1.3. කටු සටහන් ලිවීම හා නැවත සිතා බැලීම


ඔබ සොයාගත් සියලු තොරතුරු මෙම අදියරේදී කොටස් වලට වෙන්කර තිබිය යුතුවේ. සියලු උපුටා දැක්වීම් හා පර්යේෂණයෙන් සොයාගත් තොරතුරු ද වෙන් වෙන් කොටස් ලෙස සකස් කළයුතුවේ. දැන් ඔබේ පළමු කටු සටහන (කෙ‍ටුම්පත) රචනා කිරීමට කාලය පැමිණ ඇත.

බොහෝ දෙනෙකු මෙම පළමු කටු සටහන රචනා කිරීම ගැන එල්බගෙන සිටින්නේ වැරදි අදහසකය. පළමු කෙටුම්පත යනුවෙන් අදහස් වන්නේ ප්‍රකාශයට පත්කිරීමට සූදානම් ගවේෂණාත්මක පුවත නොවේ. මෙය ගවේෂණාත්මක පුවතේ දළ සටහනක් පමණකි, ගවේෂණාත්මක පුවත ලියැවෙන්නේ කෙලෙසින්ද හා තවදුරටත් ඊට එක්විය යුතු කරුණු කවරේදැයි යන්න මෙහිදී හඳුනාගත හැකිවනු ඇත. ඔබ මෙම අදියරේදී අපූර්ව හා අලංකාර වදන් යොදාගනිමින් හැඳින්වීමක් සිදුකිරීමට හෝ නිශ්චිත නිගමන වලට එළඹීමට අවශ්‍ය නොවේ. මෙහිදී ලේඛනයේ යෙදෙනවා මිස සංස්කරණයේ නොයෙදේ. ඔබ සොයාගත් සියලු කරුණු පිටුවකට එක්කිරීමක් පමණක් මෙහිදී සිදුකළ යුතුවේ.