1.2. ඡේද වශයෙන් ලිවීම


සෑම ඡේදයක්ම කුඩා කතාවකි. මෙමගින් සමස්ත ගවේෂණාත්මක පුවතේ එක් පැතිකඩක් ගෙනහැර දක්වන අතර දැවැන්ත තේමාවක් කුඩා කුඩා කොටස් වලට කඩා ප්‍රේක්ෂකයින්ට පහසුවෙන් තේරුම්ගත හැකි අන්දමට ඉදිරිපත් කරයි. ඡේදය ආරම්භ වන්නේ ‘මාතෘකාවකිනි‘. මෙමගින් ඔබ ගනුදෙනු කරන්නේ කුමන අන්දමකින් ද එය කලින් තිබූ දේවලට සම්බන්ධ වන්නේ කෙසේද යන්න පාඨකයාට කියාදේ. සෑම ඡේදයකම පහත කරුණු අන්තර්ගත වී තිබිය යුතුය.

  1. (a) සාක්ෂි (විස්තර, පුද්ගලයින්ගේ ප්‍රකාශ, කරුණු, සංඛ්‍යාත්මක කරුණු)
  2. (b) අර්ථ දැක්වීම් හෝ පැහැදිලි කිරීම්
  3. (c) අන්තර්ගතය, ඉතිහාසය, සංසන්දනය හෝ වෙනස
  4. (d) හේතුව හෝ බලපෑම
  5. (e) තර්ක හෝ එරෙහිව නැගෙන කරුණු
  6. (f) විශ්ලේෂණය හෝ ප්‍රතිවිපාක යෝජනා කිරීම

බොහෝවිට දිනපතා පුවත්පත් වල සේවය කරන වාර්තාකරුවන් ඡේද වශයෙන් කතාවක් ඉදිරිපත් කිරීමේදී කුඩා කල සිට ඉගෙනගත් අන්දමින් කතාව සැලසුම් කිරීම හා රචනා කිරීමේ පුරුද්ද අමතක කරදමයි. පුවත්පත් සිය පුවත් ඡේද ලෙස මුද්‍රණය කිරීම ඉතාම කලාතුරකින් සිදුකිරීම මීට හේතුවයි, සමහර අවස්ථාවලදී උප සංස්කාරකවරුන් අමතර පේළියක් නිර්මාණය කිරීමට ඡේද වෙන්කිරීම හෝ ඉඩ ඉතිරි කරගැනීමට ඒවා ඒකාබද්ධ කරයි. මේ ගැන නොසතුටු නොවන්න. සෑම කතාවකම අත්‍යවශ්‍ය කොටසක් වන්නේ ඡේද ය. ඔබ ඡේද වශයෙන් ලියන්න, උප සංස්කාරකවරුන්ට පිටු සැකසීමේ කටයුත්ත කරගන්න දෙන්න.