WHAT'S NEW?
  • Don’t miss the newest edition – The Chinese manual READ MORE
  • New: Case studies on investigative reporting from the Balkans READ MORE
  • Great news for journalists from Nepal: Our Nepali edition is online! READ MORE

සන්නිවේදනයේ වෙනත් ආකාර මෙන්ම සම්මුඛ සාකච්ඡාව ද ද්වි මාර්ගික ක්‍රියාවලියකි. සම්මුඛ සාකච්ඡාවට බඳුන්වන තැනැත්තාගෙන් තොරතුරු විමසන අන්දම මත මෙහි ප්‍රතිඵල රඳා පවතී. හොඳ සම්මුඛ පරීක්ෂණයක් සංවාදයක් වැනිය. සම්මුඛ පරීක්ෂණයක් අතරතුරදී ඔබ සිදුකරන, ප්‍රකාශ කරන සෑමදෙයක්ම ඔබට අවශ්‍ය පිළිතුරු ලබාගැනීමට දියත් කරන සැලසුම් සහගත උපාය මාර්ගයේ කොටසකි.

සම්මුඛ පරීක්ෂණයට පෙර ඔබ ගවේෂණයේ යෙදීමට බලාපොරොත්තු වන විෂය ක්ෂේත්‍රය හා මූලාශ්‍රය අතර ඇති සම්බන්ධය ගැන ගැඹුරින් පර්යේෂණයේ යෙදිය යුතුවේ. රාමුගත ප්‍රශ්න හා සවිස්තරාත්මක පැහැදිලි කිරීම් ලබාගැනීමට උපකාරී වන පසුබිම් තොරතුරු සපයන ලේඛන පර්යේෂණයට ඇතුළත් විය යුතුවේ. ගැටළු ඇති තැනට ගොස් විවිධාකාර පුද්ගලයින් හමුවී සම්මුඛ සාකච්ඡා සැලසුම් කරන්න. එසේ නොවුවහොත්, පුද්ගලයින් කීපදෙනෙකු හෝ මූලාශ්‍ර කීපයක් මත රැඳී සිටීමේ අවධානමට ඔබට මුහුණදෙන්නට සිදුවනු ඇත. උදාහරණයක් ලෙස ගොවිපළක වැඩකරන පිරිසක් හමුවූ අවස්ථාවකදී සේවකයින් විසින් සේවකයින්ව ගොදුරු කරගන්නා අන්දම ගැන ඔබට දැනගැනීමට ලැබෙන්නට ඇත. කාර්මික අංශයේ ආයතන වල සේවයේ යෙදෙන කම්කරුවන් සේවයෙන් පිටමං කරදමන ආකාරය දැනගන්නට ලැබෙන්නට ඇත. විශාල නගරයක පිහිටා තිබෙන රාජ්‍ය නොවන සංවිධානයක කාර්යාලයකින් මෙවැනි තොරතුරු ලබාගැනීමට ඔබට හැකිවනු ඇත. ඔබේ ගවේෂණාත්මක පුවතට සම්බන්ධ තොරතුරු සොයාගැනීමට හැකි බිම් මට්ටමේ තොරතුරු වල සිට ප්‍රතිපත්තිමය ලිපිගොනු ලබාගත හැකි තැන් සිතියම්ගත කරන්න, මේ තොරතුරු අයවැය සකසන විට ඔබට වැදගත් වනු ඇත. ඔබ සොයාගත් තොරතුරු වලට සමාන සිද්ධි මීට කලින් සිදුවී තිබෙන්නේ කොතැනකද ? එහිදී සිදුවූවේ කුමක්ද ?  යන්න සංසන්දනය කර බලන්න. අදාළ ප්‍රශ්න විමසීමට හා ඔබේ ගවේෂණාත්මක පුවතට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට මෙලෙස පූර්වයෙන් සූදානම් වීම වැදගත් වනු ඇත.

සම්මුඛ පරීක්ෂණයකදී පුද්ගලයින් කතාවට යොමුකරගන්නේ කෙසේද යන්න ගැන මාර්ක් ෂූෆ්ස් හා චෙරිල් ඩබ්ලිව්. තොම්සන් ජොහැනස්බර්හි පැවති Global Investigative Journalism Conference හිදී පැහැදිලි කළ අන්දම.