3. නිල අල්ලන පිරිස් (spin doctors) සමග කටයුතු කරන්නේ කෙසේද ?

3. නිල අල්ලන පිරිස් (spin doctors) සමග කටයුතු කරන්නේ කෙසේද ?


මාධ්‍යවේදීන් හා සමාජයේ ජනප්‍රිය චරිත අතර කෙරෙන අන්තර්ක්‍රියාකාරීත්වයේදී ‘නිල අල්ලන පිරිස්‘ (නිළ මාධ්‍ය ප්‍රකාශකයින් හා මහජන සම්බන්ධතා නිළධාරීන්) සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.  සමහරවිට, ඔවුන් සම්මුඛ පරීක්ෂණයකදී නැත්නම් සමාජයේ එතරම් කතාබහට ලක්නොවෙන නමුත් අවධානයට ලක්විය යුතු මාතෘකා ගණනාවක් ගැන ලැයිස්තුවක් ලබාදෙනු ඇත.

එක්සත් ජනපදයේ Guardian පුවත්පතේ සේවය කළ මාධ්‍යවේදියෙකු වන ඩෙනිස් බාකර්ට බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රකාශකයෙකුගෙන් පහත කරුණු  අසන්නට ලැබුණි. (නම හෙළි කිරීමට අකමැති අයෙකු).

ඔවුන් නිදහසට කරුණු ඔබ සමග පවසනු ඇති අතර ඒවා සත්‍ය වීමට ඉඩ ඇත. ඔවුන් දිගින් දිගටම නිදහසට කරුණු පැවසුවද ඒවාට අභියෝග කිරීමේ ඉඩ ප්‍රස්ථාව ඔබට හිමිය. ඔබට ‘මෙහි ඇත්ත නැත්ත ගැන පවසන්න නොහැකි නම් ඒ ගැන කියන්න පුළුවන් කාටද ?‘ යන්න මෙවැනි අවස්ථාවකදී විමසිය හැකිවේ. නිරතුරුව ඔබේ ප්‍රශ්න වලට ලක්වෙන නිළධාරියාට අදාළ නියෝග ඉහළින් ලැබී තිබෙනවා විය හැකි අතර සමහර තොරතුරු ලබානොදෙනවා විය හැකිය.

වෙනත් වචන වලින් කියනවා නම් ඔවුන්ව ආරක්ෂා කිරීමට ගල් පවුරක් පවතින නිසා මේ පිරිස හුදෙක් සිය වෘත්තියේ නිරතවනවා ඇත. මෙය අදාළ ප්‍රකාශකයාගේ ගැටළුවක් මිසක් ඔබේ ප්‍රශ්නයක් නොවේ. සුවිශේෂී අවස්ථාවලදී හැර ආණ්ඩුව අතිශය වැරදි සහගත කටයුත්තක නිරතවුවද තමන් වැරදි යැයි පවසන විවේචන වලට බඳුන්වීමට සූදානම් නැත. ධනාත්මක පණිවිඩයක් සමග ඝාණාත්මක තොරතුරක්ද ගැබ්කර අදාළ නිළ ප්‍රකාශකයාට සිය ප්‍රකාශය ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන්න, මෙවැනි විටක ඔහු / ඇය විවෘතව අදහස් දක්වනු ඇත.

මාධ්‍යවේදීන් නිරතුරුව සිවිල් සමාජය වැදගත් යැයි සලකන කරුණු ගැන උනන්දුවක් දක්වයි. එවැනි කරුණු ගැන ආණ්ඩුව නොතකයි නම් එය යුක්ති යුක්ත නොවේ. මෙවැනි අවස්ථාවකදී ඔබට ‘මේ ගැන සාකච්ඡා කරන්න බැරි ඇයි ?, මේ කරුණු ගැන ආණ්ඩුව කිසිම සැලකිල්ලක් නොදක්වන්නේ ඇයි ?‘ යනුවෙන් ප්‍රශ්න කළ හැකිය. මාධ්‍යවේදීන් ප්‍රමුඛ කොට සලකන කරුණු ආණ්ඩුවේ ප්‍රමුඛ කරුණු නොවනු ඇත. සමහරවිට, ආණ්ඩුවට විශේෂයෙන් සැලකිලිමත් විය යුතු සුවිශේෂී කරුණු පවතිනු ඇත. ආණ්ඩුවේ නිළ ප්‍රකාශකයින් අපහසුතාවට පත්වන්නේ යම් යම් කරුණු ගැන නිශ්චිතව කරුණු විමසන විටදීය, ඔවුන් මෙවැනි අවස්ථාවකදී සිය රැකියාව රැකවරණයක් කරගනු ඇත. පළපුරුදු මාධ්‍යවේදීන්ට වඩා ආක්‍රමණශීලී, ආධුනික ප්‍රවෘත්ති වාර්තාකරුවන් ඉතා ඉක්මනින් සෑහීමකට පත්කළ හැකිය. මාධ්‍යවේදීන් වැඩිදුර කරුණු සෙවීමට උත්සහ නොදරන බවත් අතිශය සාමාන්‍ය තොරතුරු ඉදිරිපත් කළ විට ඔවුන් සෑහීමකට පත්වෙනු ඇති බවත් නිළ ප්‍රකාශකයින් විශ්වාස කරයි. ‘මෙතැන මුල් පිටුවේ සිරස්තලයකට යොදන්න තරම් දෙයක් නැහැ‘ යනුවෙන් ඔවුන් සිතන විට ඔවුන් ක්‍රමයෙන් අඩු උනන්දුවක් දක්වන්නට පටන්ගන්නා බව ඔබට දැකගත හැකිවනු ඇත. වෙනත් වචන වලින් කිවහොත් ‘නිල අල්ලන අය‘ සතුව පැවතිය යුතු සුවිශේෂී ගුණාංගයක් විය යුත්තේ සංවේදී කරුණු ගැන උනන්දුවෙන් පසුවන වාර්තාකරුවන්ගේ උනන්දුව වෙනතකට යොමු කිරීමට පුවත නොවැදගත් බව පෙන්වීමයි. කරුණු අතිශය නීරස වුවද නව තොරතුරු සොයා යෑමේ නොපසුබට උත්සහයක නියැලෙන මාධ්‍යවේදීන්ට මනා ගවේෂණාත්මක පුවතක් සොයාගත හැකිවනු ඇත.

ඔබ සොයාගෙන තිබෙන තොරතුරු වැරදි බව කිවහොත් එය සත්‍ය බව පිළිනොගන්න. මෙවැනි අවස්ථාවකදී ‘මං වැරදියි නම් සමාවෙන්න‘ යනුවෙන් පැවසීමට සූදානම් වී සිටින්න, ඉන් අනතුරුව ඔබේ තොරතුරු නැවත තහවුරු කරගැනීමට පසුවිපරම් ප්‍රශ්න විමසීමට මනා පර්යේෂණයක නියැලී සොයාගත් කරුණු වලින් සන්නද්ධ වී සිටින්න. ඔවුන් නැවත එකම ප්‍රශ්නය විමසයි නම් ඔබද පෙරළා එයම විමසන්න. නිල අල්ලන සමහර පිරිස් ඔවුන්ගේ ප්‍රශ්නයක් යොමුකර ඔබේ අවධානය වෙනතකට යොමුකිරීමට උත්සහ ගනු ඇත.

‘ඇමතිතුමා විවාහ වෙලා ඉද්දිත් තවම වෙනත් සම්බන්ධයක් පවත්වාගෙන යන බව ඇත්තද ?‘, ‘මාධ්‍යවේදියෝ මේ ගැන මේ තරම්ම හොයන්නේ ඇයි ?,‘මහත්තයෝ කිසිම කෙනෙක් මාධ්‍යවේදියෙකුගේ දැක්මත් සමග එකඟ නොවෙන බව ඔබතුමා දැනගන්න. මං මේ අහන්නේ අපේ පාඨකයින්ට පිළිතුරු අවශ්‍ය ප්‍රශ්නයි. ඇමතිතුමා විවාහකද / අවිවාහක ද අහලා මිටි ගණන් ලියුම් අපිට එනවා ?‘ යනුවෙන් එකම කරුණ ගැන දිගින් දිගටම ඔබට විමසිය හැක.

ඔබේ ප්‍රශ්නයට පිළිතුරු නොලැබුණු බව හැඟී ගියහොත් නොපසුබට උත්සාහයෙන් ඊට පිළිතුරු ලබාගැනීමට උත්සහ ගන්න. ‘මට ඒ උත්තරේ හරියට තේරුණේ නැහැ, තව පාරක් කියන්න පුළුවන්ද ?‘ නැතිනම් ‘ඔබතුමා මගේ ප්‍රශ්නෙට සම්පූර්ණයෙන්ම උත්තර දුන්නු බව මට විශ්වාස නැහැ‘ යනුවෙන් විමසිය හැක. ඔබ විමසූ ප්‍රශ්නයට කිසිදු පිළිතුරක් නොලැබුණු බව පවසන අතිශය විනීත අන්දමින් මෙලෙස විමසිය හැක, ‘ඔබතුමා ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න කැමති නැද්ද ?‘, ‘මේකට පිළිතුරු දෙන්න තියෙන බාධාව මොකක්ද ?, ‘ඕක කිව්වා නම් මොනා වේනද? , ‘මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් කෙනා කවුද ?‘ ආදිය.

අතිශය අසීරු ප්‍රශ්න විමසිය හැකි විවිධ ආකාර ගැන සිතා බලන්න. සමහරවිට අතිශය අසීරු ප්‍රශ්න විමසිය හැකි හොඳම ක්‍රමය එය සෘජුවම ඇසීමයි. නමුත්, ඔබ දක්ෂ ප්‍රකාශකයෙකු සමග කටයුතු කරනවා නම් එවැනි අයෙකුගෙන් මෙවැනි අසීරු ප්‍රශ්නයක් විමසිය හැකි විවිධ ක්‍රම ගැන සොයාගැනීමට හැකිවනු ඇත, සමහර අවස්ථාවල ඔවුන්ට සෘජු ප්‍රශ්න යොමුකරන විට ඒවා ප්‍රතික්ෂේප කර දැමීමට ද ඉඩ ඇත. අසීරු ප්‍රශ්න විමසිය හැකි ආකාර කීපයක් මෙහිදී පෙන්වා දිය හැකිවේ. ‘සමහරවිට, ……. ගැන ගියපු පුවත්පත් වාර්තා කියවන්න ඇති ?‘, ‘මේක බොහොම අප්‍රසන්න කතාවක් බව මං දන්නවා, නමුත් අපේ පාඨකයෝ මේ ගැන ප්‍රශ්න කරනවා‘, ‘මේ කරුණු පෙළගස්වන්න මට උදව් කරන්න‘, ‘විපක්ෂයේ පිරිස් පාර්ලිමේන්තුවේදී ඔබට චෝදනා කළේ‘, ‘මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න කැමතිද ?‘