු ප්‍රේක්ෂකයින්ට ලබාදෙනු ඇත. අදාළ සිද්ධියට සම්බන්ධවූවන් චේතනාන්විතවම එය සිදුකළාද, එවැන්නක් සිදුකිරීමට ඔවුන්ට බලපෑ කරුණු මෙන්ම අවස්ථාවන් තිබුණාද යන්න ගැන තොරතුරු මින් හෙළිදරව් වේ.